ශ්‍රී ලංකික තරුණ තරුණියන්ට ප්‍රංශයේදී නොමිලයේ උසස් අධ්‍යාපන වරම්

තරුණ ප්‍රජාව දැනුම්වත් නැහැ.

“ශ්‍රී ලංකික තරුණ ප්‍රජාවට තොරතුරු ලැබීමේ අඩුවක් තියෙනවා.මේදිනවල බොහෝදෙනා facebook පිළිබඳව කථා වෙනවා.ලංකාවේ බොහෝ තරුණයන්ට facebook ගිණුමක් තියෙනවා.නමුත් ඔවුන් ඒ තුලින් ඇති අවස්ථාවන් පිළිබඳව දනුම්වත්ද කියල සැකයක් තියෙනවා.මං නිපුණත සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය වරයා ලෙස මාධ්‍යවේදී ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා තරුණ ප්‍රජාව දැනුම්වත් කරන ලෙස.”අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා මේ අදහස් පලකලේ ප්‍රංශ භාෂාව හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව ප්‍රධානය වෙනුවෙන් කොළඹ කැප්පෙටිපොල මාවතේ පිහිටි ප්‍රංශ භාෂා අධ්‍යන මධ්‍යස්ථානයේ පවතී උත්සවයකදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා “මං විශ්වාස කරනවා අපරට ඉදිරියට රැගෙන යාමට නම් මානව සම්පත සංවර්ධනය කල යුතු බව.අපි දශක තුනක් ත්‍රස්තවාදයෙන් බැට කෑවා නමුත් ආඩම්බරයි කියන්න අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල දියුණුවක් සිදුවෙලා තියෙනවා.සමහර ළමුන්ට හිසට සෙවනක් නැහැ නමුත් හොඳින් අධ්‍යපනය හදාරනවා.
ප්‍රංශ භාෂාව හැදෑරීම වැදගත්. ලෝකයේ රටවල් බොහොමයක් තියෙනවා ප්‍රංශයේ යටත් විජිතයක් ලෙස සිට අද ප්‍රංශ භාෂාව කථා කරන.ප්‍රංශය විද්‍යාව තාක්ෂනය විතරක් නෙවෙයි කලාව සංස්කෘතිය අතිනුත් පොහොසත්.ඇමරිකාව, එංගලන්තය ,කැනඩාව,ඔස්ට්‍රේලියාව  වගේ රටවල් වල උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා අපේ තරුණ තරුණියන් පමණක් නෙවෙයි දෙමාපියන්ද බොහෝ උනන්දුවක් දක්වනවා.නමුත් අවාසනාවකට අපි දැනුම්වත් නැහැ ප්‍රංශයේ උසස් අධ්‍යාපන අවස්ථා සඳහා ශ්‍රී ලංකික ශිෂ්‍ය ප්‍රජාවට සාපේක්ෂව ලාභදායි අවස්ථා ඇති බව.අවම වශයෙන් අදදින ශිෂ්‍ය ශිෂ්‍යාවන් 100 කට  ප්‍රංශයේ විශ්ව විද්‍යාලවල උසස් අද්‍යපන අවස්ථා හිමිවෙනවා.”


මෙහිදී  ශ්‍රී ලංකාව හා මාලදිවයිනේ ප්‍රංශ තානාපති අතිගරු    මෙය ශ්‍රී ලංකික සිසුන්ට මහඟු අවස්ථාවක්, ප්‍රංශ භාෂාව කථා කිරීමට හැකිවීම අද ලෝකයේ සම්පතක් ලෙසයි දකින්නේ මේ වනවිට රටවල් 32 ක මිලියන 600ක ජනතාවක් ප්‍රංශ භාෂාව කතා කරනවා යනුවන් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *