සහණාධාර බෙදන්න බැරි ආණ්ඩුව කොහොමද සෞභග්‍ය රටට දෙන්නේ

පොහොට්ටුවේ නායකයෝ සහ ගමේ මන්ත්‍රී කොරෝනා වසංගතය පැත්තක තියලා දේශපාලනය කරනවා සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් කණ්ඩායම් නායක හිටපු නි.අමාත්‍ය එඩ්වඩ් ගුණසේකර කියයි!!

ගම්පහ දිස්ත්‍රික්කය කියන්නේ මෙරට වැඩිම ජනගහනයක් සිටින දිස්ත්‍රික්කය මෙහි ජනතාවට මේ මොහොතේ රජය මගින් දෙනවා කියන සහන මොනවද කොහොමද දෙන්නේ කියලා ගම්පහ මිනිස්සු දන්නේ නැහැ අද ගමේ පොඩි මිනිහට එදා වෙල සොයාගන්න බැරිව අසරණ වෙලා තියෙන වෙලාවක ගමේ දේශපාලකයන් තම බලය පෙන්වමින් සිටින වෙලාවක් සමුරුධිය ගන්න ගමේ මන්ත්‍රීගේ ගෙදර පෝලිම් සභාපතිගේ ගෙදර සහන මලු ගන්න පෝලිම් එත් කවදාවත් දේශපාලකයන් පසු පස නොගිය ජනතාවක් ගම්පහ සිටිනවා ඒ අය අද තමන්ගේ දුක කියාගන්න කෙනෙක් නැහැ

ආණ්ඩුවේ ගමේ දේශපාලකයා තමන්ට අවශ්‍ය විදියට සහනාධාර බෙදනවා මේක හරිම කැත නින්දිත වැඩක් 69 ලක්ෂයක් ජනතාව දීපු ජනවරම හෑල්ලු කරලා තියෙන්නේ මේවාට වැඩි කල් පවතින්න බැහැ මේ කොරෝනා වසංගතය අපි කාටත් දීපු ලොකු පණිවුඩයක් තියෙනවා ඒ දේට පයින් ගහලා ආණ්ඩුව මේකරන වැඩේට නිසි දඩුවම ලැබේවි

අපි අවුරුදු තරහ මාරක් ආණ්ඩු කළා ජනතාව බඩගින්නේ තැබුවේ නැහැ ජනතාව දේශපාලකයන් ඉදිරියේ අසරණ කලේ නැහැ රාජ්‍ය නිලධාරීන් අද අසරණ වෙලා ගමේ ග්‍රාමසේවක හදන ලැයිස්තුව ගමේ පොහොට්ටුවේ මන්ත්‍රී වෙනස් කරලා තමන්ට අවශ්‍ය අයට බෙදනවා රුපියල් 5000 දෙමනවා තනිකර දේශපාලන ක්‍රියාවලියක් මේක දෙන්න ඕන මිනිස්සුන්ට දෙන්නේ නැහැ කොරෝනා කියන්නේ වසංගතයක් ඒ වසංගතයට එහා ගිය දේශපාලන වසංගතයක් තමයි අද ගමේ ක්‍රියාත්මක වෙන්නේ

ගමේ පොඩි මිනිහට සේවය කරන්න දීපු සහනාධාරය බෙදන්න බැරි ආණ්ඩුව කොහොමද රටට සෞභග්‍ය ගේන්නේ කියල අහන්න කැමතියි අපි ගම්පහ මිනිසුන්ට අපිට පුළුවන් විදියට උදව් කරනවා අපි මේ වෙලාවේ දේශපාලය කරන්නේ නැහැ හැබැයි ආණ්ඩුවේ ගම්පහ ප්‍රබලයාගේ සිට ගමේ පොහොට්ටු නායකයා දක්වා කරන්නේ දේශපාලනය මේකට ලංකාවේ වැඩිම ජනගහනයක් සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ මිනිස්සු නිසි වෙලාවට නිසි පිළිතුර ලබාදෙයි

බලන්න මගේ අල්ලපු ආසනය දිවුලපිටිය එකේ පොහොට්ටුවේ ප්‍රාදේශීය සභාවේ සභාපති සභාවේ වාහනය යොදවලා සභාවේ සේවකයන් යොදවලා ජනාධිපති තුමා අඩුකරපු පරිප්පුයි සැමනුයි වැඩි මිළට අලවි කරනවා පාරිභෝගික අධිකාරිය පැනලා අල්ලන තුරු දිවුලපිටියේ ආණ්ඩුවේ දේශපාලන නායකයන් බුදි

දැන් බොරුවට සභාපති විතරක් මේ වැඩේ කළා කියලා කියන්න එයාලට සදාචාරයක් තියෙනවද මේවා සොයාබලන්න තමයි එයාල පත්කරලා තියෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ සභාවල වෙන්නේ මේ දේම තමයි කබලෙන් ලිපට වැටුණු ජනතාව තම අරමුණු වෙනුවෙන් පවා දෙනවා මෙහෙම දෙයක් අපේ දේශපාල කාලය පුරා දැක නැහැ කියන්න තියෙන්නේ කොරෝනා දෙවියන්ගේ දඩුවමක් ඒ වසංගතයේ මේකරන අසාධාරණ වැඩ ගැනත් දෙවියොම දඩුවම ලබා දෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *