ගාල්ලේ වීරයාට පිහි පහරක් බරපතල තත්වයෙන් රෝහලේ

තරුණියක් පැහැර ගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ ඇය බේරා ගැනීමට

ගාල්ල නගර මධ්‍යයේදි  තරුණියක් පැහැර ගෙන යාමට සූදානම් වූ අවස්ථාවේ ඇය බේරා ගැනීමට ඉදිරිපත්වු තරුණයෙකුට පිහියෙන් ඇන ඇතැයි ගාල්ල මුලස්තාන පොලිසිය කියයි.මේ නිසා තුවාල ලැබු තරුණයා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුලත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බර පතල බව රෝහල් පොලිසිය කියයි.

තරුණිය ගාල්ල නගරයේ වෙළඳ සැලක සේවය කරනු ලබන අතර ඇය අද 29 දින  වෙළඳ සලට පැමිණි අවස්ථාවේ ත්‍රි රෝද රථයකින් පැමිණි තරුණයකු  ඇය පැහැරගෙන යාමට උත්සාහකල අවස්ථාවේ එම වෙළඳ සැලේම  සේවය කරන තරුණයෙකු ඇය බේරා ගැනිමට ඉදිරිපත්ව ඇත. එහිදි  ඔහුට පිහියෙන් ඇන පලා ගොස් තිබේ.මෙම පැහැර ගැනිමට උත්සාහ කිරීම ප්‍රේම සම්බන්ධයක් මත සිදුව ඇති එකක් බවත් සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *