දකුණේ බල අරගලයේ ආසන කීයද? මනාප කීයද? // තිතට කේලම

දකුණු මැතිවරණ සටන උනුසුම් වෙයි, පන්දම් විලක්කු සමඟ කට්ඩලියෝද, මැජික් කාරයෝද  මැතිවරණ මනාපයට දෙහි දෙඩං කුරහන් කපයි!බලය ජනතාව අත බල සටනේ අවසන් වාර්තා මෙන්න දකුණේ අලි කුලප්පු වෙයි ගීතා යකා නටයි පොහොට්ටුව පෙරමුණේ දුරකථනය පසුපසින් මාලිමාව නිහඩ විපලවයක

@ සර් බොමුද සීතල වතුර වීදුරුවක්…..කිතුල් රා පොල් කටුවක්…..මං දන්නේනෑ බං….. ගෝඨාභය සර් හා මහින්ද සර් රටපුරා යන ගමනේ කියන කතා..දන්නවාද

@ මචෝ…බ්‍රෝ…නිල ජන්ද ප්‍රතිපලය මානප ජන්ද එක්කම අපි කියන්නම් ABC මාධ්‍ය වෙබ් ජාලය ඔස්සේ… හරියෑ…..

@ මන්තර වශි හදි හූනියම් මැදමුලන පැත්තේ යාගහෝම ගුරුකම් ගුරුන්නාසේ..ආයුබෝ වේවා මහ රාජනෙනි!!!

@ මචං… බ්‍රෝ… තාරක නානායක්කාරට ගේමක් නෑ.සජිත්ගේ සහයෝගය තාරකට වැඩියි. තාරක දිනයි!ගාල්ලේ පත්තර කාරයෝ කියයි!

@ මහින්දට 113 මන්ත්‍රි ආසන ගන්න බෑ. 140 ක්ම ගන්නවා. දකුණු ආණ්ඩුකාර දොඩයි…

@ ගාල්ලේ පොහොට්ටුවේ ගීතා සමන්මලී කුමාරසිංහ දික්කුඹුරේ දී යළිත් යකා නටයි!

@ දිනුවත් ඇමති පරාද වුනත් ඇමති වජිර අබේවර්ධන රචනාව ලියයි!

@ මාතර ගිය ජනපති නිපුන පුතාගේ අඩවිය ද ඕපන් කරාය කියන්නේ

@ චන්දිම වීරක්කොඩිගේ රැස්විම්වලට මහ සෙනඟක්

@ සජිත්ගේ ගාල්ලේ පෝන් කාරයන්ගෙන් දිනන හතර දෙනා මෙන්න.තාරක නානායක්කාර,ගයන්ත,බන්දුලාල්,පියසේන ගමගේ …..

@ මහින්ද රාජපක්ෂ ලඟට පනින්න වජිර බලා සිටිනවා ගයන්ත කරුණාතිලක කියයි!මේකා ඒකා ඩීල් කාරයා..

@ ගාල්ලේ මනුෂ නානායක්කාරට  කලා පත්තරයක් ! වැරදුනා බං!!! කැලෑ පත්තරයක් ඈපෑපෙන් එවයි.!

@ ඇත්ත මිනිසුන්ට මාලිමාවට දකුණු පළාතෙන්ම තුනයි හරියෑ…

@ අලියා දකුණු පළාතෙන්ම හැදි ගෑ විලා යයි ද බොලව් !

@ පොහොට්ටුවේ ගාල්ලේ චන්දිම වීරක්කොඩිට මනාප ලක්ෂ 2 යි!

@ චන්දිමගේ සහයෝගයට නිශාන්ත මුතුහෙට්ටිගමද එක්වෙයි!  

@ වජිර අබේවර්ධන ගුවන් යානාවක් ගනී!

@ ජනතාව සජිත්ට උම්මා දෙයි, සජිත් ජනතාවට ද උම්මා දෙයි!

@ හම්බන්තොට රාජපක්ෂලා මැකොගේ නිති බල්ලට දමයි.

දකුණේ කේලමා දොඩන අද කේලම මෙන්න ……

දකුණේ චන්දි සටනට මන්තර වශි හදි හූනියම්ද අංජනම්ද සුර දූතයෝද එක්වෙයි!මැද මුලන වලව්වේ වරු තුනක යාගයක් බෙර නැතිව කට්ටඩියෝ මන්තර ජප කරති….ඕං නමෝ.. වර යකො වර….

දකුණු පළාතේ ජන්ද උනුසුම් වේගවත් වී තිබේ. මේ සමඟම අංජනම්,වශි මන්තර එලිපිටම බලගතු වෙමින් හදි හුනියම් ද ජන වශි ද එක්වන්නට ජන්දය හා මනාපය ගන්නා වු පාර්ලිමේන්තු අපේක්ෂකයෝ පියවර ගෙන තිබේ.

ජප කල සුර හා ජප කළ, වාහන හා අත් පළදනා මෙන්ම ජප කරන ලද සුවඳ විලවුන් ද මේ දිනවල හම්බන්තොටින් හමා එන බව මැදු මුලනට යන අතරේ දැක ගත හැකි විය. අංජනම් දේවතාවියෝ ද එක්ව, මන්තර කට්ටඩි අප්පු හාමිලාද හදි හූනියන් කාරයෝද වටකරගෙන රාජපක්ෂ පවුලේ ඇත්තෝ ජයටම ජන්ද සටනට එක්ව සිටිති.

ගාල්ලේ පොහොට්ටුවේ ගීතා සමන්මලී කුමාරසිංහ දික්කුඹුරේ දී යළිත් යකා නටයි!

ගිනි අවිද එළියට අදී.ජනතාවට තරුණ පිරිසට බැන තඟ දමයි. ගීතා කුලප්පු වුයේ ඇයි!  

ගාල්ලේ ගීතා සමන්මලී සති කිහිපයකට පෙර හබරාදුව දික්කුඹුරේ දී ඇයගේ වාහනයේ යතුරු පැදියක් හප්පා මුදල් නොදි ගෝරි දමා පැන ගියේ ය. මේ අතර පණුගල්ගොඩට ආ ගීතාගෙන් තම යතුරු පැදියට සිදු කළ අනතුරු වෙනුවෙන් මුදල් ඉල්ලු විට ගීතාට යළිත් යකා වැහුනේය. සල්ලි දෙන්නේ නෑ.තොපිට මට කරන්න දෙයක් තියනවාද?. ගීතා ගිරිය පුප්පාගෙන ගිතා පරලු වූවාය. ගන්නවා අයිසේ වෙපන් (තුවක්කුව) එක… කෝ… කෝ… මේ සිකුරුටි එක කියමින් තරුණ පිරිසට තඟ දැම්ම ගීතා මහ වරුසාවේ විදුලිය විසන්දී වි සිටි මොහොතේ ගීතා චණ්ඩි පාට් දමා ඉගිල ගියාය. මහ කවවරේ ගම්වාසිහු නැගු හූ හඩ කෑලි කපන කළුවර කාපගෙන ගියේ ය.

දිනුවත් ඇමති පරාද වුනත් ඇමති වජිර අබේවර්ධන රචනාව ලියයි!

අලියා පක්ෂයේ සල්ලි ගස හොලවා ජන්ද සටනට මනාප එක්ව සිටින ගාල්ලේ වජිර අබේවර්ධන කියන්නේ දිනුවත් පරාජය වුවත් තමා ඇමති බවය.

මහින්ද රාජපක්ෂ ලඟට පනින්න වජිර බලා සිටිනවා ගයන්ත කරුණාතිලක කියයි!මේකා ඒකා ඩීල් කාරයා..

මේ හුටප් පරය ජනතාවට තේරුම් නැති වුනත් ගයන්ත කරුණාතිලක ටෙලි පෝන් එකේ ගාල්ලේ නායකයා දොඩංනේ මේයා‍ මහින්ද ලඟට පනිනවා.ඒක තමයි කරන්න හදන්නේ මේ බව ගාල්ල ජනතාව දන්නවා.

අලියා පක්ෂයේ අනාගත නායකයා වජිර අබේවර්ධන කොහොමද ගැම්ම හා .ද!

වජිර අබේවර්ධන ගුවන් යානාවක් ගනී!

මේ අතර මල ගෙදරක දී වජිරගේ හිතවතුන් කීවේ අමුතුම කතාවකි. ‍ඒ කතාවට හිනා වෙන්නට ද හැකිය. අලියා පක්ෂයේ ඊලඟ නායකයා වජිර අපේ ලොක්කා. චොපර් එකක් ගන්නත් සල්ලි බැන්දාය කියමින් වජිරගේ ගෝලයෝ කීවේ අපේ ලොක්කා එජාප නායකයා වෙනවා නම් අපිටත් සතුටුයි කියාය.

ගාල්ලේ මනුෂ නානායක්කාරට  කලා පත්තරයක් ! වැරදුනා බං!!! කැලෑ පත්තරයක් ඈපෑපෙන් එවයි.! ආයිත් වැරදුනා තැපෑලෙන් එවයි.!!මනුෂගේ පැටි ගිරිය ගුවත් තැපෑලෙන් එවයි ඇත්තද බොලව් මේ කතාව…

සජිත්ගේ පෝන් එකේ සිටින මනුෂ නානායක්කාරගේ සම්පුර්ණ පැටි ගිරිය පැණිලි,කෙටිලි, පවුල් අවුල්, බිරින්දෑ වරු මාරු කිරිම්, ව්‍යාපාර හා සකල විද වු කරුණු කාරනා සහිත පිටු තුන හතරක ලිපියක් මේ දිනවල ගාල්ල දිස්ත්‍රික්කයේ පෝන් එකේ ප්‍රබල ක්‍රියාකාරින්ට ගුවනින් නෑ. වැරදුනා තැපෑලෙන් ගෙදරටම එවා ඇත. මෙය මනුෂගේ පැටිගිරිය හොඳටම දන්නා වු මනුෂගේ ලඟම සිටි දැනට පන්නා දමා ඇති ලේකම් ගොයියෙක් එවලා කියලා තමයි ගාල්ල පැත්තේ දොඩංනේ.

මහින්දට 113 ගන්න බෑ. නොහැකියි! විපක්ෂයෙන් 13කට කොක්ක ගහන්නට මහින්ද දැළ එළයි!මනුෂ නානායක්කාර යි! වජිරයි ඒ අතර ඉන්නවාය කියන්නේ…හැබැද …

මහින්දට113 මේවර ලබා ගත නොහැකි නිසා 13ක් සෙසු පක්ෂවලින් තේරෙන මන්ත්‍රිවරුගෙන් ගන්නට ගිවිසුම් ගහලා තිබේ. මේ ගිවිසුමට මනුෂ ද එම ලැයුස්තුවේ සිටින බව ද රාජපක්ෂලාගේ ලඟම සිටින එකෙක් මා සමඟ දෙඩුවේය.

පනින්න සිටින මනුෂට ගාල්ලේ චන්ද නෑ.

ඉතිං…මචං පනින… පනින මනුෂට ගාල්ලේ චන්ද දෙන්නේ කව්ද බං …  මනුෂට ජන්ද නෑ. තාරක නානායක්කාර,ගයන්ත, බන්දුලාල්,පියසේන ගමගේ හතර දෙනා තමයි දිනන හතර දෙනා‍…අතර සිටිනවා.යැයි හරියටම අනා ගන්නේ නැතිව මැතිවරණ අනාවැකි කියන ගාල්ලේ රටම දන්නා වු මගේ හිතවත් පෙරක‍දෝරු මිතුරා දෙඩුවේය….

මචං බ්‍රෝ… තාරක නානායක්කාරට ගේමක් නෑ.සජිත්ගේ සහයෝගය තාරකට වැඩියි. ගාල්ල දිස්ත්‍රික්කයේම ආසන දහයේම ජන්ද තාරකයාට තියනවා.ගාල්ලේ පත්තර කාරයෝ  දොඩයි.

චන්දිම වීරක්කොඩිගේ රැස්විම්වලට මහ සෙනඟක්….මහින්ද රාජපක්ෂ රනිල්ට කළ දේ පොහොටුවේ පිරිසක් චන්දිම වීරක්කොඩිට ද කොරයි!

ගාල්ලේ පොදු මනාපය චන්දිම වීරක්කොඩිට දැනටම හිමිව ඇත…….

ඉමදුව සභාපති හා හබරාදුව පොහොට්ටුවේ සභාපති ප්‍රමුඛ ගාල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රිවරු කිහිප දෙනෙක් රනිල්ට බැටේ දෙන්න ගිය පිරිස පලවා හරින්නට මහින්ද සිරිකොතේ පාර තාර දමන බව පවසා පාර වැසු පරිදි චන්දිම වීරක්කොඩි හිටපු ඇමතිවරයා එක්වන රැස්වීම් පවත්වන ස්ථානවල පාර වසා පාරවල් හදනවාය කියා බොරුවක් කරන්නට පටං ගෙන ඇත.

වැසුණු  පාරවල් පාදමින්  චන්දිම තරුණ පිරිසගේ කරමතින් රැස්විම්වලට යයි!

මෙය චන්දිමගේ රැස්වීම්වලට එන චන්දිම හිතවාදින් පාලනය කරන්නට ගත් දියාරු කඩප්පුලි වැඩේ නිසා චන්දිමගේ පාක්ෂිකයෝ වියරු වැටී පොහොට්ටුවේ චන්දිම වීරක්කොඩිගේ අංක 08 ට තනි මනාපය ගහනවා කියමින් මේ සති අන්තයේ වැසු පාරවල් වල බාධක ඉවත් කරමින් නොසුන්සුන්ව චන්දිම කර මත තබාගෙන රැස්වීම්වලට ගියේ ය.චන්දිම වීරක්කොඩි වාහනයෙන් බැස පාගමින්ම රැස්විම් කිහිපයකට යන්නට වුයේය. මේ නිසා මග දෙපස සිටි පිරිස්ද එක්ව හබරාදුව හා ඉමදුව ගම්මාන රැසකම රැස්විම් වලට චන්දිම සමඟ පාගමනින්ම මහා පිරිසක් චන්දිමට එක්වි සිටියේ ය.

……සර්… බය වෙන්න එපා.  චන්දිම සර්ට අපි ගහන්නේ තනි මනාපයක් පමණයි. කියමින් චන්දිම වීරක්කොඩිගේ හිතවතුන් චන්දිමට සහයෝගය දැක්වුහ.

පොහොට්ටුවේ ගාල්ලේ චන්දිම වීරක්කොඩිට මනාප ලක්ෂ 2 යි!

ගියවර චන්දිම වීරක්කොඩි එක් ලක්ෂ 1,15 000  ක් මනාප ලබා ගත්හ.චන්දිම පවසන්නේ මේවර තමා ලක්ස 2ක කට අධිකව මනාප ලබා ගන්නා බවයි.

චන්දිමට ගහන්න ගහන්න චන්දිමගේ මනාප ගොඩ වැඩිවෙයි. රමේෂ් පතිරණ දෙක තුනට වැටෙයි!ගාල්ලේ පොහොටුටවට මන්ත්‍රි ආසන පහයි! චන්දිම වීරක්කොඩි එකටම දිනයි!චන්දිමගේ මනාප ලක්ෂ දෙක පනී!

මේ නිසා රමේෂ්, මොහාන්, ගීතා,සම්පත් හෙට්ටිආරච්චි,රාජපක්ෂ බේබිලාගේ සුරතලා වු දිල්ෂාන් විදානගමගේ යන පිරිස එක්ව දිනන රැහැනේ මේවන විට ඉදිරියෙන්ම සිටින චන්දිම වීරක්කොඩිට මනාප ලක්ෂ 2 ක් ලබා ගන්නට දෙන්නේ නෑ කියමින් වංගු දමමින් චන්දිමට ජන්ද දෙන්න එපා කියති.

මේ නිසා චන්දිමට මේ පිරිස ජන්ද දෙන්න එපා කියන නිසාම මේවර ගාල්ල දිස්ත්‍රික්යේ ගියවර වාගේම චන්දිම වීරක්කොඩිට වැඩි මනාප හිමිවන බව ගමින් ගමට චන්දිම හිතවාදි පොහොට්ටු පාක්ෂිකයන් දොඩති.දෙන්න එපා කියන නිසාම ගාල්ලේ පොහොට්ටු සමාජික පාක්ෂිකයෝ චන්දිම වීරක්කොඩිට මනාපයක් බිත්ර වී ටික වාගේ වෙන්කර ලබා දෙන්නට පියවර ගෙන ඇත.මේ නිසා ගාල්ල දිනන සටනේ ඉදිරියෙන්ම සිටින චන්දිම වීරක්කොඩි මනාප ලක්ෂ 02ක ඉක්මවන බැව පාක්ෂිකයෝද බුද්ධි අංශ ද මේවන විට ගණන් බලා ඇත.

2020 මහ මැතිවරණය මේ වන විට උණුසුම් තත්ත්වයකට පැමිණ ඇති අවදියක ජනතාව රැස්විම්වලට එක්කර ගන්නට අලුත්ම නවතම ක්‍රමවේදයෝද මැතිවරණයට එක්ව ඇති බව දැක ගත හැකිය.

කසකරුවන්,මැජික් කරුවන්,අණබෙර කරුවන් ද දහ පාළි මුහුණු ද රැස්විම්වලට එයි!

මැජික් කරුවන්, අණ බෙර කරුවන් සේ පැමිණෙන මැතිවරණ ප්‍රචාරනයක් ද පසුගිය සතියේ ගාල්ල හා මාතර මැතිවරණ වේදිකාවල දී දක්නට ලැබිණි.

මේ අතර පසුගිය සතියේ අගමැති ගාල්ල සහ මාතර අපේක්ෂකයිනට  සහයෝගය පිණිස දකුණු පළාතේ පැවති රැස්විම් මාලාවකට එක්විය. මේ සදහා පැමිණි ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට ද  දකුණේ ජනතාවගෙන් ලැබුණේ උණසුම් ප්‍රතිචාරයකි.

ආර්ථික හා සෞඛ්‍ය අර්බුද ඇතුළු දැවැන්ත අභියෝග රැසක් හමුවේ ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් පාර්ලිමේන්තු මැතිවරණ ඉතිහාසයේ පෙරළියකට දකුණ සූදානම් බවට ගාල්ල දිස්ත්‍රික්කයේ ජනතාව මෙහිදි ජනාධිපතිවරයාට පැවසුහ.

සර් බොමුද සීතල වතුර වීදුරුවක්…..කිතුල් රා පොල් කටුවක්…..මං දන්නේනෑ බං…..

සර් අපිට ප්‍රයෝජනයට නොගෙන ඇති ඉඩම් ලබාදෙන්න අපි වගාකරලා පෙන්වන්නම් සුළු  අපනයන භෝගවගාකරුවන් පිරිසක් මෙහි දී ජනාධිපතිවරයාට කිහ. පෙර පාසල් ගුරුවරියන් විසින් ඉදිරිපත් කළ ගැටළු  සදහා මාසික දිමනාවක් ලබාදිමටද ජනාධිපතිවරයාගේ අවධානය යොමු විය. කිතුල් කර්මාන්තය යලි පණගැන්විමට  අවශ්‍ය පසුබිම සකසන බව මෙහිදි ජනාධිපතිවරයා කිවේය මෙහිදි. නව හැවිරිදි කුඩා දරුවකු විසින්  එකතුකළ මුදල් කැටයක් කොවිඩ් අරමුදල සදහා ජනාධිපතිවරයා වෙත ලබා දුන්නේය. පසුව මොහාන් , රමේෂ්, ෂාන් චන්දිම ඉසුරු ඇතුළු අපේක්ෂකයින් 12 දෙනාම  විසින් සංවිධනය කළ ජනහමු සදහා    ජනපති ගොඨාභය සහභාගී විය.

ජනපති ගෝඨාභය ගාල්ලේ දී මාරු කරගත්තේ කුමක්ද කියවලා බලපල්ලාකො…..

ගාල්ල නගරයේ දි  බද්දේගම සමිත හිමි හා  ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු විසින් සංවිධනය කළ රැස්විමෙන් පසු ජනාධිපතිවරයා  දකුණු පළාත් ආණ්ඩුකාර බංගලාවට පැමිණියේය. මෙහිදි දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලිගමගේ විසින් ඉතා උණසුම් ලෙස ජනාධිපතිවරයා  පිළිගනු ලැබිය. වර්ෂාවද නොතකා  ජනාධිපතිවරයා ජනතාව අතරට යාම නිසා  ජනාධිපතිවරයා ඇදසිටි ඇදුම්ද තෙත බරිත වි තිබුණි. ආණ්ඩුකාර බංගලාවේ දි ඇදුම් මාරුකරගත් ජනාධිපතිවරයා  ආණ්ඩුකාරවරයා විසින්  සුදානම් කොට තිබු තේ පැන් සංග්‍රහයටද එක්විය.  අපේක්ෂකයින් වන මොහාන් පි ද සිල්වා, සම්පත් අතුකොරල, හා  ගාල්ල මහනගරාධිපති ප්‍රියන්ත සහබන්දු  මේ සදහා එක්ව  සිටියහ.

ගාල්ල පොලිසියට බැරියල් එකක් ජනපති දමයිද ?

සර් ගාලු නගරයේ සංවර්ධන කටයුතු සදහා  ගාල්ල නගරයේ තියෙන පොලිස් බැරක්කය ඉවත් කරන්න අවශ්‍යයි.  නගරාධිපතිවරයා කිවේය. හරි ඒ කරමු ජනාධිපතිවරයා කිවේය.

මහින්දත් ගාල්ලට එයි! ජනපති චන්දිමට සුබ පතයි!

පසුගිව ජනාධිපතිවරයා සහභාගීවුයේ හබරාදුවේ දී  අපේක්ෂක චන්දිම වීරක්කොඩි විසින් සංවිධානය කර තිබු රැස්වීමටය. දැඩි වර්ෂාව මධ්‍ය යේ ජනාධිපතිවරයා එම ස්ථාවයට පැමිණි ද ඒ වන විටත් අති විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ තිබිණි. මේ වැස්සෙත් මේච්චර සෙනඟක් ඉන්නවා කියලා මම හිතුවේ නෑ. ජනපති ගොඨාභය කියද්දී චන්දිම කීවේ සර් බලාගන්න පැමිණි පිරිස බවයි. ඒ වන විටත් මහ වැසි ඇද හැලෙමින් තිබුණ ද එහි සිටි අතිවිශාල පිරිස නිසාම ජනපති ගෝඨාභය වර්ෂාව ද නොතකා සියළු ජනතාවට ආචාර කලේය.

මාතර ගිය ජනපති නිපුන පුතාගේ අඩවිය ද ඕපන් කරාය කියන්නේ මේ දෑස මක්කැටෙයි …. මම ඒක බලන්නට ගියා….

මාතර දිස්ත්‍රික්කයේ පැවති රැස්විම් වලදි ජනාධිපතිවරයාට ජනතාවගෙන් හිමිවුයේ උණුසුම් පිළිගැනිමකි. ජනාධිපතිවරයා  කංචන විජේසේකර අපේක්ෂකයාගේ නිවසට ගොඩවැදිම ද අමතක නොකළේය. ඩලස් ඇතුළු පිරිසක් ඒ සදහා  එක්ව සිටියහ. මාතර වෙරළ උද්‍යාන මාර්ගයේ නිපුන රණවක විසින්  ඉතා සාර්ථක රැස්වීමක් සංවිධනය කොට තිබුණි. ඒ සදහා මහ පිරිසක් එක්ව සිටියහ.

නිපුනගේ ප්‍රතිපත්ති ඇතුලත් වෙබ් අඩවියක්ද ජනාධිපතිවරයා විසින් මෙහිදි විවෘත කරණු ලැබිය.

පසුව ජනාධිපතිවරයා වීරසුමන විසින් සංවිධානය කර තිබු දෙනියායේ රැස්වීමත්,ලක්ෂ්මන් යාපා, මනෝජ් සිරිසේන ඇතුළු සියළු අපේක්ෂකයින් ගේ රැස්වීම් සදහා ද සහභාගී විය. මේ අතර වීරසුමනගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් ඔහුගේ පාසල් සඟයන් සංවිධානය කරනු ලැබු විශේෂ රැලියක් පසුගිය සතියේ මාතර දී පැවැත්විණි. පක්ෂ විපක්ෂ පාසල් සඟයන් සහභාගී වු මෙහි දී ඉදිරි මැතිවරණය වෙනුවෙන් පක්ෂ විපක්ෂ සියළු පාසල් සගයින් වීරසුමනට සහය දැක් වීමට පොරොන්දු විය.

හම්බන්තොට මාලිමාට කොරෝනා එරවයි, හම්බන්තොටින් මාලිමාට එකක් පමණයි!

ජාතික ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂකයින් වන නිහාල් ගලප්පත්ති,සිසිර කුමාර,වත්සලා ගුණසේකර මාධ්‍ය හමුවක් කැඳවා තිබුණේ හම්බන්තොට මැතිවරණ හා කොරෝනා නීති කිසිවක් ක්‍රියාත්මක නොවන බව පවසමිනි.

දැන් බලන්න එරාජ් බයිසිකල් සවාරියක් සංවිධානය කරා. ඒක නැවැත්තුවාට මැතිවරණ නිළධාරීන්ටත් ගහන්න ගිහිල්ලා කියලා ආරංචියි. සංගීත සංදර්ශන පවත්වනවා. කොරෝනා නීති ක්‍රියාත්මක වෙන්නේ නෑ ජනතාව මීටරයෙන් නෙවේ ඉන්නේ සෙන්ටිමීරයෙන් නිහාල් සහ සිසිර ගේ මෙම කතාව මාධ්‍ය හමුවක් පවත්වා ජනතාව දැනුවත් කර යුතු බවට යෝජනා විය. ඒ අනුව මුල්කිරිගල රජමහා විහාරයේ පුරා විද්‍යා බිමට සිදුව ඇති ප්‍රශ්නය ගැන ද මෙම මාධ්‍ය හමුවේ දී ම දැනුවත් කිරීමට තීරණය විය.

වජිරගේ මුදල් ගාල්ල ජන්ද දායකයෝ පොර කකා ගනී. සල්ලි ගන්න යන පිරිස වැඩියි. ජන්දය වජිරට දෙන්නේ නෑ වජිරගේ රැස්වීමට ගිය පිරිස් කියති දාහ ගත්තා මෙන්න දාහ. රුපියල්…

මනාප ඡන්ද හේතුවෙන්  දකුණේ මැතිවරණ පොරපිටිය ගිණියම් වී ඇත්තේ    ප්‍රධාන දේශපාලන පක්ෂවල ඇතැම් අපේක්ෂකයින්  සිය මනාප ගොඩ  ගැනීමේ අපේක්ෂාව හේතුවෙනි. දියවන්නාව තරණය කිරිම සදහා දැඩි අරගලයක නිරතව සිටින මුදල් හදල් ඇති අපේක්ෂකයින්  කෙසේ හෝ දියවන්නාව තරණය කිරිමට සිය ක්‍රියාකාරින්ට  මුදල් හදල් ලබාදෙති. හෝටල්වල පැවැත්වෙන සාදවලින්ද අඩුවක් නැත.නොයෙකුත් වරදාන වරප්‍රසාද ලබාදි ඡන්දදායකයින්ගේ මනාපය ඩැහැගැනිම සදහා මොවුන් කටයුතු කරමින් සිටිති. පසුගිය සතිය තුල බිත්ති ඔරලෝසු, වැනි දෑ බෙදා හැරීම් වැනි දෑ ද දකුණේ ඡන්ද සටනේ දක්නට ලැබිණි. ඒ කෙසේ වුවද ඇතැම් අපේක්ෂකයින්  ප්‍රතිපත්තිගරුකව  දේශපාලන කටයුතුවල නිරතව සිටිනු අයුරුද දැක ගත හැකිය.

සජිත් ප්‍රේමදාස හම්බන්තොටට යයි!ජනතාව සජිත්ට උම්මා දෙයි, සජිත් ජනතාවට ද උම්මා දෙයි!

ජනාධිපතිවරණයෙන් පසු සජිත්  හම්බන්තොට දිස්ත්‍රික්කයට පය තැබුවේ නැත. සජිත් ගේ සහෝදරිය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ වදින බවට කට කතාවක් පැතිර ගිය ද එය එසේ වුයේ නැත. කෙසේ වුවද ජනාධිපතිවරණයෙන් පසු පසුගිය සතියේ වෙතාවක් ම  සජිත් තිස්සමහාරාම බෙලිඅත්ත,තංගල්ල,අගුණුකොලපැලැස්ස  යන ප්‍රදේශවල පැවති රැස්විම්වලට එක්විය.

හම්බන්තොට නිලමේ නොමිලේම සජිත්ගෙන් ලකුණු දමා ගනී!

තිස්සමහාරාර රැළය සමගි ජන බලවේගයේ හම්බන්තොට දිස්ත්‍රික් අපේක්ෂක  තෙන්නකොන් නිලමේ විසින් සංවිධනය කොට තිබුණි. ඒ සදහා  සමගි ජන බලවේගයේ ආධාරකරුවන් රැසක් එක්ව සිටියහ.

හම්බන්තොට කාන්තාවෝ සජිත්ට එදත් අදත් හෙටත් ආදරෙයි!අපි දෙන්නේ සර්ට පමණයි!

සර් අපිව දමලා ගියා මෙහිදි ඇතැම් කතුන් සජිත්ට කියන්නට වුහ. කවදාවත් මම හම්බන්තොට ජනතාව අමතක කරන්නේ නැහැ සජිත් කිවේය. මේ අතර සජිත් නිලමේට සහතිකයක් ලබාදෙමින් කථා කළේය. තිස්සමහාරාම ආසනයේ වැඩකටයුතු සියල්ල තෙන්නකොන් නිලමේට මා භාරදිලා තියෙනවා. එතුමා ඒ සියලු කටයුතු කරනවා. නිලමේට පසුගිය කාලයේ ලොකු අසාධාරණයක් වුනා. හරිනම් එතුමා මෙලහකට කැබිනට් ඇමතිවරයෙක්. මෙවර නිලමේ පාර්ලිමේන්තු යන එක කාටවත් වලක්වන්න බැහැ සජිත් කිවේය.

හම්බන්තොටට උපරිමයෙන්ම කරනවා. සජිත් ප්‍රේමදා හම්බන්තොට දී කාන්තාවන්ට දොඩයි!

බෙලිඅත්ත ආසනයේ පැවති රැස්වම අපේක්ෂක නිහාල් වෙදආරච්චි විසින් සංවිධනය කළේය. නිහාල් කොහොමද බෙලිඅත්ත ආසනයේ  කටයුතු සජිත් නිහාල්ගෙන් ඇසුවේය. මට ගොඩක් පරක්කුවෙලා නේ සංවිධායක ධුරය ලැබුණේ ආසනයේ  කටයුතු  හොදින් කරගෙන යනවා නිහාල් කිවේය. අඟුණුකොලපැලැස්සසේ පැවති රැස්වීම ද විශාල පිරිසක් පැමිණ සිටි අතර එහි දී ද ජනතාව සජිත් හම්බන්තොට හැරයාම සම්බන්ධයෙන් ජනතාව සිය විරෝධය ප්‍රකාශ කලේය. මම ඔයගොල්ලෝ එක්ක දේශපානය කරලා තමයි මේ අත්දැකීම් ගත්තේ. මම මේක දාලා ගියේ නෑ. ඉදිරියේ දී මගේ රජයක් යටතේ හම්බන්තොටට වෙන්න ඕන සියළු දේ මගෙන් වෙනවා. සජිත් කී විට පාක්ෂිකයින් එයින් සෑහීමකට පත්විය.  

හම්බන්තොට රාජපක්ෂලා මැකොගේ නිති බල්ලට දමයි.

සජිත්,නිලමේ,දිලිප්, නිහාල්,ගාමිණී ඇතුළු පිරිසක් සාකච්ඡාවක නිරතව විය. හම්බන්තොට දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහි දී සාකච්ඡා විය. මෙහේ නීතියක් නැති ගානට වෙලා. සංගීත සංදර්ශන තියනවා, වාහන වල නම් ගහලා වාහන පෝලිම් යනවා, මෙහේ මැතිවරණ නීතිය අපිට විතරයි. අපේක්ෂක ටී.වී.කේ.ගාමිණී සිය දුක සජිත්ට කීවේය. අපි ඒ ගැන දැනුවත් කරලා විසදුමක් ගනිමු සජිත් ගාමිණීට කීවේය.

රටපුරා යතුරුපැදි ආනයන කරුවන්ගේ ලක්ෂ 05ක ජන්දය ආණ්ඩුවට දෙයිද නොවෙයිද ?

මාතරින් සුනිලි හැදුන්නෙත්ති දියවන්නාවට ඇත්ත කියන මොලකාරයෝ මාලිමාවෙන් දිනවව්. බොලව් මුං නැති පාර්ලිමේන්තුව මක්කැටැයි….

මාලිමාව සමඟින් කටයුතු කරන කලාකරුවන්ගේ හමුවක් පසුගිය දා මාතර දී පැවැත්විණි.සුනිල් හදුන්නෙත්ති ඇතුළු මාතර ජාතික ජන බලවේගයේ කණ්ඩායම දිනවීමේ අරමුණින් මෙම හමුව සංවිධානය කර තිබිණි. හදුන්නෙත්ති පාර්ලිමේන්තුවේ සිටිය යුතතේ ඇයි ද යන්න සම්බන්ධයෙන් මෙහි දී කලාකරුවන් කරුණු පැහැදිලි කිරීම සිදුකල අතර මේ සඳහා නවක තරුණ පිරිස් ද පැමිණ සිටීම විශේෂත්වයක් විය.

දකුණේ පොත ලියන ආන්ඩුකාර වරයා ලංකාවෙන්ම පොහොටුටුවට 140ක්ම මැංත්‍රිවරු ගන්නා බව නොලියා කියයි!

දකුණේ ආණ්ඩුකාර විලී ගමගේ මේ දිනවල දී  අළුත් වැඩකට අතගහමින් සිටී. ඒ සිය දේශපාලන දිවියේ රස කතා පොතක් ලෙස එලි දැක්වීමටයි. මේ සම්බන්ධයෙන් දකුණේ මාධ්‍ය වේදීන් සමඟින් ද සාකච්ඡා කිරීමට දකුණේ ආණ්ඩුකාර විලී කටයුතු කලේය. මේ කාලය තුල පොතක් නෙවේ පොත් දෙකක් ලියන්න රස කතා තියනවා. විලී ගමගේ කියද්දී මාධ්‍ය වේදීන් ඇසුවේ දැන් දකුණේ දේශපාලන තත්ත්වය කෙසේ ද යන්නයි. ආණ්ඩුවට මේ ඡන්ය ලොකු ප්‍රශ්නයක් නෑත. මට හිතෙන විදියට දැන් තියන තත්ත්වය අනුව ආසන 140 කට ආසන්න ප්‍රමාණයක් ගන්නවා. ගාල්ලට ජනාධිපතිතුමා ආපු දවසේ වුනත් හොද සෙනඟක් හිටියා. චන්දිම සංවිධානය කරපු හබරාදුව රැස්වීමට යනකොට නා කපන වැස්ස. වැඩිම සෙනඟක් හිටියේ එතන ඒ වුනත් මිනිස්සු ඒ විදියටම හිටියා. ඒ ජනාධිපතිතුමා ගැන ජනතාවගේ තියන විශ්වාසය. ආණ්ඩුකාර විලී කීවේ මා ධ්‍ය වේදීන්ට සමුදෙමිනි.

ගාල්ල මාතර… මම ඔයාට මනාපයි!…..

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක දෙකේම පොහොට්ටුවේ මනාප වලට ඇත්තේ යුද්ධදයකි. දිස්ත්‍රික්ක දෙකේම පිරිසක් එකම පක්ෂයේ පිරිස් වලටම සිය මනාප භාවිතා නොකරන ලෙස ප්‍රසිද්ධියේ ම ඉල්ලා සිටී.

චන්දිමගේ සහයෝගයට නිශාන්ත මුතුහෙට්ටිගමද එක්වෙයි!

ගාල්ලේ මේ තත්ත්වයට මුහුණ දී ඇත්තේ හිටපු මහ ඇමති ෂාන් සහ හිටපු ඇමති චන්දිමය. මෙවර ගාල්ලෙන් නාම යෝජනා හිමි නොවු නිශාන්ත මුතුහෙට්ටිගම පසුගිය සතියේ චන්දිමට සහාය දැක් වීමට චන්දිමගේ මැතිවරණ වේදිකාවට ගොඩවිය. කෙසේ නමුත් එසේ චන්දිමට සහාය දීමට පැමිණි හිටපු ඇමති නිශාන්ත සිය ෆේස් බුක් ගිණුමේ සංවේදී සටහක් දමා තිබුණි.

මුහුණු පොතේ හිටපු ඇමති නිශාන්ත සටහන් කළ සංවේ දී සටහන දැක්කාද

“ මාහට යා යුතුව තිබූ මඟක් අවහිර කර ඒ ගමන් මඟ තවකෙක් නවතාලද්දී..එහි පෙරට ඇදෙන අනෙකා දිහා බලා, අකුල් හෙලා, කකුලෙන් ඇද,වෛරයෙන් පලිගන්නා යුගයක, මා හට අහිමු වූ ගමන් මගෙහි ගමන් ගන්නා අනෙකාගේ ජයග්‍රහනය වෙනුවෙන් සක්‍රීයව පෙනී සිට ඔවුන්ගේ සාර්ථකත්වයට සහයෝගය දක්වමින් මාහට සේවය කිරීමට හැකිවීම සතුටට කරුණකි” නිශාන්ත ඔහුගේ ෆේස් බුක් ගිණූමේ දමා තිබු මෙම සටහනට බොහෝ දෙනෙකු සටහන් දමා තිබිණි.

මාතර ජනපති අගමැති බෑණා තනියෙන් සටනට එයි…!

මාතර ලක්ෂ්මන් යාපා,නිපුන,මහින්ද යාපා,මනොජ් සිරිසේන යන අය සිය මැතිවරණ ව්‍යාපාරය සිදුකරන්නේ තනිවමය. කුඩා කණ්ඩායම් රැස්වීම් මෙන්ම ප්‍රධාන රැස්වීම් යන සියළු රැස්වීම් මොවුන් වෙන් වෙන් වශයෙන් සිදුකරනු ලබයි.

චන්දිම හා ශාන් ගාල්ලෙන් ඉදිරියෙන්ම ….වැඩි මනාප චන්දිමටද ශාන්ටද …?

ෂාන් මෙන්ම චන්දිම ද ගාල්ලේ ඡන්ද සටනේ ඉදිරියෙන්ම සිටිනු පෙනෙන්නට ඇත. ගාල්ල දිස්ත්‍රික් නායක රමේෂ් මෙවර ගාල්ලේ ඡන්ද සටනේ ඉදිරියෙන්ම පසුවෙන්නෙකි. කැබිනට් ඇමතිදුරටක් දැරීම නිසාම කාර්ය බහුල වුවද ගාල්ලේ ඡන්ද සටනට ඔහු ක්‍රියාකාරීව සහභාගී වෙනු දක්නයට ලැබෙයි.

සිදුහත් කුමාරයාගේ චන්න කණ්ථක අස්වයා දියවන්නා ඔයට පනීද මචාං….

ගාල්ලේ පොහොට්ටුවේ  සම්පත්,ගීතා,මොහාන්,ඉසුරු,චන්න සාලිය  යන අයද සිය ස්ථානය තහවුරු කර ගැනීමට ලොකු සටනක් ලබා දෙමින් සිටී.

හබරාදුවේ තාරක නානායක්කාර ගාල්ලේ දිනන සටනේ ඉදිරියෙන්ම ….

ගාල්ල දිස්ත්‍රික්කයේ සමඟි ජන බලවේගයේ තාරක නානායක්කාර ,ගයන්ත,බන්දුලාල්, විජේපාල මෙන්ම පිසේන ගමගේ, මනුෂද  ද ලොකු සටනක් ලබා දෙමින් සිටී.

එජාපය වෙනුවෙන් වජිර තනි සටනක් ගෙනියන අතර ලයනල් ඉපලවත්ත සහ සුනිල් සේනානායක ඔහුට සහයක් ලබා දෙමින් මැතිවරණ සටන දියත් කර ඇත. කෙසේ වුවද ගාල්ල දිස්ත්‍රික්කයේ මෙවර ආසනයක් අඩුවීම හේතුවෙන් ඇත්තේ ආසන 09 ක් පමණි. පොහොට්ටුවෙන් ආසන 05 ලැබෙන බව ඒ අය දොඩයි.සමඟි ජන බලවේගය දුරකතනයට මන්ත්‍රි ආසන 03න් හිමිවන බව ඒ ඇත්තෝ කියති.ගාල්ලේ මාලිමාට එකක් බවද ‍ගාල්ලේ ජේබ්බෝ කියති.

දකුණු පලාතම අලියාට අහිමිවෙයි!

ගාල්ලෙන්,මාතරින්,හම්බන්තොටින් අලියාට කිසිදු මන්ත්‍රි අසුනක් ලබාගත නොහැකි බව බුද්ධි අංශ රාජපක්ෂ වික්‍රමසිංහට වැරදුනා බං . එජාප රනිල් වික්‍රමසිංහට දැනටමත් පවසා තිබේ.  

මාතරින් ඉදරියෙන් සිටින්නේ මෙන්න මේ ඈයෝලු බොලව්…

මාතර පොහොට්ටුවේ ඩලස්,කංචන,නිපුන,ලක්ෂ්මන්,වීරසුමන,මහින්ද යාපා, මනෝජ් යන අය ඡණ්ද සටනේ ඉදිරියෙන් සිටන අතර කරුණා,නිරෝෂන් මේ පිරිසට ලොකු සටනක් ලබා දෙමින් සිටී. මනාප සටන උපරිමයෙන් ඇති මාතර දිනෙන් දින ඡන්ද සටන උණුසුම් වෙමින් තිබේ.

මාතර බුද්ධික මොලයෙන් වැඩේ දෙයි!

සමඟි ජන බලවේගයේ බුද්ධික, චතුර පෙරමුණ ගනිමින් ඡන්ද සටන මෙහෙය වන අතර කපිල,රංජිත්,ඇතුළු අනිත් පිරිස ද ලොකු සටනක් ලබා දෙයි. මාතර එජාපයේ ගයාන් සංජීව සිය කණ්ඩායම සමඟින් පක්ෂයට ඡන්දය ලබා දෙන ලෙස පවසමින් සිය මැතිවරණ ව්‍යෘපාරය ගෙන යනු ලබයි.

සුනිල් හදුන්නෙත්ති මාතර මාලිමාව ප්‍රධාන බලාපොරොත්තුවයි. මාතර මෙවර ආසන 07 ක් ඇති අතර පොහොට්ටුවෙන් පවසන්නේ තම පක්ෂය ආසන 04ක්ම ගනාන බවයි. සජිත්ගේ දුරකතනයට 02 ක් ලැබෙන බව පෝන් කරයෝ කියති. මාලිමා හදුන්නෙත්ති එක්ක නති පංගලමේ දියවන්නාවට යන එක නම් ඇත්ත බැව් මාලිමාගේ හා හදුන්නෙත්තිගේ හදහන් පරික්ෂා කළ මාතර වෙදා රාල කියනවා අපිට ඇසිනි. මාලිමාවට පොරොන්දම් 21ක්ම ලංකාවෙන්ම ලැබෙයි ගැලපෙයි කියලා තමයි මාලිමා ගන කතා කරන රටේම ඇත්තෝ කියන්නේ….   

හම්බනතොට දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නාමල්,චමල්,අජිත්,චානක ඉදිරියෙන්…..

හම්බනතොට දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ නාමල්,චමල්,අජිත්,චානක මෙන්ම දොස්තර ගලප්පත්ති ද ඉදිරියෙන් සිටිමින් ඡන්ද සටන මෙහෙයවයි.

සන්දාන මහ ලේකම් මහින්ද අමරිවීර හම්බන්තොට ඉදිරියෙන්ම බව කඩපොලේ ඇයෝ දොඩනවා මම අහගෙයි සිටියේ…කැරට් කිලෝවක් කීයද? මේ දවස්වල කැරට් හිගයි. කරටි කෑවම  එතකොට සනීපද…..  

පොහොට්ටු ලකුණ යටතේ තරඟ වදින සන්ධාන මහ ලේකම් මහින්ද අමරවීර සියළු දෙනාට අභියෝගයක් වෙමින් සිය මැතිවරණ ව්‍යාපාරය කරගෙන යනු ලබයි.

හම්බන්තොට සමගි ජන බලවේගය ප්‍රබල වෙයි ද ?

සමඟි ජන බලවේගය වෙනුවෙන් වෙදආරච්චි දෙසොහොයුරන්,නිලමේ, ගාමිණී ඇතුළු පිරිස පොහොට්ටුවට ප්‍රබල අභීයෝයක් එල්ල කරමින් සීටී.

ජේ.වී.පි කාරයන්ට හම්බන්තොටින් 01 යි. සහොදරයා….

හම්බන්තොට ගියබවර පාර්ලිමේන්තුවේ ජවිපෙ නියෝජනය නිහාල් ගලප්පත්ති මෙවර ද තරඟ බිමට පිවිස ඇති අතර ඔවුන් ද එම ආසනය රැක ගැනීම වෙනුවෙන් මේ වන විට සටනක් දෙමින් තිබේ.

කොයිහැටි වෙතත් මේදා අගෝස්තු හය වෙනිදා හැන්දැ ව වෙන කොටම අපි කියන්නේ නෑ මචෝ…බ්‍රෝ…නිල ජන්ද ප්‍රතිපලය මානප ජන්ද එක්කම අපි කියන්නම් ABC මාධ්‍ය වෙබ් ජාලය ඔස්සේ… හරියෑ…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *