බාලවසස්කාර පෙම්වතිය ඝාතනය කල කපටි පෙම්වතා වසර දෙකකට පසු කොටුකරගත් හැටි

සැඟව සිටි අභිරහස් ඝාතකයා සොයා ගිය ගමන

දෙදෙනාම එකට මැරෙමු කියා වේදනා නාෂක පොවා බාලවසස්කාර පෙම්වතිය සිහිනැති කරවා වැටකෙයා ගසක එල්ලා ඝාතනය කල කපටි පෙම්වතා පොලිසියට වසර දෙකකට පසු කොටුකරගත් හැටි අගනේය.

අභිරහස් ඝාතකයා සොයා ගිය ගමන සත්තකින්ම බිහිසුනය. පොලිසියට ගල් මුල් ගසනා කාලයේ පොලිසියට මල් තියා වදින්නට හැකි වු මේ කතාව දක්ෂ පොලිස් නිලධාරින් කිහිපදෙනෙකුගේ ඇස නොගැටෙන්නට කාලයේ වැලි තාලාවෙන් මෙම අභිරස් ඝාතනය යටයන්නට වැසී යන්නට තිබිනි. නමුත්  ගාල්ල මුලස්ථාන පොලිසියේ නිලධාරිහු මෙම අභිරහස් ලෙස මරා දමා එය සියදිවි හානිකරගත් මරනයක් බවට පත් කර ඝාතකයා සැඟව සිටියේ ය. තම ආදර වන්තියට මේ සහගහන අපරාධයා කර සැඟව සිට ඝාතකයා සොයා පොලිස් නිලධාරිහු දැවැන්ත මෙහෙයුමක් දියත් කරන්නේය. මේ ඒ කතාන්දරයයි.

ගාල්ල  පොලිස්ථානයේ අපරාධ අංශයේ ස්ථානාධිපති වශයෙන් කල් සේවය කරමින් සිට කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස  පොලිස් පරික්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා මහතා  පත්කලේ  මිට මාසයකට පමණ ඉහතදිය.

දුරකථන විශ්ලේෂණ  අනුව අපරාධකරුවන් හමායාමට මනා දක්ෂ පලපුද්දක් ඇති හෙතම ගාල්ල පොලිස් බල ප්‍රදේශයේ මේ ආන්දෝලාත්මක කතාව සිදු වන්නේද මෙතුමා අපරාධ අංශයේ ස්ථානාධිපති වශයෙන් සිටි කාලයේමය. කලක් මෙම අපරාධය යටගොස් නැවත ස්මතු වන්නේ හෙතෙම ගාල්ල කොට්ඨාස අපරාධ අංශයේ ස්ථානාධිපති වශයෙන් පත්විමෙන් අනතුරුවයි. මේ විමර්ශන සදහා හොදම දක්ෂයා ලෙස ගාල්ල කොට්ඨාස භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි තුමා  තෝරා ගනු ලබන්න්නේ ඔහුගෙන් ලද දක්ෂතා  සැලකිල්ලට ගනිමිනි.

හරියටම මිට වසරකුත් මාස 10කට පමණ ගාල්ල,දඩල්ල  මුහුදු වෙරළට ගිය  පුද්ගලයෙක් කාන්තාවක් වැටකෙයියා ගසක ගෙළ වැලලා සිටිනු දැක නිර්නාමික දුරකතන ඇමතුමක් මගින් ගාල්ල පොලිස්ථානයට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව ගාල්ල පොලිසිය පරික්ෂණ ඇරඹුවද කිසිදු සාක්ෂික්  එම ස්ථානයේ නොසිටින ලෙස ඝාතකයා සුක්ෂම ආකාරයට ඝාතනය සැලසුම්කර තිබුණි. මෙම 13 හැවිරිදි බාලවයස්කාර දැරියක් අභිරහස් ලෙස මියගොස් තිබුණේ ගාල්ල දඩැල්ල කනත්ත ඉදිරිපිට  වැටකෙයියා ගසක එල්ලෙමින් තිබියදිය.  එවැනි අභිරහස් මරණයක විමර්ශන බහා තිබියදි විමර්ශන නැවත ආරම්භ කිරිමට සිතු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරයා පොලිස් පරික්ෂකවරයා තම කාර්යාලයට ගෙනවා මෙසේ පැවසිය.

දිනේෂ් මෙම පාසල් දැරියගේ අභිරහස් මරණය තවමත් නොවිසිදුණු අපරාධයක් බවට පත්වෙලා තියෙනවා.මේ ගැන නැවත විමර්ශණයක් කිරිමට අවශ්‍යයි දිනේෂ්ට කරන්න පුලුවන්ද කියා විමසා ඇත. පොලිස් පරික්ෂකවරයා අභියෝගය භාරගත්තේ රට කොරොනා වසන්ගතයෙන් වසාගෙන සිටින අවදියකයි.

කල නොහැක්කක් නොමැත පොලිස් පරික්ෂකවරයා  දැරියගේ අභිරහස් මරණයට අදාල පරණ විමර්ශන ලිපිගොණුව  අකුරක් නැර නැවත කියෙව්වේය. මියගිය දැරිය ගොඩකවෙල පල්ලේ, බැද්ද ඔඹරගල  ප්‍රදේශයේ පදිංචිකාරියකි. ඒ කාලයේ දි මෙකි දැරියගේ අභිරහස් මරණය පිළිබද විවිධ කට කථා පැතිරි ගියේ  ඇය සියදිවි හානි කරගන්නට ඇති බවට ඇතමුන් පවසමින්ය.

තවත් සමහරු ඇය ඝාතනය කොට  වැටකෙයියා ගසේ එල්ලා දමන්නට ඇති බවටද කිවේය. මෙකි බාලවයස්කාර දැරියගේ අභිරහස්  මරණය  අවුරුද්දකුත් මාස දහයක්  යනතෙක් නිසොල්මණේ  වැසි ගොස් තිබුණේය.සත්තකින්ම මෙය අභිරහස් මරණයක් නොව අභිරහස් ඝා‍තනයක් බව පොලිසියට ඉව වැටී තිබිණි. සිදු කළ යුත්තේ කුමක්ද පොලිසිය වහාම පියවර ගත්හ.

ඝාතනයට ලක් වු තුරුණිගේ අක්කා පොලිසියට එනවා. ඇවිත් මේ සමබ්නධයෙන් පැමිණිල්ලක් දමනවා. අපි ඒ අනුව තමයි මේ කතාවේ යම් අභිරහසක් තියනවා කියා ‍පොලිස් නිලධාරින්ට වැටහී ගියේ ය.

මේ සියදිවි හානි කර ගත් බව කියන තරුණියගේ අක්කා තමයි මේ ආකාරයට ඇවිත් අපිට පැමිනි සිදු කනරන්නේ.මගේ නංගි ගෙදරින් ගියාට පස්සේ කලින් භාවිතා කළ දුරකතන අංකයෙන් නොවෙයි අපට කතා කර තියෙන්නේ.වෙනත් දුරකතන අංකයකින් තමයි ඇමතුමක් අරගෙන තියෙන්නේ.දුරකතන අංක දෙකනිම් තම සහෝදරියට මිය යන්නට පෙර දිනවල දී ඇමතුම් කිහිපයක්ම මේ ඝාතනයට ලක්වු තරුණිය ගෙන ඇත. අපි ඒ කට උත්තරය අනුව අදාළ දුරකතන අංක පරික්ෂා කරන්න පියවර ගත්තා.මේ අනුව පරික්ෂණ පවත්වන්නට පොලිස් නිලධාරිහු ක්‍රියා කළේය. ඒ අනුව සියදිවි හානිකර ගත් තරුණියගේ සහෝදරිය පවසන තෙරතුරු හා දුරකතන අංකවල තොරතුරු නිවැරදිව ගැලපෙන බව පොලිසිය සොයා ගන්නේ මේ අභිරහස් ඝාතනයේ සුලමුල සොයන්නට යන ගමනේ පළමු පියවර වශයෙනි.

අක්කාගේ දුරකතනයට ගත්තා වු බව කියන දුරකතන ඇමතිම් කිහිපයම පරික්ෂා කරද් දී ඝාතනයට ලක්වු තරුණිය මේ දුරකතන සිම් පත් ලබාගෙන ඇත්තේ ගොඩකවෙල ප්‍රදේශයේ කුඩ යට දුරකතන සිම් පත් අලෙව්කරන ස්ථානයකින් බැව් පොලිසිය සොයා ගන්නට හැකිවේ.

නංගි ගෙදරන් හොර රහසේ ගියේ තම අක්කාගේ හැදුනුම් පතද අරගෙනයි. ඇය එයට හේතු වුයේ අක්කාද නංගිද එකම පෙනුමක් ඇති නිසා බාල වයසේ සිටිය නංගිට අක්කාගේ ජාතික හැදුනුම්පත මහත් උපකාරයක් වූවාය.ඇය පාසල් වියේ පසුවුවද අක්කාගේ හැදුනුම් පත නිසා ඇයට රිසි සේ තම කටයුතු කරගෙන යන්නට හැකි වූවාය.

මෙම තරුණිය කලින් භාවිතා කළ පෝන් එකටම තමයි අර අලුතින් ලබාගත් සිම් පත දමා ගත්තේය. ඇයට හුරු පුරුදු දුරකථනය නිසා ඇය එයට බෙහෙවින්ම ආසා කළාය.

ගෙදරින් හොර රහසේ පැන යන මේ තරුණිය පැනගිය දිනයේ 10 30 ට පමණ දුර කතන ඇමතුමක් ලබා ගත්තාය. එය රත්නුපර තුරුවානා කැටිය ප්‍ර දේශයේ දීය. එම දුරකතන අංකයෙන් ලබා ගත් දුර කතන ඇමතුම් අසල් තිබු දුරකතන හුමමාරු කුළුනේ සටහන්ව තිබිනි. ඒ දත්ත පද්ධතිය තුළ තොරතුරු වලින් සනාත කර ගන්නට පොලිස් නිලධාරින්ට හැකි වුහ.  පසුදිනද දුරකතන ඇමතුම් රැසක් ගෙන තිබු අතර ඒ සියල්ලම තිරුවානා කිටිය රන්නපුර දුරකතන කුළුනේ සංඥා පද්ධතියේ සටහන්ව තිබිණි. මේ අය ‍ගෙදරින් පැනගොස්  සිටින්නේ රන්නපුර තිරුවානාකැටිය ප්‍රදේශයේ ඇය සිටිය බැව් පොලිසිය මේ අනුව තහහුරු කර ගනී.

ඉන් පසුව සිදුවන්නේ කුමක්ද මේ තරුණියගේ දුරකතනය ක්‍රියා විරහිතවෙයි. ඉන් පසුව පොලිසියට කිසිවක් සොයා ගත හැකි වුයේ ද යන්න ප්‍රශ්ණයකි. මේ පොලිසියද වෙනදාට වඩා තාක්ෂනයෙන් ඉදිරියෙන් සිටින නිසා අක්‍රියවු දුරකතනයේ තොරතුරු විදුලි සංදේශන කාර්යාංශය හරහා ගන්නේ මේ අතරයි.මේ අනුව අඟට 421 දරණ අංක සහිතව ඇමතුමක් තුරුණියගේ දුරකථනය හා සම්බන්ධ වි තිබේ මේ දුරකතන අංකය සහිත පුද්ගලයා ද එවකට සිට ඇත්තේ රන්තපුර තිරුවානාකැටිය ප්‍රදේශයේ ය. ඒ බැව්ද තහවුරු වන්නේ අදාළ දුරකතන ශංඥා පද්ධතියේ අඩංගු තොරතුරු අනුවයි.මේ තොරතුරු අනුව තරුණයා හා තරුණිය එකම ස්ථානයක  දී  රැදි සිටිය බවත් එකම ස්ථානයකදි දුරකතන ඇමතුම් ලබාගැනීම හා ඒකි තොරතුරු මත මේ තරුණයා හා අදාළ තරුනයා මේ ප්‍රදේශයේ ලැගුම් හළක ලැගුම් ගෙන සිටිය බවට තොරතුරු  සොයා ගන්නට පොලිසිට හැකි විය.රෑ දුරකතන ක්‍රියා විරහිත කොට යළිත් ‍පසුදින පෙරවරුවේ දී දුරකතන ඇමතුම් කිහිපයක්ම  ගෙන ඇති අතර ඒ දුර කතන අංක අනුව පැහැදිලි වුයේ දෙදෙනාම එක්ම ස්ථානයක රැදි සිටන බවට මේ අනුව පොලිසිය සොයා ගත්තේය.

මින් අනතුරුව තරුණියගේ සිම්පත් ක්‍රියා විරහිතවන අතර මේ තරුණයාගේ දුරකතනය ක්‍රියාත්මකව පවතින අතර කොස්ගම කොළඹ හරහා මොරටුව හරහා මොවුන් පැමින ඇති බැව් දුරකතන සංඥා මගින් තහවුරු වු යේ ය.මේ අනුව මොවුන් මොරටුව දක්වා පැමිණ ඇති බව තහවුරු විය.

ඉන් අනුතරුව මේ තරුණියගේ මළ සිරුර හමුවන්නේ 2018.10.02 වන දිනයේ දීය.පොලිසිය මේ සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කරන අතරේ පෙර කි දුකතන අංකය පසු පස ගමන් කරමින් සියලුම තොරතුරු ලබා ගන්නා බැව් කිසිවෙකු දැන සිටියේ නැත.

අපරාධකරුවා සිතන් සිටින්නට ඇත්තේ තමා මහා මිනිස් ඝාතනයක් සිදු කර යහතින් සිටිනා බවයි.නමුත්,පොලිසිය උපාය ධූතයන් යොදවමින් අදාළ තුරුණයා සොයා මෙහෙයුමක් ද මේවන විටත් දියත්කර තිබු බව අදාළ තරුණයා දැන සිටියේ නැත. ඝාතකයා නිදහසේ සතුටින් ගත කලේද ඔහුට සිදුවන්නේ කුමක්ද එය ද පුදුම කතාන්දරයකි. මේ කතාන්දරය තවත් ඉසව්වකට මායිමකට රැගෙන යන්නේද මින් පසුවයි.

මේ අනුව 2018 .10 . 01 වන දින එම දුරකතන සිම් පත භාවිතා කර ඇත්තේ ගාල්ල දඩල්ල ප්‍රදේශයේ ය.මේ ආකාරයට ගෙදරින් පැනගොස් සිටිය මේ අදාළ තරුණියගේ ගෙලවැලලාගත් මෘත දේහයද හමුවන්නේ ගාල්ල, දඩල්ල මෙම සිම්පත භාවිතා කල ප්‍රදේශයේම වීම පොලිසියට තහවුරු විය.ආරක්ෂක නිලධාරිහු මේ සම්බන්ධයෙන් තවදුරටත් උකුසු ඇස් මෙන් ආරක්ෂක දැළ එළමින් ඝාතකයා ආසන්නයටම ලං වෙමින් සිටියේ ය.

තරුණිය ඝාතනය කල තරුණ පෙම්වතාගේ සිම්පතද වෙනත් අයකුගේ නමින් ගෙන ඇති ඝාතනය සිදු කළ පෙම්වතා ඉන් පසුව මෙතෙක් කල් බාවිතා කළ දුරකතන සිම්පත ඉවත් කර 2018.10.13 වන දින වෙනත් දුරකතන සිම් පතක් ලබාගෙන රිසි සේ කටයුතු කරන්නට පියවර ගෙන තිබිණි.       

මේ ආකාරයට, පැරණි විමර්ශන ලිපිගොනු  එකින් එක අධ්‍යයනය කිරිමෙන් පසු පොලිස් පරික්ෂක  දිනේෂ් නිශාන්ත ද සිල්වා  මෙකි දැරියගේ මව සහ සහෝදරියට  පොලිසියට  එන ලෙස දැනුම්දෙනු ලබන්නේ ඉන් පසුවයි. පොලිසියේ කැදවිමට ගාල්ල පොලිසියට පැමිණි  ඇගේ වැඩිමහල් සහෝදරියගෙන්  දැරිය ගැන තොරතුරු විමසා බලන්නේ ඉන් අනතුරුවයි.

……. සර් නංගි ගෙදරින් ගියාට පස්සේ මට පස්වතාවක් විතර ඇයගේ ජංගම දුරකථනයෙන් කථා කළා….අවසාන වතාවට මම හොදින් ඉන්නවා බය වෙන්න එපා කිලත් නංගි කිවා යැයි දැරියගේ සහෝදරිය කිවේය. ඒ අනුව  පොලිස් පරික්ෂකවරයා  බාලවයස්කාර දැරිය විසින්   තම සහෝදරියට කථා කළ  දුරකථන අංකය ලබා ගනිමින් ඒ ඔස්සේ  පරික්ෂන කටයුතු ආරම්භ කරණු ලැබිය. 

පොලිස් පරික්ෂකවරයා දුරකථන   විශ්ලේෂණ වාර්තා ලබාගෙන  මේ ගැන  දිර්ඝ විමර්ශනයක් කරණු ලැබුවේ තම පල පුරුද්ද හා අත්දැතිම් උපයෝගි කර ගනිමින්  දුරකථන විශ්ලේෂණ වාර්තා මගින් දැරියගෙන් ඇයගේ සහෝදරියට දුරකථන  ඇමතුම් ලැබි ඇති බව තහවුරුකරගත්තේය. ඉන්පසුව කළ විමර්ශනයකින් පසු  බාලවයස්කාර දැරිය  සමග සම්බන්දතා පැවැත්වු තරුණයකු පිළිබද හෝඩුවාක්  පොලිසියට ලැබි තිබුණි.

මෙයට පෙර සඳහන් කල පරිදි දැරිය අභිරහස් ලෙස මිය යාමට පෙර  මෙකි තරුණයා දැරිය  සමඟ කතා කළ  දුරකථන අංකය හා දැරිය මිය යාමෙන් පසු  තරුණයා විසින් භාවිතා කළ අංකය ද පොලිසිය විසින් සොයා ගනු ලැබිය. තරුණයාගේ ජාතික හැදුනුම්පත උපයෝගිකරගෙන  ඔහු බාලවයස්කාර දැරිය මිය යාමෙන් පසු එය වෙනස්කර නව සිම්කාඩ් පතක් ලබාගෙන තිබුණි.එම සිම්පතද පරණ සිම්පතද භාවිතා කරමින් ඝාතකයා ලබාලෙන තිබු දුරකතන අංක සමඟ සැසැදීමේ දී සමානතාවයක් තිබිණි. ලද එය පොලිසියට හොද හෝඩුවාවක් විය.

මේ අනුව,පොලිස් පරික්ෂක දිනේෂ් ඇතුළු නිලධාරින්  දිගින් දිගටම දුරකථන සමාගම් මගින් ලබාගත් දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන කටයුතු නොනවත්වනු ලදි. 2018.09.28 වැනි දින තිරුවානාකැටිය සංඥ කුළුණ හරහා  බාලවයස්කාර දැරිය හා තරුණයා තම ජංගම දුරකථන වලින් කතාකොට ඇති බව අනාවරණය  කරගැනිමට පොලිසියට හැකිවිය.

පසුදිනද දුරකථන වාර්තා අධ්‍යයනකොට බැලිමේ දි  තිරුවානකැටිය දුරකථන කුළුණ  මොවුන්ගේ  සිම්කාඩ්පත්වල සදහන්ව  තිබුණි. ඒ අනුව මොවුන් දෙදෙනා එදින එක් ස්ථානයක සිට  ඇති බව පොලිසිය විසින් කරුණු අනාවරණය කරගත්තේය. මෙකි දැරියගේ මළ සිරුර හමුවන්නේ 2018.10.02 වැනි දිනය.  තරුණයාගේ දුරකථන වාර්තා අනුව 01 වැනි දින තරුණයා ලබාගත් දුරකතන ඇමතුම් අනුව  දුරකතන ඇමත් ලබාගෙන ඇති දිශාව ලෙස “ටවර් ලොකේෂන්”  ලෙස දඩැල්ල ප්‍රදේශයේ දුරකතන කුළුණක් සටහන්ව තිබිණි. බාලවයස්කාර දැරිය මිය ගොස් සිටියේද දඩැල්ල ප්‍රදේශයේ දිය. දැරිය මියයාමෙන් පසු ඝාතකයා  සිය ජංගම දුරකතනයට අලුතින්  සිම්කාඩ් පතක්  දමාගෙන ඇති බවට පොලිසිය විසින් කළ විමර්ශනයේ දි අනාවරණය කරගෙන ඇත.

ගාල්ල කොට්ඨාසභාර  ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිණිගේ මහතාගේ උපදෙස් මත පො.කො 78828 ගිතප්‍රිය  හා පො.කො 84371 ප්‍රියබන්දු යන පොලිස් නිලධාරින් දෙදෙනා මෙකි තරුණයා පිළිබද තොරතුරු සෙවිම සදහා රත්තපුර ප්‍රදේශයට පිටත්කර යැවිමට කටයුතු කරනු ලබන්නේ ඉන් අනතුරුවයි.මෙකි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා  රත්නපුර ප්‍රදේශයට ගොස් ඉතා රහසිගතව මෙකි තරුණයා ආගිය තැන් ලිපිනයන් පිළිබද තොරතුරු සෙවිමට කටයුතු කරණු ලැබිය.වැඩිදිනක් ගතවිමට මත්තෙන්  මෙකි තරුණයා පිළිබද සියලු තොරතුරු  හා ඔහු පදිංචි නිවස සොයා ගැනිමට පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාට හැකිවිය. ඒ අතරේ පොලිස් පරික්ෂකවරයාට සතුටුදායක ඇමතුමක් ලැබුණා. සර්  මෑන් ඉන්න තැන ඔහුගේ සියලු තොරතුරු සොයාගත්තා පොලිස් කොස්තාපවල්වරුන් දෙදෙනා දිනේෂ් දිනෙෂ් සිල්වා මහතාට කිහ.

ඒ අනුව ක්‍රියාත්මක වු පොලිස් පරික්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා උ.පො. ප සම්පත්,පො.කො 70704 අමර්කිරති,පො.කො 73009 අරුණ  හා  සිරිවර්ධන  යන නිලධාරින්  සමඟ රත්නපුරය බලා පිටත්ව ගියේ තම දුතයන් දෙදෙනා හමුවිමටයි. ඔවුන් හමුවිමෙන් පසුව  පොලිස් පරික්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් කිරිඇල්ල ප්‍රදේශයේ පිහිටි  තරුණයාගේ නිවසට ගියහ.

එම නිවස දෙමහල් නිවසකි. යට තට්ටුවේ සිල්ලර කඩයක් පවත්වාගෙන යමින් තිබුණි.පොලිස් පරික්ෂක දිනේෂ් නිශාන්ත ද සිල්වා මහතා විසින් පරික්ෂණවල දී අනාවරණය කරගත් දුරකතන අංකයට ඇමතුමක් ගත්තේය. නිවසේ සිටි තරුණයකුගේ අතේ තිබු ජංගම දුරකතනය නාදවන්නට විය.  තරුණයා අත තිබු ජංගම දුරකතනයේ විස්තර විමර්ශනවල දී අනාවරණය කරගත් තොරතුරුවලට සමානවිය.මෙහි දී තරුණයාගේ නම විමසූ විට එය ජාතික හැදුනුම්පතේ  සඳහන්ව තිබු නම විය.

තරුණයාගේ පෙනුම වෙනස් වි තිබුණි. ඔහුගේ හිසේ සහ මුහුණේ වෙනසක් දක්නට ලැබුණි. සර් මෙයා රිය අනතුරකට ලක්වෙලා ගොඩක් කල් එක්තැන් වෙලා හිටියා. මොලයට ශල්‍යකර්මයක් කළා .  පුතා කෙට්ටුවට හිටියේ  අනතුරෙන් පසු ගොඩක් මහත්වුනා තරුණයාගේ මව පොලිස් පරික්ෂකවරයාට එසේ කිවාය.

ඉන්පසු  තරුණයා පොලිස් අත්අඩංගුවට පත්විය.හේ 22 හැවිරිදිවියේ පසුවන තරුණයෙකි. ඉන්පසු තරුණයා පොලිසිය ඉදිරියේ සියල්ල පාපොච්චාරණය කළේය.ඉන්පසු බාලවයස්කාර දැරියගේ අභිරහස් ඝාතනයේ තොරතුරු අනාවරණය වන්නේ මේ අයුරිනි.

බාල වයස්කාර දැරිය සුනේත්‍රා විරසිංහය. පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සැකකාර තරුණයා රත්නපුර රෝහලේ ආරක්ෂකයකු ලෙස සේවය කරමින් සිටියේය. එක් දිනක් සුනෙත්‍රා රත්නපුර රෝහලට පැමිණියාය.  රෝහලේ දී තරුණයා  සුනේත්‍රා දැන හැදින ගනු ලැබිය. ඔහු සුනෙත්‍රාට සිය ජංගම දුරකථන අංකය  ලබා දුන්නේය. නිවසට ගිය සුනේත්‍රා ඇයගේ ජංගම දුරකථනය සඳහා  අලුතෙන් සිම්කාඩ් පතක් දමා තරුණයාට දුරකථන ඇමතුමක් ගත්තාය.

ඒ 2018.09.28 වැනිදිනය. අයියේ  ඕයා  අද  මාව  හමුවෙන්න එන්න සුනේත්‍රා කිවාය. රත්නපුරයේ දි  දෙදෙනා හමුවිය. පසුව දෙදෙනා තිරුවානා කැටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක් වෙත ගියහ.එදින රාත්‍රි මොවුන් දෙදෙනා එම හෝටලයේ  දි  අඹු සැමියන් ලෙස ගතකරණු  ලැබිය. සුනේත්‍රා බාලවයස්කාර දැරියක් වු නිසා ඇය සිය සහෝදරියගේ ජාතික හැදුනුම්පත රැගෙන විත් තිබුණි. හෝටලයේ නතරවිම සඳහා ඉදිරිපත් කොට තිබුණේ එම සහෝදරියගේ ජාතික හැදුනුම්පතය.

මොවුන් දෙදෙනා  මෙසේ පැමිණිය ද  මොවුන්ට කිසිදු අරමුණක්  හෝ කිසිදු බලාපෙරොත්තුවක් නොවිය. ජිවත්විම සඳහා මුදල් පවා මොවුන් දෙදෙනා සතුව නොතිබුණි. අපි මෙහෙම කරමු. මගේ කරාබු ජෝඩු 02කයි මුද්දයි උගස් කරලා කියක් හරිගමු  සුනේත්‍රා කිවාය.

ඒ අනව මොවුන් දෙදෙනා රත්නපුර නගරයේ පිහිටි උගස් මධ්‍යස්ථානයකට ගොස්  කරාබු ජෝඩුව හා මුද්ද උගස්කොට රුපියල් 11000 ක මුදලක්  ලබා ගනු ලැබිය. ඉන්පසු තරුණයා මෙකි දැරිය සමඟ රත්නපුරයේ සිට කොස්ගම හරහා මොරටුව කදවලට පැමිණියහ. එම ප්‍රදේශයේ පුද්ගලයකුගෙන් මොහු කාමරයක් කුළියට ගෙන දැරිය සමඟ  එහි දින දෙකක් ගත කරණු ලැබිය.කාමර කුලි වශයෙන්  එහි හිමිකරුට රුපියල් 6000ක මුදලක් ලබා දුන්නේය.

පසුව මොවුන් දෙදෙනා බස් රථයක නැගි ගාල්ල මහ මෝදර රෝහල වෙත පැමිණියහ. ඔයාගේ වයස අඩුනිසා කසා ද බදින්නත් බැහැ අපි මොකද කරන්නේ තරුණයා ඇසුවේය. මට නම්  ආපසු ගෙදර යන්න  බැහැ තාත්තා ගහවි  සුනේත්‍රා කිවාය.  කරන්න තියෙන එකම විසදුම තමයි එහෙනම්  දෙන්නාම එකට මැරෙන එක  තරුණයා කිවේය. 

සුන්‍රෙතාද ඒ සදහා එකගතාවය පළකරණු ලැබිය. පසුව තරුණයා මහමෝදර ප්‍රදේශයේ වෙළදසැල් කිහිපයකට ගොස්  වේදනා නාෂක  12 කාඩ්පත් 05ක්  මිලදි ගත්තේය. වතුර බෝතලයක් ගෙන එය භාගයක් හිස්කොට එම වේදනා නාෂක පෙති කුඩුකර බෝතලයකට දැමිමට තරුණයා කටයුතු කළේය.සුනේත්‍රා අත  තිබු  ප්ලාස්ටික් බොතලය කපා   ඉන් කොප්පයක්  සදාගෙන මිශ්‍රකරණු ලැබු වේදනා නාෂක පෙති මිශ්‍රණය  එයට දමා   දෙදෙනාම එවා පානය කරණු ලැබිය. කපටි ඝාතකයා වේදනා නාෂක මිශ්‍ර  වතුර  පානය කරණු ලැබුවේ ඉතා අඩුවෙනි. ටික වෙලාවකින්   සුනේත්‍රා සිහිසුන්ය ඇද වැටුණාය. පසුව තරුණයා සුනේත්‍රාගේ බැගයේ තිබු  සායක් ඉරා රෙදි පටියක්  සාදා  තොණ්ඩුවක් දමා වැටකෙයියා ගසක ගැට ගැසුවේය. ඉන්පසු මොහු සුනේත්‍රා ඔසවාගෙන වැටකෙයියා ගස මතට නැගිමට යාමේ දි පය ලිස්සා බිම ඇදවැටුණේය. දෙවැනි වතාවට තරුණයා විසින් සුනේත්‍රා කරමත තබාගෙන වැටකෙයියා ගසට නැඟ  ඇය තොණ්ඩුවට  දමා තල්ලු කිරිමට කටයුතු කළේය.

ඉන්පසු තරුණයා විසින් දැරියගේ දෙපා බිම වැදෙන නිසා    එසේ නොවන අයුරින්  පස් ඉවත්  කිරිමට කටයුතු කරණු ලැබිය. පසුව තරුණයා කොළඹ බලා යන බසයක නැගි රත්නපුරය බලා පිටත්ව ගියේය.පසුව මොහු  අප්‍රේල්  මසයේ නිවාඩුවට ගමට ගොස් සිටියදි යතුරු පැදියක යමින් සිටියදි අනතුරකට ලක්ව හිසට බරපතල තුවාල  ලැබිය. හිසට කරණු ලැබු ශල්‍යකර්මයකින් පසු මොහුගේ පෙනුම සම්පුරණයෙන්ම වෙනස් වි ඇත්තේය.

බාලවයස්කාර දැරියක්  නිත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කිරිම හා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරිම සම්බන්දව සැකකාර තරුණයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු  මෙම මස 2020.07.28 වැනි දින  දක්වා රක්ෂිත  බන්ධනාගාරගත කරණු ලැබිය.

මේ ප්‍රේම කතාන්දරය එසේ හමාර වුයේ ය. හසිදි මේ හමුව අවසානයේ සැලසුම් සහගත ඝාතයක් දක්වා ගමන් කළේය.මේ කතාන්දරය අසන දකින කියවන කාට කාටත් මේය පාඩමක් වනු ඇත. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *