අමුඩයාය ගමේ අප්පුහාමි පාර්ලිමේන්තු ගිය හැටි.

පසුගිය දොහේ ගියා පාර්ලිමේට් එක බලන්න.

අමුඩයාය ගමේ අප්පුහාමි කීවාම දෙඩුවාම ඉතිං අහල ගං හත අටක අමුඩයෝ පවා මම ගැන දන්නවා. ඒ.බී.සී නිවුස් කියවන ඈයෝ නම් පුතෝ හොඳටම දන්වා මගේ හිතේ….

ඉතිං…..බොලව්… මගේ ලොකු දුව ඉන්නේ කොළඹනේ බොලව්…ඒකිගේ  මද්දුම එකී… පාර්ලිමේන්තුවේ පත් වුනේ 2015 ජනාධිපතිවරණයෙන් පසුව තියපු මහ මැතිවරණයෙන් මන්ත්‍රි වෙලා ඇවිත් පසුගිය දොහේ කියාපි සීයා තාත්තාකැමැති නම් පාර්ලිමේන්තුව පෙන්වන්න මට හැකියි මාත් එක්ක යන්න හැකියි. පාර්ලිමට් එක දකින්න කියාලා……

මමත් ඉතිං ගමේ කෝරලේ මහත්යාගේ වලව්වට ගියාට පස්සේ ඔය වාගේ තැනකට යන්න දැන්න දවසක් නෑ මගේ හිතේ….

මම ඉතිං බැනියමයි සරමයි! ඇඳගෙන කොහොමත් අඳින යටට යටට අදින අමුඩෙත් ගහගෙන පසුගිය දොහේ ගියා පාර්ලිමේට් එක බලන්න.

එතන හරි හොදයි. හරියට මම   ගමේ පඳුරු පල්ලේ එළි බැහැලා අමුඩේ අතේ තියන් වැව් තාවුල්ලට  ගිහින් බහින ජලයෙන් පස්ස හොදනවා වාගේ හරිම ඊතලයි එකේ ඇතුල. හරියට අපේ ස්කෝලේ පුතාගේ නුවර ගෙදර ගියා වාගේයි. ඉතං..

මෙකේ පර්ලිමේන්තුවේ කට්ටියම කතා කරනවා. හරි හරි සෙල්ලම් යකෝ. හරි පුදුමයි. එකේ කතා කරන දේවල් ඇහුවාම අපේ ගමේ රා පොල මතක් වෙනවා. අම්මපා…  කසිප්පු පොල වාගේ හරියට , අපේ ගෑණි නාන්න යන ඇළ ගාව ගෑණු කතා කරන ආකාරයට තමයි කතා.

අපේ උක්කුන් පුතාගේ පුතාගේ පුතා පෙර පාසල් යන එකේ ඉන්න පැටව් කියනා දේවල් තමයි මේ පාර්ලිමේන්තුව කියන එකේ කියන්නේ. කරන්නේ හරි හරි සෙල්ම් මට මේ දෑස මක්කැටැයි කියලා හිතුනා ආයුබෝවන්…….

අපි අමුඩයාය ගමේ බට තුවක්කු හදලා කුරුල්ලන්ට විදිපු සෙල්ම් එතකොට කැට පෝලය අරගෙන දඩයමේ ගිය සෙල්ලම මට මතක් උනා….අතින් සෙල්ලම තමයි රබරි ඇටේ මදය ඉවත් කරලා. ඉරටුවක් එක්ට දමල් ඇතුලේ බැදපු නූල දගෙන ඉරටුව ඉහළ රෑම් පෙත්තක් ගහලා කරකවාපු සෙල්ලම මන්ත්‍රි කෙනෙක් කරනවා දැක්කාම හරි ජොලියි.ඒකට අපේ මුණුබුරා ලා කියන්නේ දොඩන්නේ සුපිරියි පංකාදුයි. පට්ට ආතල් වැඩක් කියාලා බොලව්….

මේ මැති ඇමති වරු පාර්ලිමේන්තුවේ කරපු තවත් ක්‍රිඩාවක් තමයි. පොල් කොළ වලින් හදින රූම් පෙත්ත.එතකොට පොල් ගහේ ඇට්ටියෙන් හදන කතුරු උංචිල්ලාව. ගැන හරියට මේ අය මැති සභාවේ සිදුකරනවා හරි හොදයි. සෙල්ලම එතකොට විපක්ෂයේ කියන උදවිය එක පාරටම පොල් කටු හත කඩනවා. සමහරු කොඩි ගස් ගහනවා. සමහරු කියන්න ආසයි කොටු පනිනවා. සමහරු අමුඩේ කඩනවා වාගේ සමහරු මැති ඇමතින්ගේ සරොම් කලිසම් ගලවානවා.

ඒක දැක්කම මම සරම අස්සට අතු දාලා මම බැලුවා මගේ අමුඩේ තියනවාද කියාලා.

එතකොට පොල් පෙති හරකා දක්වන සෙල්ලම කොළඹ මන්ත්‍රිවරු තමයි හොදට කරන්නේ. එතකොට ඒකාබද්දේ හා ආණ්ඩුවේ කියන මැති ඇමති ඇත්තෝ කඹ අදිනවා බොලව් හරියට වැල්ලේ දැල් දාලා මාළු ඔරු ගොඩට අදිනවා වාගේ හැබෑවටම ලස්සනයි.

සමහරු ලිස්සන ගහේ යනවා. අමුඩේ පිටින් නිය වලල්ලවත් නැතිව …ඒ හිටපු …හා දැන් ඉන්න ලොකුම තණතුරු ( තන කියලා තමයි ලියන්න හිතුනේ.ඒ කියන්නේ මේ තණ හරක් කන තණ කොළ අනෙක් තන දන්නවානේ කිරි තන) දරණ හම්බන්තොට රාජු අයියයි පොලොන්නරුවේ හිටන් ගොයියයි…. එකෙක් සාඨකයකින් මුහුණු වහාගෙන අනිකා හාල් පිටි ආප්පයකින් මුහුන වහාගෙන ඉදිකටුවට ණූල දමන සෙල්ම හරි අපුරුය්..යෑ…යියා……

පරණ ටයරයක් පෙරලගෙන උතුරු පැත්තේ මැති ඇමතිවරු එක් පැත්තකින් එනවා. රබර් ගෙඩි දෙක මැදට කෝට්ටක් ගහලා කොට්ටෙන් හදාපු කැට්ටරය, තල්ලුකරගෙන එනවා රතු අප්පු හාමිලා.එතකොට තවත් පිරිසක්කොල පොත් රේස් එකක් එනවා හරි විනෝදයි එතන…

සමහරු ඔංජිලි පැදිනවා. කැට ගහනවා. දාම් අදින මැති ඇමතිවරු තමයි වැඩි.එතකොට ටාක්ක ගහනවා දන්නවා නේ ටාක්ක ගහන සෙල්ලම දන්නැත් ඇත්තෝ පිංතුරේ තියන දේවල් බල්ලන්න….

සමහරු ජීල් බොල ගහනවා. අපි නම් කජුනේ ගැහැව්වේ වළ ගජු ගසනවාය කියන්නේත් මේකටම සමාන ක්‍රීඩාක්සමහරු කට්ටි පනිනවා. ඒකට කියන්නේ බැදුම් කරේ කියාලා කාටත් වඩා ඉහළ පුටුවක වාඩු වෙලා කබායක් දාගත්තු එක්කෙනා කියනවා….හරියට ඇතුලේ කරච්චලේ සක්කිලි පඩි ගත්තා  වාගේ කියලා අපේ කිරි ආතා කියපු කතාව මට මතක් උනා අම්මපා…

සමහරු 20 හොදා කියනවා. සමහරු විස්ස එපා කියමින් පස්ස විකා ගන්නා සෙල්ලම තමයි පංකාදු බොලව්…

එතකොට බිං…. කුණ්ඩා සෙල්ලම. බිං කුණ්ඩෝ බොල බිං කුණ්ඩෝ කියාලා අපි බිං කුණ්ඩෝ සෙල්ලම සමහරු කරනවා දැක්කා බොලව්….සමහරු මුට්ටිය දමලා බලන සෙල්ලම කරනවා. සමහරු හොරා පොලිස් සෙල්ලමකරනවා හංගි මුත්තො හැංගියෝ නොපෙනෙන තැනක හැංගියෝ.. ජංගියෝ… වැරදුණා බොලව්….පංච කෙළිය.බූරුවා ගැහීම,සමහරු සෙල්ලම් ගෙවල් හදනවා. වැලි බත් උයනවා.

කුල්ලේ ගැටය නැතිනම්, කුල්ලේ උගුල සෙල්ලම දන්නවා ද? හොරු අල්ලන්න කියාලා කුල්ල තියාලා ඒක යටට හාල් හෝ වී ඇට දමලා ලීයක් ගහලා කොට්ටුක් ගහලා එකේ බැදපු ලන්නෙන් අදිනවා වී හාල් කන්න ආපු කුරුල්ලෝ හරි  පොල් කිව්චෝ අල්ලන ක්‍රමයට තමයි ඒ සෙල්ලම කරන්නේ  ….කුල්ල වැටෙනකොට කුරුල්ලෝ පියාබිනවා නෑ. වැරදුනා පීනනවා. පියා..බා…ලා යනවා. හොරු අල්ලන සේල්ලමට මට හරිම හිනා…..බොලාට කියන්න මට ඒ… ජාමේ චූ… බර හැදුනා ය කියහන්කෝ….  එතකොට බිමට දමපු  රතු පලසට චූ කළා ….කව්රුත් හිතුවේ ඒ/සී වතුරය කියලා.. බොලව්…..

එතකොට නයා ඇල්ලිම, ඉබ්බයි හාවයි සෙල්ලම, අත්තාපිය මුත්තාපිය ගැසිම,අතුරු මිතුරු සෙල්ලම,කඩදාසි ඔරු පෑදීම,එල්ලේ ගැසීම, වාගේ ක්‍රිඩා තමයි මැති ඇමතිවරු කරන්නේ.

ඔන්න ඔහොම කරගෙන යන කොට එකපාරටම  එතකොටම පාර්ලිමේන්තුවේ හුටස් ගාලා ලයිට් ගියා….මම බය වෙලා කෑ ගැහුවා බුදු අම්මෝ කියාලා එතකොට අපේ මහ එකී ඒ කියන්නේ මගේ ගෑණි මොකෝ දරුවන්ගේ තාත්තා හිනයක්වක් දැක්කැයි, කියමින් මාව කීද්දුවා කියපන්කෝ…. අප්පට හුඩු යකෝ මම දැකලා තියෙන්නේ හීනයක්ද කියලා මට පස්සේ තමයි තේරුනෙ බොලව්…

අමුඩ යායේ තවත් රස කතාන්දරයිකින් නැවතත් හමු වෙමු…..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *