Facebook මගින් ලේ ඉල්ලන අමුතු ජාවාරමක්

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා ඇතැමුන් කරන ලේ ලබාදෙන ලෙස ඉල්ලීම් ගැටලුකාරී බව ජාතික රුධිර පාරවිලන මධ්‍යස්ථානය පවසයි
දුර්ලභ ගනයේ ලේ වර්ග ද හිඟයකින් තොරව ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සතුව පවතින බවත් ඇතැමුන් මේ ඔස්සේ ජාවාරම් වල නිරතවන බැවින් ඒවා හසු නොවන ලෙසත්මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා තිබේ.
රුධිර දායකයින්ගේ පෞද්ගලික තොරතුරු අනාවරණය කරගැනීමටද මෙවැනි ජාවාරම්කරුවන් කටයුතු කරන බව දන්වා තිබේ. පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍යවල පළවූ එවැනි ඉල්ලීම් ආශ්‍රිත සිද්ධි කිහිපයක් නිසා කාර්ය භාර වෛද්‍ය නිලධාරී වෛද්‍ය සේනාල් රූපසිංහ මෙම නිවේදනය දන්වා ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *