ගාල්ලේ 2020 දියවන්නා පොරයේ මහත්වරුන්ගේ පැටිකිරිය මෙන්න

ගාල්ලෙන් 2020 දී දියවන්නාවට යන්න සිටින පොහොට්ටු,දුරකතන,මාලිමා,අලි මහත්වරුන්ගේ ඇත්තම පැටි ගිරිය මෙන්න කියවලාම බලා ගනින්ල්ලා….

හබරාදුවේ දිල්ෂාන්ට අරක්කු බාර් 02 යි. රාජපක්ෂ පවුලේ බබාලාගේ සුරතලාට දියවන්නාවට යා හැකි ද?

ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදු ජනපෙරමුණේ අපේක්ෂකයන් අතරේගත් කළ හබරාදුවට සම්බන්ධ අපේක්ෂකයෙක් දිල්සාන් විදානගමගේට අරක්කු බාර් 02ක් හබරාදුව හා අහංගම නගරවල පවත්වාගෙන යයි.දුෂිතයන්ට හොරුන්ට බාර් කාරයන්ට නාම යෝජනා ලබා නොදෙන්නේ නම් ජනපති තුමනි මේ ආකාරයට හබරාදුවට සම්බන්ධ තරුණ පුද්ගලයාට අපේක්ෂයාට නාම යෝජනා භාර දුන්නේ ඇයි!දකුණු පලාත් සභාවේ සිටි ඒ.ජී.සී පියසිරි වැනි නායකයන් හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ සිටිය දී මෙය සිදු කලේ ඇයි. මට කාඩ් එක ලැබුනේ නෑ මම වැඩ කරන්නේ නෑ පියසිරි කියයි. වැඩ බැරි පියසිරිට කාඩ් එක නැත.සර් කාඩ්එක දුන්නානම් කාඩ් එක කුඩුය.

ඒ.ජී.සී පියසිරි වසර 25ක් පළාත් සභාවේ වසර පහක් ඇමති හබරාදුවට ගාල්ලට දකුණුට කළ වැඩක් තිබේද ?

පියසිරි ජන්දයට ආවේ නම් නැතිනම් මේ දිනවල අතමිරිකා පිටට තට්ටු කර මළ ගෙවල් වල නිදිමරණ පියසරි ගියවර වාගේම මේවර ද පරාජය වුවද මළගෙවල්වල පාළුව මකන්නටනම් අගනේය. වසර 25ක් පලාත් සභාවේ සිටි පියසිරියා කළ යමක් නැත. හබරාදුවම ඒ බව දනිති.

දිල්ෂාන් විදානගමගේ සමඟ රගර් ගසන්නට රාජපක්ෂ බේබිලා හබරාදුවට එයි!

දිල්ෂාන් රාජපක්ෂ වාදියෙකි.මහින්දගේ බේබි බබාලා නිරතුරුවම හබරාදුවට එන්නේ දිල්ෂාන් සමඟ රගර් ගසන්නට නම් නොවේ. වසර 10ක් හබරාදුව සභාවේ සභාපති වු දිල්ෂාන් කල වැඩක් නැත. යමක් කලේ නම් ඒ කලේ අර පනින්න පන්නන සිටින චන්දිම වීරක්කෙඩි ය කියා හබරාදුවේ ඈයෝ කියති.

දකුණු පළාතේ කෝටිපති යෝ දෙන්නෙක් මහ මැතිවරණයට

දකුණු පළාතේ කෝටිපතියන් දෙදෙනෙක් මෙර මහ මැතිවරණයට ඉල්ලයි.එක් අයකු ඉල්ලන්නේ කුරුනෑගල දිස්ත්‍රික්කයෙනි.ඒ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සහ වත්මන් අගමැතිවරයාය දකුණු පළාතේ මහ පුටුවක සිටි ආන් බලන්ගොඩ ප්‍රදේශයේ අයෙකි. ශාන් ඇමතිතුමාට නම් අම්බානට සල්ලි තියනවා. මේවර මහ මැතිවරණයෙන් පරාජය උනත් මොකද සල්ලි හම්බ කර තියනවා.යැයි ගාල්ල දිස්ත්‍රික්කයේ පොහොට්ටුව ලකුණු දරණ මන්ත්‍රිවරු පාක්ෂිකයන් පවසති.වැඩේ ඇත්තකි. ජවිපෙ නලින් හේවගේ 2020 මහ මැතිවරණයට ඉල්ලන මලිමා සඟයා පළාත් සභාවේ දී ශාන් පට්ට ගහමින් කී කතාව මට අදටත් මතකය.

ගීතා මනාලිය සමනලියක වු දා විස්කී බීපු චන්දිකා ගීතා අපි නොදන්න විජය කුමාරණතුංග

ගිතා සමන් මලී සමනලියක මෙන් කටයුතු කරන්නීය. ඇයට මේවර ගාල්ලෙන් චන්ද ලබා ගැනීමේ ප්‍රවණාතාවය අඩුය. අඩන ගීතා හිනහෙන ගිතා බැසිල් උතුමාට ආදරෙයි ගීතා. ගිතා නගා ට අමනාපයි ගීතා….

පියසේන ගමගේ පියාපත් සළා කැදැල්ලට යයි!

පියසේන ගමගේ ද දැවන්ත කෝටිපතියෙකි.ගාල්ලේ වසර 35 ක් දේශපාලනය කර ගාල්ලට කල දෙයක් නැති තරම්යය.විදුලිය හොරාට ගත්තාය කියා කතාවක් මාධ්‍යවල මුල් පිටුවල නම් සටහන්ව තිබිණි. උපාධියක් ඇති පියාට දැන් නම් ගෙදර යන්නට කාලය එළඹ ඇත. අලුත් මුහුණක් සඳහා අවස්ථාව නොදි බුලත් කොළයෙන් පුටුවෙන් පැමිනි පියා අලියාට ගොස් පසුව සජිත්ගේ දුරකතනය කරට ගෙන අම්බානට ජන්දය ඉල්ලමින් කෝල් කරති.අවෝ පියා පියාපත් සලා ගෙදර යන්න කැඳල්ලට පියාබන්න…

සූත්තර මවන අලියා පක්ෂයේ අනාගත සිහින නායක සූත්තර පුංචා වජිර අබේවර්ධන නම් වූ පොත් පෙරලන්නා…

ගාල්ලේ වජ්ර සූත්තර පුංචාය.මේකා පොත් කාරයායා. ඇවන් ගාඩ් මහ බැංකු හොරු මතක්වන විට වජිර තරම් ඩීල් කාරයෙක් දකුණු පළාතේම නැත.ගල්ලෙන් දෙශපාලනයට එකෙකුටවත් එන්න දෙන්නේ නෑ වජිරගේ අලියා පාක්ෂිකයෝ පවසන්නේ ඒ නිසා විය හැකිය.

දුරකතනයේ ගාල්ල දිස්ත්‍රික් නායක ගයන්ත කරුණාතිලකට කැපුවේ රනිල් ද, වජිර ද! සාගල ද! මංගලද ? තෝ ද…

ගාල්ලේ එජාපට වළ කපන්නේ මොහුය. ගාල්ලේ සුපිරි කෝටිපතියන් අතර වජිර ඉදිරියෙන් සිටිමින් මෙවර මහ මැතිවරණයටද  සල්ලි පොම්ප කරයි.අලියා පක්ෂයේ සිහින නායකයා වීමට වජිර අබේවර්ධන තැත් කරන බව ගාල්ලම දනිති. තමාට අභියෝගයක් වන කිසිදු පුද්ගලයෙක්ට වජිරගෙන් සමාවක් නැත.කපා දමනවා මිස වෙනත් විකල්පයක් ඔහු සතුව නැත. මට කැපුවේම වජිර තමයි කැපුවේ  ගයන්ත කරුණාතිලක කීවේ පසුගියදා හබරාදුවේ පැවැති රැස්විම් කිහිපයක දීය.

ගයන්ත කරුණාතිලකට ජන්දය නොදිය යුත්තේ නෑ ! වැදුනා දිය යුත්තේ ඇයි!

දුරකතනයේ ගයන්ත කරුණාතිලක පතොල වැට කොළු නිවිති මෙන්ය. කරන්නට හැකි දෙයක් තිබුනද කරන්නේ නැත.සමගි ජන බලවේගයේ දිනන රැහැනේ ඉදිරියෙන් සිටින ගයන්තට පොදු මනාපය ජනතාව සජිත් නිසා දෙන්නේ වෙන කිසිවෙක් ගාල්ලේ නැති නිසාය.නැතිනම් ගෙදර යැවිය යුතු ඇත්තෙකි.දේශපාලනයට මහත්මයෙකි. පාක්ෂිකයන් ආරක්ෂා කරති! නමුත්,අපේ කාලයේ මේ චරිත නම් දේශපාලනයට උවමනා කර තිබේද ? තීරණය ගාල්ල දිස්ත්‍රික්යේ ජනතාව සතුව පවතී.

රනිල්ගෙන් කැපුණු තාරක නානායක්කාර සජිත්ගේ විස්වාසවන්තම තරුණ නායකයා වෙයි.!

හබරාදුව තරක නානායක්කාර රනිල්ගෙන් කැපි සජිත්ගෙන් ගොඩ වී දුරකතනයට හේත්තු වී සිටිති. හෙතෙම මෙවර දුරකතනයෙන් ජන්දය ඉල්ලන්නේ ගාල්ල හබරාදුවෙනි. වාසුදේව නානායක්කාර,එතුමාගේ ලොකු බාප්පාය. එතුමා රටට හදුන්නනේ හුත්තා කියා කී විටය.තාරකගේ තාත්තා හේම කුමාර නානායක්කාරයි. එතුමා පැන්න නැති පක්ෂයක් නැත.

වාසුදේව නානායක්කාර හේම කුමාර නානායක්කාර මුත්තලා

නමුත්,මේවර තාරක නානායක්කාරට සහයෝගය දක්වන්ට සජිත්ව දිනවන්නට රටපුරා මෙහෙයුමක් දියත් කර ඇත. තාරක ගේ වයස 34 කි. දෙස් විදෙස් උපාධිධාරියෙකි. නීතිඥයෙක් වු තාරකට උරුමයෙන් හිමි වු දේපල ඇති නමුත් ඒවා සියල්ලම පාලනය කරන්නේ නානායක්කාර පවුලේ අප්පා,මහප්පා,ලොකු අප්පොච්චි හා තාත්තාය.

තාරක නානායක්කාරට දිනන්නට හැකි ද?

නමුත්, තාරකට  ජන්ද හා මනාප ගාල්ලෙන් ලැබෙන බව දැකිය හැකිය. ඒ අනුව, දිනන සමගි ගාල්ල පෙරමුණේ තාරක එක හෝ දෙවන ස්ථානයේ සිටිති.

මා!…..?  මහින්ද නෑ! මනුෂ මහින්දගේ කරේ යයි!රනිල්ගේ උකුලේ! සජිත්ගේ අතේ එල්ලි දුරකතනය ඉල්ලයි!

ගාල්ලේ මනුෂ නානායක්කාර පනින්නට උපන් හපන් කම් ඇති රතු ඉර රුපවාහිනී නාලිකාවෙන්  ලංකාවම හදුනාගත් පවුල් පන්සල් දෙක තුනක් චාරු මාරුකර ගත් මනුෂ කලක මහින්ද රාජපක්ෂගේ ගෝලයෙක් විය. පසුව. රනිල් සරණ ගිය මනුෂ ඉන් පසුව සජිත්ට එක් වන්නේ ගිය ගිය පැත්තෙන් ගාල්ලෙන් දියවන්නා ඔයට ගාටන්නට වාසනාව ඇති මනුෂයයෙක් බව කියමිනි. ධනවතුන් අතර මනුෂද යහමින් මුදල් සරිකරගත් පුද්ගලයෙකි.වරදාන වරප්‍රසාද හමුවේ මනුෂ නානායක්කාර පනින්නේ ඉස්සකු නොව ආඳාටද නොදෙවෙනි අයුරිනි.පනින මනුෂ යැයි ගාල්ලේ පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු පාක්ෂිකයන් මේතුමාට පවසන්නේ දොඩංනේ අන්න ඒ නිසාය.

අප්පච්චිගේ ගාළු පුතා සම්පත් අතුකෝරාළ රාළ මීගමුවේ මුවෙක් හැඩුවයි සබරගමුවේ!

අප්පච්චිගේ ගාළුපුතා සමපත් අතුකෝරල කොළුවා පියසේන ගමගේ හා ඔහුගේ පුත් කොළුවා  සමග දේශපාලනයට එක්වු සම්පත් සියල්ලෝම කපාගෙන අද පළාත් සභාවේ ඉදිරියෙන් සිටිම නිසා මේවර ගාල්ලෙන් මහ මැතිවරණයට එක්ව ඇත්තේ පොහොටුවෙන්ය.

කව්ද? ඒ හාදයා!   නමක් ගමක් දන්නේ නෑ හැබැයි මනුස්සයෙක්….

සල්ලි නැත.මනුස්සකම නම් ඇත. දිනන්නට හැකි ද ජනතාව සතුව ඇති කාරණයකි. නමුත් සම්පත් නම් හොරෙක් දුෂිතයෙක් හෝ කුපාඩියෙක් නම් නොවේ. මහන්ද රාජපක්ෂ මහතාගේ ගාළු පුතා අප්පච්චිගේ ගාලු පුතා කීවාම කොල්ලො කතාවක් කියති. ඒ සම්බන්ධයෙන් අපි දන්නේ නම් නැත.එතකොට ගාලෙත් මහින්ද රාජපක්ෂට පුතෙක් ඉන්වාද ? අපි නම් නොදනිමු.

පනින්න පන්නන්නට වඳුරන්ට රිලවුන්ට පනින්න නීති උපදෙස් දෙන වැඩක් කළ දොඩංගොඩ ඇමැතිගේ පෙරක දෝරු බෑනා හේ නීතිඥ චන්දිම වීරක්කොඩි නම් වීය.

චන්දිම වීරක්කොඩි සත්තකින්ම දක්ෂයෙකි. එතුමාට පනින්න ඉනිමඟ උවමනා නැත.පනින්න දක්ෂයෙක් වුවද ගාල්ල දිස්ත්‍රික්යේ රැකියා 2000 කටත් වඩා දී ඇත්තේ චන්දිම වීරක්කොඩිය.

රිචර්ඩ් පතිරණ හා අමරසිරි දොඩංගොඩ රස්සාවල් දුන්නාටත් වඩා චන්දිම රස්සාවල් දුන්නද 2015 පැන්න පැනිල්ල නිසා යමක් ලියන්නට හිත දෙන්නේ නැත.නමුත් දක්ෂයෙකි. භාෂා කිහිපයක් කතා කළ හැකි චන්දිම දොස්තර රමේෂ් පතිරණ හෝ මොහාන් හෝ ගාල්ලේ අං කිසිදු පුද්ගලයෙකුට සම කළ නොහැකි දක්ෂයෙකි.

නමුත් චන්දිම පිළිබඳව විස්වාසය යම් පලදුවීමක් ගාල්ලේ පාක්ෂිකයන් අතර ඇත. මෙයට විසදුම් දෙන්නට හැකියාවක් චන්දිමට ඇද්ද යන්න අපි බලා සිටිමු.ගාල්ලට හබරාදුවට සංවර්ධනය ගෙන ආවේ මොන අයියලා සිටියත් චන්දිම වීරක්කොඩිය. චන්දිම කපන්නට  පොහොට්ටුව වල පිරිසක් කටයුතු කරන බව චන්දිම ද දනිති.

තරුණ අපට ඉසුරු ගෙනෙන තුරුණු ඉසුරු දොඩංගොඩ පිළිබඳවයි අපි දැන් දොඩන්න යන්නේ..කතා කරන්න යන්නේ මැක් කැයි කියන්නේ.! මල්ලී…

ඉසුරු දොඩංගොඩ දොඩංගොඩ හිටපු ඇමති තුමාගේ එකම පුතාය. චන්දිම විරක්කොඩි දොඩංගොඩගේ පෙරකදෝරු බෑනාය. නමුත් දොඩංගොඩ තිබු ජනතා මනාපය ඉසුරුමත් දේශපාලනයකට ඉසුරුට තිබේද යන්න සිතාගත නොහැකිය. එම තින්දුව ගත හැක්කේ මෙවර මහ මැතිවරණයේ දී ය. බත්දුන් ගම බද්දේගම ජනතාව ඉසුරුට සලකන ආකාරය මතයි.අපි බලා සිටිමු.

හිතහොඳ දත් නෑ! දොස්තර නෑ!  වෛද්‍ය රමේෂ් පතිරණ රිචර්ඩ් පතිරණගේ එකම පුතාය.

රිචා පතිරණගේ පුතා දොස්තර රමේෂ් පතිරණයි. එතුමා  ගයන්න මෙන් වැටකොළු පතෝල නිවිති සාරණ ඇමති වරයෙකි.රමේෂ්ට රිචර්ඩ් පතිරණගේ දක්ෂතා නැතුවා සේය.

සම්බන්ධිකරණ රැස්වීවලදී අපි එක්වන මේ ලියුම් කරුවාද එක්වන කොළඹ කැබිනට් තොරතුරු ලබාදෙන රැස්වීම්වල දී කියනා අසනා දේ සම්බන්ධයෙන් කතා කරන විට දැකින විට බලන විට චන්දිම ඉදිරියෙන් සිටිය ද මෙවර ද චන්දිම පනින බව රමේෂ් පතිරණ හිතහොඳ දොස්තර මහත්තයා පවසන්නේ එළි පිටයි. චන්දිමට ජන්දය දෙන්න එපා යැයි රමේෂ් එළි පිටම පවසති. රමේෂ් මහත්තයෝ වැඩේ කැතැයි, නමුත් දොඩංගොඩ හා රිච්ර්ඩ් පතිරණ අතර එකළ තිබු බව කියන මේ ලියුම්කරු නොදන්නා වු ගාල්ලේ නායකත්ව අරගලය මේ චන්දයේ දී  ද රමේෂ් හා චන්දිම අතර ඇතිවී තිබේ. එය ශිතල යුද්ධයකි.

බද්දේගම සමිත හාමුදුරුවනේ ! බුදු හාමුදුරුවන්ද අසරණ නොකොට අවසරයි හාමුදුරුවනේ බනක් භාවනාවක් කරගෙන පන්සලටම වී සැතපුනා නම් අගනේ ය.

හාමුදුරුවනේ කළ වැඩක් කියන්න නෑ වැරදුනා ගාල්ලට පාර්ලිමේන්තුව නියෝජනය කරලා, පළාත් සභාව නියෝජනය කරලා බද්දේගම සමිත අපේ හාමුදුරුවනේ ගාල්ලට බුදු සසුනට කළ දෙයක් තිබේ ද? නැත.

අවසරයි! හාමුදුරුවනේ උගත්කම තිබුනාට රාජපක්ෂ පවුල සමිත හිමිට ගාල්ලෙන් නාම යෝජනා දුන්නේ හිමිවරුන්ට නාමයෝජනා නොදෙන බව කියමිනි. ඒ රාජපක්ෂ පවුලේ හැටිය.කියන්නේ එකක්ය. කරන්නේ තවත් එකකි.සමිත හිමිට අපිට දෙසනා කරන්නට ඇත්තේ බණක් භාවනාවක් කරමින් සසුනට යමක් කරන්නට දැන් කාලය පැමිණ ඇති බවය.

ගාල්ලේ අපේම එකා නෑ අපේ එකා මෝහාන් පී ද සිල්වා ඇමති තුමනි! මේ ඔබේ අවධානයටයි!

ගාල්ලේ අපේම එකා මොහාන් අයියා ඇමති තුමා කළ වැඩක් නම් නැත. නමුත් පොහොටුවේ දිනන රැහැනේ එතුමා ද සිටින බව ජනතාව පවසති.මොහාන් අපේ එකා ඌට ජන්දය දෙන්නම ඕනා පාක්ෂිකයෝ පවසති. නමුත්,මෙවර දිනලා හෝ ගාල්ලට යමක් කරන්නේ නම් වැදගත්ය. එවිට මක්කැයි ඇමති තුමා ගාල්ලට කරලා තියෙන්නේ කියා ගාල්ලේ අපිට දොඩනංනට හැකිය.එවිට මට මොහාන් පී ද සිල්වා මගේ මිතුරාගෙන් එසේ අසන්නට හැකිය.

බලපිටියේ බෙනට් හබරාදුවේ ලයනල් ඉපිලවත්ත පැන්නේ ඇයි රහසක් කියන්නයි යන්නේ……මම මේ වජිර අබේවර්ධන ….

බලපිටියේ බෙනට් පැන්නේ මුදල්වලට යැයි කියති. සජිත් අතහැර ගිය බෙනට් අපේ ගෝඨාභය සර්ට සහයෝගය දක්වන බව කීවේ පසුගියදාය. හබරාදුවේ කොටන් අදින අලියා ලයනල් ඉපලවත්ත පැන්නේද වජිරගේ සල්ලිවලට කියා කියති.

නමුත් එතුමා ඇත්තටම පැන්නේ ඇයි ද ? යන්න අපි දනිමු.තාරක නානායක්කාර ද ඒ ගැන දැනුවත් නමුත්, මම සදාචාරාත්මක දේශපාලනයක් කරන්නේ ඒ නිසා පැන්නේ ඇයි කියා මම කාටවත් කියන්නේ නෑ. හබරාදුව පැවැති පාක්ෂික හමුවක දී පසුගිය සතියේ තාරක කීය.

දේශපාලනය නිසා සියල්ලම නැතිකර ගත් ලයනල් ඉපිලවත්ත. මේවන විට ඉඩම් දේපල සියල්ලම උකස්කර ඇත. මේවා ඒ දේපල ඊයේ පෙරේදා බේරගත්තාය කියා  කතාවක්  කියනවා. ඒ ගැන අපිට අසන්නට ඇත්තේ වජිර අබේවර්ධන හා රනිල් වික්‍රමසිංහගෙනි. ඒ ගැන ලබන සුමානේ අපි කතා කරමු.

විජේපාල හෙට්ටිආරච්චි දිනයිද ? දෙවැනි රිචර්ඩි පතිරණ නමින් නම් කරන විජයගේ විජයග්‍රහණය කොතනද ද ?

සුනිල් සේනායක කට දින්නට හැකිද යන්න අලියා පක්ෂයේ අයගේ චන්දිය ගණන් කරද්දි අගොස්තු 06 වෙනිදා දහවල්වන විට දැක ගත හැකිය. විජේපාල හෙට්ටිආරච්චි පසුගිය ආණ්ඩුවේ අලියා පක්ෂයේ මන්ත්‍රිවරයෙකි. රිචර්ඩ් පතිරණ ලඟ සිටය විජේපාලට සැලකුම් නැති නිසා පාලනයෙන් තොරව අලියා පක්ෂයට පැන්නේය. 2015 දි ජයගත් විජේපාලට මෙදා විජයක් ග්‍රහණයක් කරන්නට හැකි ද මනාප අක්මීමන මැතිවරණ කොට්ඨාශයේ  තිබේ ද?  වැඩි යමක් නැති වුවත් යමක් හම්බකරගත් විජේපාලට මන්ත්‍රි විශ්‍රාම වැටුපද අහිමි වුයේ අපේ ජනපති සර්ගේ ඉක්මන් ‍දියවන්න පාලිමට් එක විසුරු නිසාය.

හමදාමත් රනිල් ඇලජික් වු අපේ කාලයේ පුවත් මවන්නා වු බන්දුල ලාල් බාරින්ගොඩට වෙන්නේ කුමක්ද ?

අපේ මිතුරා වු බන්දුලාල් බණ්ඩාරිගොඩ ගියවර අලියා පක්ෂයෙන් දින්නාය. මෙවර දින්නට හැකි ද එතුමා මෙන්ම විජේපල ද සජිත් එක්ක මනුෂ හා පියසේන ගමගේ, තාරක නානායක්කාර,ගයන්ත කරුණාතිලක එක්ක දුරකතනයේ ඉල්ලි සිටි.

බන්දුලාල් ද, ගයන්ත, වජිර, විජේපාල වාගේම ගාල්ලට කළ සෙතක් නැති බව නම් සැබෑය.නමුත් ගයන්ත සමඟ තාරක නානායක්කාර එක්ක විජේපාල,බන්දුලාල්, මනුෂ,පියසේන ගමගේද තරඟ වදින්නේ දිනන ගාල්ලේ දුරකතන ආසන හතර සඳහය.

ගාල්ලේ දේශපාලන තත්ත්වය පිළිබඳව කතා කරද්දි වජිර උඩින්ම පරදවන්නට අලියා පක්ෂයේ දුරකතන පාක්ෂිකයෝ පෙරමුණ ගෙන තිබේ.

ගාල්ලේ දේශපාලන තත්ත්වය පිළිබඳව කතා කරද්දි වජිර උඩින්ම පරදවන්නට අලියා පක්ෂයේ දුරකතන පාක්ෂිකයෝ පෙරමුණ ගෙන තිබේ.වජිර අබේවර්ධන සූත්තර පුංචා පරදවන්නට පවුරු වලල්ලක් මෙන් දුරකතන අලි සේනාවෝ කඳවුරු බැඳ අවසන්ය.

ටං ටං ගාන්නා ගෝනා නොවේදෝ! ටිං ටිං! ලේනා! හිස් ටිං එකක් වාගේ ගීතයක්! පන්සලේ ගණ්ටාරේ!රතු අලි පැටැව්! රෝහණ අලි විජේවිර! සටන් සඟයෝ! ඇත්තටම වැඩ කාරයෝ දක්ෂයෝ බ්‍රෝ …මචං.. සහෝදරයා….!

ටං ටං ගාන්නා වැරදුනා සීනුව බැඳගෙන මලිමාව හරහා කරලියට විත් ඇති ජවිපෙ මන්ත්‍රි ගාල්ලේ අපේක්ෂකයන් අතරේගත් කළ නලින් හේවගේ උගතෙකි. බුද්ධමතෙකි.උපාධියක් ඇති දකුෂයෙක්ය. ඇත්තටම ඉහත සටහන් කල නම් ඇති සියලුම ගාල්ලේ අපේක්ෂකයෝ පරාජය කර ගෙදර යැව්වද දියවන්නාවට මාලිමාවෙන් ගාල්ලෙන් යැවිය යුත්තේ නලින් හේවගේ වැනි පොරවල්ය. සහොදරයා.. මේවැනි බ්‍රෝ කෙනෙක් යැව්වාට පව්නැන.

නලීන් හේවගේ සහෝ බ්‍රෝලා නැති පවුඩ්ර් නිලි පබාලා ඇති කුමකට ඒ අධිකරණය! ජනතා වැරදුනා! දියවන්නාව පාර්ලිමේන්තුව !සහෝදරයා…

පළාත් සභාවේ මහ ඇමති හොරකම් කරනවා මේ ශාන් හොරකම් කරනවා. ඇමතිවරු හොරකම් කරනවා. මහ ආණ්ඩුවේ හොරකම් සාධක ඇතිව කියන්නට තොරතුරු ඇතිව ගණන් හිලව් එක්ම කියන්ට හැකියාව තොරතුරු අනුව ඇති හැකියාවක් ඇත්තේ නලින් හේවගේ වැනි ජබ්බෙකුට පමණි. නලින් හේවගේ එකාට උපාධියක් ද තිබේ.

පචවංශාලංකාරය හේවත් ගජබින්නලාංකාරය නැමැති විමල් වීරවංශ රාජපක්ෂ වලව්වේ චන්ද තෙලෙන් බඳින පදින ලාච්චුව! නෑ..!  බං චාච්චුව…

නමුත් මේ තරුණයාට ජන්දය මනාපය මේවර ජනතාව ලබාදෙයි ද ? ජනතාවට තරු පේන්නට මැති ඇමතිවරුන් අන්ඳ මන්ද කරවන්නට නලින් හේවගේ දියවන්නාවට ගාල්ලෙන් යැවිය යුතුමය. එහෙම කලොත් අපි පත්තර කාරයන්ටද පාලිමන්ට් එකේ දී නිවුස් බක්කියේ සිට නිවුස් මවන්නට නලීන් හේවගේට නියමෙට පදමට මැති ඇමතිවරුන්ගේ පැටිගිරිය පවසනු දැකිය හැකිය. රාජපක්ෂට කඩේ යන බොරු හිල වු විමල් විරවංශගේ කට වහන්නට නලීන්ට හැකියාව ඇත. මම දන්නා පරිද ජෙබ්බෝ දක්ෂයෝය ය. කතා කරයෝය. නමුත් මේ ඇත්තන්ට ජන්දය දෙන්නට ලංකාවේ චන්ද දායකයෝ පිංකර නැත.

ජන්දය දෙන්නේ මහින්දගේ හොරුන්ටය. රනිල්ගේ හොරුන්ටමය.

ජන්දය දෙන්නේ මහින්දගේ හොරුන්ටය. රනිල්ගේ හොරුන්ටමය. සජිත් වැනි පොරවල්ගේ පක්ෂවලටය. නමුත් ගාල්ලෙන් වෙනසක් කරමු. නලින් හේවගේ දියවන්නාවට යවන්නේ නම් ජන්දයේ මනාපයේ අගය සුරක්ෂිත වනු ඇත.

සත්තකින්ම ගාල්ල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රි ආසන දියවන්නාවට තෝරාගත යුත්තේ 09කි. ඉතිං මේ අයියලාගෙන් නමයක් තමයි තෝරාගත යුත්තේ.හොරුන්ට නම් චන්දය දෙන්න එපා කියද්දි මේ අයටම ජන්දය දෙනවා.

හොරා හොරාකම් කරන විදිය දැක දැකත් ලංකාවේම වාගේ ගාල්ලේද ජන්ද දායකයන් බුද්ධිමත් ජන්ද දායකයෝ නිවැරදිව හෝ වැරදියට මෙදා අගෝස්තු 05 වැනි දා ට  පසු දින එනම් 06 වෙනිදා බලාගත හැකිය.

සමගි බලවේගයේ හබරාදුව සංවිධායක තාරක නානයක්කාරගේ අංකය ද 06 යි.

සමගි බලවේගයේ හබරාදුව සංවිධායක තාරක නානයක්කාරගේ අංකය ද 06 යි. එතුමාට සිදුවන්නේ කුමක්ද ? කියා තිරණය කළ යුත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාශ ජන්ද දායකයෝ ය.

අනෙක් අයියලා ගැන කතා කරන්නට දෙයක් නැත.ගාල්ලෙන් දිනන්නේ කව්ද යන්න අපි තවමත් බලා සිටිමු.මේ අයිලාගේ සම්පුරණ පැටිගිරිය අපි ලබන සතියෙත් තවත් කොටසක් සමඟ හමුවෙමු. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *