දකුණු මුහුදු වෙරළට ආ සීල් මාළුවා කියන අභිරහස් කතාව මෙන්න

සත්සමුදුර පරයමින් ලොව සිටින දැවැන්තම ගැඹුරුම මුහුදු සීමාවේ කිමිදුම් ක්‍රීඩාවේ යෙදෙන්නට දක්ෂතාවයක් ඇති සීල් මස්‍යයකු දකුණු වෙරළ තිරය සුන්දර කරවන්ට සමත්ව සිටිති. මේ සත්වයා කිරිසුදු මුහුදේ වෙරලත සිට අසනා පවසන කතාන්දරය මිනිසාට වැදගත් වනු ඇත.

මේ අනුව, සීල් මාළුවාගේ කතාන්දරය මහා කතාන්දරයකි. මේ දින වල මේ මාළුවා  දකුණු පළාතේ මුහුදු තිරයට පැමිණ  පැමිණ තිබේ. මේ මුහුදු කිමිදුම් කරුවා දකුණු වෙරළේ නැතිනින් තැන දැකිය හැකිය.මේ දිනවල ගාල්ල අවට මුහුදුතීරයට සීල් මත්ස්‍යයින් පැමිණෙන බැවින්,එම මත්ස්‍යයින්ට හිරිහැර නොවන ලෙස ධීවර කටයුතුවල නිරතවන ලෙස ධීවරයින් දැනුවත් කර ඇති බව, හික්කඩුව වනජීවී උද්‍යාන භාරකරු උත්පල අදාරංග මහතා පවසයි.

ආක්ටික් කලාපීය මුහුදේ සිටින සත්වයෙකු බවත්,ස්වාභාවික හේතු මත දකුණු මුහුදු තීරයට සංක්‍රමණය වන්නට ඇති බවත්ය.ධීවර කටයුතුවලදී භාවිත කරන දැල්වලට හසුවීමෙන් සීල් මත්ස්‍යයින්ට හානි සිදුවීමට ඉඩ ඇති නිසා,අවධානයෙන් එම කටයුතුවල යෙදිය යුතුව ඇත. ඔවුන්ව ඇල්ලීමෙන් වළකින්න, සීල් මත්ස්‍යයින්ට අනතුරක් සිදුව ඇත්නම් වහාම තම ආයතන දැනුවත් කරන ලේස ඒ මහතා පවසයි.

පළමු වරට මෙම සීල් මත්ස්‍යයා මිහිරිපැන්න ප්‍රදේශයේදී දක්නට ලැබූ අතර පසුව, උණවටුන, මිදිගම දළවැල්ල යන ප්‍රදේශවලදීද දක්නට ලැබිණි.ශ්‍රී ලංකා  මුහුදු තීරයේදී සීල් මත්ස්‍යයින් දක්නට ලැබුණු පළමු අවස්ථාව මෙය වන අතර, අත්ලාන්තික් සාගරයේ සිට ගසාගෙන එන්නට ඇති බවට සැක කෙරේ‍. ඉතා ශීත රටවල ජීවත්වන සීල්මත්ස්‍යයාට ගැඹුරු ජලයේ වේගයෙන් පිහිනායෑමේ හැකියාවක් ඇත. මිනිස් ජීවිතවලට කිසිදු හානියක් නොකරන මෙම සත්වයා හොඳින් වැඩුණු පසු කිලෝ 1000 ක පමණ බරකින් යුක්ත වන අතර,ආයු කාලය අවුරුදු 20-30ත් පමණ වෙයි.

මෙම සත්වයා සම්බන්ධයෙන් විටක මෙය අමුතුම සංචාරයක් සඳහා මෙම ගමන් පැමිනියේද යන්න පෙන්වා දිය හැකිය. නමුත්,මෙම සත්වයා පැමිණිම සම්බන්ධයෙන් විද්‍යාමක කරුණ පැහැදිලි කිරිමේ දී පරිසරයේ මේ දිනවල සිදුවන වෙනසට සම්බන්ධව තොරතුරුද රැසක් පැවසෙන බව හික්කඩුව වනජීවී උද්‍යාන භාරකරු උත්පල අදාරංග මහතා පැවසීය.

මෙම සංචාරක මස්‍යයාගේ ආගමනය අප නොදන්නාවු මහා කතාන්දර රැසක් පිළිබඳව අපට කියා දෙයි. ඒ කාලගුණයේ හා දේශ ගුණයේ වෙනස තළ පරිසරයේ ඇති වන්නා වු වෙනසට සත්ව ලෝකයේ සත්වයෝද මිනිසුන් මෙන් ගොදුරු වන බවයි.

මෙයට අමතරව,පරිසරයේ ඇත් වි තිබෙන උනුසුම නිසා ලෝකයේ හිම කඳු දියවන්ට මේ වන විට ඇති හැකියාව ද පෙන්නුම් කරයි. මේ අනුව මේ මසුන්ද එයට ගොදුරු වී ඇති බව පෙන්වා දිය හැකිය. මේ ආකාරයේ සත්වයෙක් විශේෂයෙන්ම ලංකාව වැනි ආසියා රටකට පිහිනා ආ පළමු අවස්ථාව මෙය බැව් පෙන්වා දිය හැකිය.මේ සතුන් උතුරු ද්‍රවයේ ජීවත් වන නමුත් ලෝකයේ දකුණු මුහුදු සීමාවට  පැමිණිම සුවිශේෂ සිද්ධිය රැසක් බව හික්කඩුව වනජීවී උද්‍යාන භාරකරු උත්පල අදාරංග මහතා පවසයි.

ලොව ජලයේ ජිවත්වන මසුන් අතර ගැඹුරු ජලයේ සිට මතු පිට ජලයටත් මතු පිට ජලයේ සිට ගැඹුරු ජලයටත් සැරිසරින්ට හැකි මේ මසුනට ගැඹුරු දියෙහි   ගැඹුරටම පිහනන්නට හැකිය. මේ මාළුවා සමහරු විට දිය වැලක් මාර්ගයෙන් හෝ මුහුදේ යම් කිසි පරිසරික වෙනසක් නිසා ලංකා මුහුදු තීරයට පැමිණිමට මෙම සත්වයාට සිදු වූවා විය හැකිය. එය යම් කිසි පරිසර වෙනසකට අනුගත වන්ට පැමිනි වීර චාරිකාවක්ද කියා ද විටක සඳහන් කළ හැකිය. එනම් උතුරු ද්‍රවය ආශ්‍රිතව ජීවත්වන මෙම් මසුන් දකුණු දක්ෂිණද්‍රවය යට පැමිණ  වාසය කරන්නට හැකි දැයි මේ සතුන් පරික්ෂණයක් සිදු කරන්නේද යන්න සමහර විට මේ සත්වයා සිදු කළා විය හැකිය.

මේයට අමතරව කිසිදු උවදුරක් නොමැතිව මුහුදු සැතැම්ම ගණනාවක් දුර ගෙවා මේ සත්වයා ලංකාවේ දකුණු මුහුදු තීරයට පැමිණිම සම්බන්ධයෙන් කතා කිරිමේ දී මෙම මසුන්ගේ උපක්‍රමසීලි බැව හා දක්ෂතාවය ද මනාව පෙන්වා දිය හැකිය. මෙහි මේ සත්වයා පැමිනිම ලෝකයෝ මුහුදු පරිසරයේ අනාගතයේ සිදුවන යම් වෙනසක් හෝ යම් පාරිසරික වෙනසක් නිසා එයට ඉව වැටනු නිසා මේ සංක්‍රමනය සිදු වුයේද යන්නද වැදගත්ය.

එය ලොව කාලගුණ දේශගුණ තත්ත්වයේ අධ්‍යනයක් සිදු කරන්ටද මේ සිල් මාළුවාගේ පැමිණිම පෙන්වාදිය හැකිය. සිදුනොවන්නට සිහිනයෙන් හෝ නොසිතුවත් යළිත් සුනාමි වැනි තත්ත්වයක්ට මහමුහුද ඇතුලත පරිවර්තනය වෙනවාද එය දැනුණු නිසාදෝ මේ ආගන්තුක සත්වයින් මුහුදු පත්ලේ ඇතිවන වෙනස නිසා මේ ආකාරයට උතුරු ද්‍රවයේ සිට පැමිණියේද යන්න සැලකිය යුතුය. එය හුදෙක් මසකුගේ පැමිණිමක් පමණක් බව පවසා අත් හැරියයුතු කරුණක් නම් නොවේ. 

මෙයට අමතුරව, උතුරු ද්‍රවයේ ජීවත්වන සත්වයන්ට ලොව දක්ෂිණ ද්‍රවයේද වසන්නට සරින්ට ජීවත් වන්ටද හැකි නම් එය අනගතයේ තවත් සත්ව ලෝකයේ පිටුවක් පෙරලා දෙන්නට මෙම සිල්ගේ පැමිණිම සටහන් වුනු ඇත.මෙය සංචාරක කර්මාන්තයට ද මහත් අනුබලයක් දෙනු බව පෙනේ මේ නිසා මේ සතුවයා ගේ පැමිණිම සුළු කොට සැලකිය නොහැකිය මේ සම්බන්ධයෙන් දේශගුණකි කාලගුණික පරිසර සමුද්‍ර වෙරළ ආදි කොට සියලුම රාජ්‍ය ආයතන පරික්ෂණයක් සිදු කළ යුතුව ඇත. එය සමහර විට නව සොයා ගැනිමක් හෝ යම් අලුත් සොයා ගැනිමකට පිටුවහලක් හෝ මහා විනාශයක පෙර නිමිති සොයගන්ට හෝ හැකිය යන්න පෙන්වා දිය හැකිය. පරිසරවේදිහු පෙන්වා දෙන්නේ මේ කරුණය

මෙයට අමතරව,මෙම සත්වයන්ගේ තොරතුරු ද සත්තකින්ම රසවත්ය.අළු සීල් (හැලිකෝරස් ග්‍රිපස්) උතුරු අත්ලාන්තික් සාගරයේ වෙරළ දෙපසම දක්නට ලැබේ.මේ සත්වයෝ ෆොසිඩේ පවුලේ විශාල මසුන් ගණයට අයත්වේ.හැලිකෝරස් කුලයට අයත් එකම විශේෂය එයයි.  

දියුණු මොළයක් ඇති මිනිසාට පවා විදේශීය භාෂාවක් ඉගෙනීම එතරම් පහසු කටයුත්තක් නොවේ. එහෙත් වෙනත් ජීවී වර්ගයක භාෂාව හඳුනාගැනීමට තරම් විශිෂ්ඨ හැකියාවක් සීල් මත්ස්‍යයන් සතුව පවතින බවැ පැවසේ.එනම් තල්මසුන්ගේ  හඬ හඳුනා ගැනීමට ඔවුනට විශේෂ දක්ෂතාවක් ඇති බව පවසනුයේ  ස්කොට්ලන්තයේ ඇන්ඩෘ සරසවියේ සාගර විද්‍යාඥයෙකු වන වෝල්කර් ඩිකේ මාධ්‍යවලට ප්‍රකාශ කර තිබේ.

ඔහු විසින් කොලොම්බියා පැසිපික් වෙරලාසන්නයේ සිටින සීල් මසුන් වෙත තල්මසුන්ගේ හඬ නිකුත් කරනු ලැබුවා.බොහෝ තල්මසුන් සීල් මතස්‍යයන්ව ආහාර ලෙස ගන්නා නමුත්,සමහර තල්මසුන් විසින් ආහාර ලෙස ගනු ලබන්නේ වෙනත් මත්ස්‍ය විශේෂයි. මෙහිදී සීල් මත්ස්‍යයන් ආහාර ලෙස ගන්නා තල්මසුන්ගේ හඬවල් ඇසුනු විට,සීල් මත්ස්‍යයන් අතර මහත් කැලඹිමක් හට ගන්නා අතර වෙනත් මත්ස්‍යයන් ආහාරයට ගන්නා තල්මසුන්ගේ හඬවල් හමුවේදී සීල් මත්ස්‍යන් දැක්වූයේ සාමකාමී හැසිරීමකි.

තල්මසුන්ගේ හඬ හඳුනා ගැනීම සඳහා සීල් මත්ස්‍යයන් සතුව ඇති හැකියාවත් සමඟම තවත් වැදගත් කරුණක් අනාවරණය වූ බව ඩීකේ පවසයි. එනම් සීල් මත්ස්‍යයන් ආහාරයට ගන්නා තල්මසුන්ගේ  හැසිරීම හා අනෙක් මසුන් ආහාරයට ගන්නා තල්මසුන්ගේ හැසිරීම අතර විශාල වෙනසක් ඇති බවයි. මෙම වෙනසට හේතුව සීල් මත්ස්‍යයන් හොද පෝෂ්‍යදායි ආහාරයක් වුවද, තල්මසුන්ගේ හඩ හමුවේ ඔවුන් පලායන අතර තල්මසුන් එක් වර්ගයකි.වේගයෙන් පිහිනා යන මසුන් ඇල්ලීමට දක්ෂතාවක් පෙන්වයි. අල්ලා ගැනීමට අපහසු වුවත් තල්මසුන්ගේ හඬ හඳුනාගැනීමට අපොහොසත්වන මසුන්ව අල්ලා ගැනීමට එවිට ඔවුනට හැකියි. එහෙත් අනෙක් තල්මසුන් වර්ගයනට සිදුව ඇත්තේ ඉතාම නිශ්ශබ්දව සිට උපායශීලිව සීල් මත්ස්‍යයන් ගොදුරු කර ගැනීමටයි. තල්මසුන්ගේ හඩ අනුව, ඔවුනට අවශ්‍යව ඇත්තේ වෙනත් මසුන්ද? නැතහොත් තමන්වද? යන්න හඳුනා ගැනීමට සීල් මත්ස්‍යයන්ට හැකියාව තිබෙන බව ඔහු පවසයි.

ඩොල්පින් හා තල්මසා යන දෙදෙනාම ඉතාම බුද්ධිමත්.එහෙත් වෙනත් සත්ත්ව විශේෂයක හඬ හඳුනා ගැනීමට සීල් මත්ස්‍යයන් සතුව ඇති මෙම හැකියාවත් අගය කළයුතු මට්ටමක පවතින බවද ඩීකේ පවසයි.

මෙයට අමතරව මෙම සත්වයාට ගොඩ බිම විවේක ගන්නට අවශ්‍ය කාරණයකි. මේ නිසා මේම සත්වයාට දින දෙක තුනකට වරක් නිදහස් වෙරළේ නිදහසේ සරන්නට අවශ්‍ය වේ මේ නිසා මේ සත්වයා මේ පැමිනි සිටින දකුණු මහුදු තිරයේ ජනතාව යම් කැප කිරිමක් කළ යුතු බව පරිසර වේදි හු පවසති. එනම් මෙම සත්වයාට නිදහසේ සරන්ට අවස්ථාව දිමයි. එය සිල්ට සිදු කරන ගරැත්වයක් උපකාරයකි. මේ සියලු හමුවේ මුහුදු සැතපුම් දහස් ගණනාවක් දුර ගෙවා අද ලංකාවේ දකුණු මුහුදු තිරයට පැමිනි මේ සුන්දර සිල්ට අපේ ආරක්ෂාව ධීවරයන්ගේ ආරක්ෂාවද එයට අවශ්‍ය වු පරිසරය ද පාරිසරික පහසුවද ලබා දෙන්නේ නම් උතුරු ද්‍රවයේ සිට දකුණු ද්‍රවයට පැමිණි සීල් මස්‍යයාගේ කතාන්දරය තවත් සුරගන කතාවක් නොව සත්‍ය කතාන්දරයක් වනු ඇත.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *