කොරෝනා උවදුරෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට රට පුරා නොමිලේ හෝමියෝපති ප්‍රතිශක්තිකරන ඖෂධ .

කොරෝනා උවදුරෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමට රට පුරා නොමිලේ හෝමියෝපති ප්‍රතිශක්තිකරන ඖෂධ .

කොරෝන අවදානමට විදේශ රටවල භාවිතා කල හෝමියෝපති බලගතු ඖෂධය දැන් ශ්‍රී ලංකාවේ ජනතාවට ද නොමිලේ ලබා ගැනීමේ අවස්ථාව

පවත්නා නව්‍ය කොරෝනා වෛරසයෙන් බේරීම සඳහා හෝමියෝපති ක්‍රමයට ජනතාවගේ ප්‍රතිශක්තීකරණ හැකියාව වර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකා හෝමියෝපති වෛද්‍ය සභාව හා වෛද්‍ය බුද්ධික විට්ටහච්චි පදනම එක්වයි මෙය ආරම්භ කර ඇත්තේ . ඒ අනුව හෝමියෝපති ප්‍රතිශක්තීකරණ ඖෂධ .ලබා දීම මේ වන විටත් ආරම්භ කර අවසන්.

අත්තනගල්ල ප්‍රාදේශීය කොට්ඨාසයේ 4000 ක පමණ පිරිසකට මෙම හෝමියෝපති ප්‍රතිශක්තිකරන ඖෂධ නොමිලේ ලබා දී තිබෙනවා .එම කටයුතු සිදු කෙරුනේ රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් . බොහෝ රටවල ජනතාවට මෙම ඖෂධ .ලබාදීමෙන් ඔවුන් කොරෝනා වෛරසයට ගොදුරු වීමෙන් වලක්වා ගැනීමට හැකි වී තිබෙනවා . කිසිඳු අතුරු ආබාධයක් ඇති නොවන මෙම හෝමියෝපති ප්‍රතිශක්තිකරන ඖෂධ ඕනෑම වයස් සීමාවක අයට ලබා දිය හැකියි

. ප්‍රතිශක්තිකරන ඖෂධ අවශ්‍ය කරන අය වෛද්‍ය බුද්ධික විට්ටහච්චි පදනම අමතන ලෙසයි ශ්‍රි ලංකා හෝමියෝපති වෛද්‍ය සභාවෙි උප සභාපති හා එම පදනමේ සභාපති වෛද්‍ය බුද්ධික විට්ටහච්චි මහතා දැනුම් දෙන්නේ .

මේ සම්බන්ධව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් හෝමියෝපති වෛද්‍ය සභාවේ උප සභාපති බුද්ධික විට්ටහච්චි මහතාගේ මූලිකත්වයෙන් සිදු වුණා

වෛද්‍ය බුද්ධික විට්ටහච්චි මහතා පෙන්වා දුන්නේ අද මෙම හෝමියෝපති ඖෂධය භාවිතා කරමින් ලෝකයේ රටවල් ගණනාවක්ම සිය ප්‍රතිශක්තිකරණ ශක්තිය වැඩි කර ගැනීමෙන් කොරෝනා අවදානමට සාර්ථකව මුහුණ දී ඇති බවයි. මෙය ශ්‍රී ලාංකික ජනතාවට ද මේ වන විට හඳුන්වා දෙමින් සිටින බවත් හෝමියෝපති වෛද්‍ය සභාව හා බුද්ධික විට්ටහච්චි පදනම හරහා කොරෝනා අවදානම් පවතින ප්‍රදේශ වල ජනතාවට මෙන්ම එය භාවිතා කිරීමට කැමැත්තක් දක්වන අයට නොමිලේ ලබාදීමට සූදානම් බව ද වැඩිදුරටත් ඔහු ප්‍රකාශ කළා.

077-7316323 දුරකථන අංකය ඔස්සේ අවශ්‍ය තොරතුරු ලබාගත හැක.

Homeopathy medicine for covid-19

සමිපුර්ණ විඩියෝව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *