ඉදිආප්ප, මුරුක්කු මැෂින් හදන සුපිරි වැඩ්ඩෙක් සොයා ගිය ගමන

“Facebook” නිසා බොහෝ අසිරිමත් දේ සිදු වීම විරල නොවේ. පසුගිය දිනක එවන් අත්දැකීමක් ලැබුවේ අහම්බයකිනි. වැඩසටහනක් සදහා යාපහුව ගිය විට මහව ප්‍රාදේශීය ලේකම් ජගත් හේරත් මුණගැසිණි .වැඩසටහන අතරමැදකදී ජගත් පොඩි යෝජනාවක් කළේය .

“මෙහෙ ඉන්නවා මරු මැෂින් හදුන පොරක්. පොඩි හරි උදව්වක් කරන්න පුලුවන් නම් වටිනවා.” ඔහු කීවේ උනන්දුවෙනි.

” හරි එයට එන්න කියන්න බැරිද ? අපි කතා කරමූ ” මම ද යෝජනාවක් කළෙමි.

“නෑ ඒක ගිහින්ම බලන්න ඕන. මේ වැඩේ ඉවර වෙලා යමුද ?” හිතවත් ප්‍රාදේශීය ලේකම් ගේ යෝජනාවට ඒකග නොවී සිටින්නට බැරි නිසා අප යාපහුව පුද භූමියේ සිට කිලෝමීටර් 4 කට ආසන්න දුරක් ගියෙමු. අවට පරිසරය තුලින් සාර්ථක ව්‍යාපාරයක් දකින්න ලැබේ යැයි සිතන්නවත් පුලුවන් කමක් නැත. වැවක් අද්දරකදී මෝටර් සයිකලයක නැගුනු මැදියම් වියේ ප්‍රසන්න පුද්ගලයෙකු අපිව ලෙන්ගතුව පිලිගත්තේය.

“මේ තමයි වජිර ” ජගත් මට අමුත්තා හදුන්වා දුන්නේය. තරමක් විශාල තහඩු යෙදූ විවෘත ගොඩනැගිල්ල ඔහුගේ කර්මාන්ත ශාලාව විය . අපේක්ෂා කලාට වැඩියමක් එහි ඇති බව අපට දැනෙන්නට විය.

අපට වාඩිවෙන්නට ආරාධනා කරන ගමන් වජිර එහි වැඩ කරමින් සිටි අයෙකු හදුන්වා දුන්නේය .

“මේ යසන්ත අපි දෙන්නා තමයි මේ වැඩේ පටන් ගත්තේ.”

යසන්ත ආරක්ෂක ඇදුම් සහිතවම අපි සමග කතාවට එක් විය. ඒ අතර වජිර ඇපල් වර්ගයේ tab එකක් ක්‍රියාත්මක කරනවා මා දුටිමි.

“අපි ගොඩක් කරන්නෙ ඉදිආප්ප, මුරුක්කු මැෂින් හදන එක. පැයකට 2000 ඉදලා මැෂින් අපි හදනවා.” යසන්ත කීවේය .

චීනෙන් ඕවා ගෙන්නුවොත්? අතුරු ප්‍රශ්නය මගෙනි.

” චීනේ ඉදිආප්ප මුරුක්කු නෑ. ඒ නිසා චීනේ දැනට මේවා නෑ. අපිට මේක කාලයක් කර ගෙන යන්න පුලුවන් . අපේ තව designගොඩක් තියෙනවා . ඒවා පස්සේ පටන් ගන්නවා. ” වජිර සිනාමුසුව පැවසුවේය .

“අපිත් දන්න ඉදිආප්ප මුරුක්කු හදන අය ඉන්නවා . ඒ අයට මේවා ගොඩක් වටිනවා” මම කීවේ නිරූපා සහ ප්‍රියන්ති (කුරුණෑගල අපේ සහකාර අධ්‍යක්ෂිකාවන්) දෙස බලමිනි. ඔවුන්ද හිස සලා එය අනුමත කරමින් මේ දෙදෙනාගේ කතාවට ඇස් කන් යොමා ගෙන සිටින්නෝය.

අපි දැනට මැෂින් දහතුනක් විතර හදලා දුන්නා. ඒවා හොදට වැඩ. තව දෙන්න පුලුවන් . ඕඩර් තියෙනවා . යසන්ත කියා ගෙන ගියේ වෙළඳපොළ ගැටලුවක් නොමැති බව අගවමිනි.

ඇයි හදන අය අඩුදා? අපේ කෙනෙක් ඇසුවා මතකය. එහෙම ගැටලුවක් නෑ. මේ හැමෝම හොදට වැඩ කරනවා. වජිර පිලිතුරු බැන්දේය. “අපිට මේකට තව මුදල් ටිකක් යොදවන්න ඕන.” ලෝන් එකක් ගන්න බැලුවේ නැද්ද ?” ප්‍රියන්ති ඇසුවාය.

“පුලුවන් ඒත් අපි තාම මේක රෙජිස්ට්‍රර් කරලා නෑ.”

“ඒක පොඩි දෙයක් නේ හෙට එන්න ඩොකියුමන්ට්ස් අරන් ” නිහඩව සිටි ජගත් කිව්වෙය. මගේ සතුට නිම්හිම් නැති තරම්ය . සහන පොලී ණය ලබා දිය යුතුවන්නේ මොහුන් වෙනුවෙන් නොවේද ?

මැෂින් වල දෝෂයක් ආවෝත්.? ගැටලුවක් නෑ අපි ගිහින් හදලා දෙනවා. එත් ඒක ප්‍රැක්ටිකල්ද? ගොඩක් වෙලාවට යන්න ඕන නෑ.Team viewer දාලා තියෙන්නේ . අපිට මෙහෙ ඉදලා උපදෙස් දෙන්න පුලුවන් . ඔවුන් කර ඇති දේ බොහෝය . අපේ රටේ කුඩා ව්‍යාපාර දියුණු කරන්නට මෙවන් නිර්මාණශීලීන් මොන තරම් වටින්නේද?

කොහොමද මේ වැඩෙ පටන් ගත්තේ? කොහොමද දෙන්නා හමුවුනේ? දෙන්නම මෙහෙද? අපෙන් ප්‍රශ්න වැළකි.

මම කොළඹ , කොළඹ විශ්ව විද්‍යාලයෙන් lCT කලා. යසන්ත අම්පාරේ . හාඩි එකෙ ඉගෙන තියෙනවා . දැන් එන්නේ මාතලේ ඉදලා . ඒ කාලේ එයා ඕමාන් වල වැඩ කලේ. අපි මුණ ගැහුනේ FB එකෙන්. ..

මම ජගත් ට අනේක වාරයක් හිතෙන් ස්තුති කලේ මෙහෙම අය ඉන්න බවක් හීනෙන් වත් නොසිතූ නිසාවෙනි. අපිට කල හැකි දේ බොහෝ නොවේද ?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *