වයස වැඩිය නිසා මන්ත්‍රීදූරය තරුණයෙකුට දෙයි //මුස්ලිම් දේශපාලකයා මෙන්න

බලයට පොරකන දේශපාලකයන් අතර

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ වයසින් වැඩිම මන්ත්‍රී එම්.එස්.එම්. ෂරිෆ්

කෑගල්ල සමන් විජය බණ්ඩාර වාර්තාකරයි

මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ නොකඩවා එජාප මන්ත්‍රීවරයෙකු ලෙස මහජන ජන්දයෙන් තේරි පත් වෙමින් වසර 21 කට වැඩි කාලයක් මහජන සේවය සිදු කරන ලද හෙම්මාතගම මඩුල්බෝව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 70 ක් වන මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ වයසින් වැඩිම මන්ත්‍රී එම්.එස්.එම්. ෂරිෆ් අද 13 මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සිය මන්ත්‍රීධූරය තරුණ මන්ත්‍රීවරයෙකුට ලබා සමුගැනිම සිදු කලාය.

මාවනැල්ල ප්‍රාදේශිය සභාව එහි සභාපති එජාපයේ අනුර ජයවන්දල මහතාගේ ප්‍රධානත්වයෙන් අද 13 මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරුන්ගේ සභා ගර්භයේදි රැස් විය. දේශාපනයේ දැක ගැනිමට හැකි නොවෙන ෂර්ෆ් මන්ත්‍රීවරයාගේ සමුගැනිම සම්බන්ධයෙන් අද සභාවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ කතා බහට ලක් වු අතර මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති එජාපයේ අනුර ජයවන්දල මහතා විසින් එතුමාගේ නික්ම යෑම වෙනුවෙන් අදහස් පල කිරිමට මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දුන් අතර ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂ නායක ඇතුලූ මන්ත්‍රීවරුන් සභාවෙන් සිය මන්ත්‍රීධූරය පරිත්‍යාග කර නික්ම යන මන්ත්‍රීවරයාට සුභ පැතුම් එක් කරමින් කථා කොට ඔහුට අත දී සුභ පැතුවාය.

සිය මන්ත්‍රීධූරය තවත් තරුණ නායකයෙකුට පරිත්‍යාග කිරිම සම්බන්ධයෙන් මාධ්‍යවේදින් මාවනැල්ල ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී එම්.එස්.එම්. ෂරිෆ් මහතාගෙන් විමසු විට එතුමා සීනාමුසු මුහුණින් මෙසේ අදහස් දැක්විය.
මම අවුරුදු 21 වෙනවා දේශපාලනයට ඇවිත් නමුත් මම දේශපාලනය කරාට කවදාවත් දුෂණ වංචාවන් කිසි දෙයක් සිදු කරලා නැහැ. කබිර් හෂිම් මහත්මයා සමග මම දේශපාලනය කරාට එතුමා මට කවදාවත් වචනයකින්වත් මොනවාවත් කියලා නැහැ. මා දේශපානය කරන්න ඇවිත් මාගේ වියදමින් මාගේ ජනතාවට මම උදව් කරලා තියෙනවා. මම මහජනතාවගේ වැඩ කරලා දුන්නාට කාවදාවත් කිසි කෙනෙක්ගෙන් කිසිම මුදලක් මම අරන් නැහැ.

මම මාගේ කොට්ඨාංශයෙන් ජන්දය ඉල්ලනකොට පසුගිය පළාත් පාලන මැතිවරණයට මාගේ කොට්ඨාංශයට තවත් තරුණ මහත්මයෙක් දාලා තිබුණා එතුමා මන්සූර් කියලා කෙනෙක් එතුමා මාගේ දේශපාන කටයුතු කරන්න හොඳට උදව් කලා. එම මැතිවරණයේදි මම පොරොන්දුවක් වුනා කොට්ඨාංශයට බොනස් මන්ත්‍රී ආසනයක් ලැබුණොත් දෙන්නම් කියලා නමුත් ඒ තරුණ මහත්මයාට අවස්ථාව පක්ෂයට දෙන්න බැරි වුනා කාන්තාවන් 5 දෙනෙක් අපේ පක්ෂයෙන් දාන්න වුනා මන්ත්‍රීවරියන් වශයෙන්. අපේ පක්ෂයෙන් මන්ත්‍රීවරියන් දැම්මාට කවුරුවත් දිනුවේ නැහැ. ඒ නිසා තමයි කාන්තාවන් 5 දෙනෙක් ලැයිස්තුවෙන් දාන්න වුනේ.

ඒ නිසා මම තීරණයක් ගත්තා මාගේ මන්ත්‍රීධූරය ඒ තරුණ මහත්මයාට ලබා දෙන්න. ඒ බව අපේ පක්ෂයේ සභාපති කබිර් හෂිම් මහත්මයාට පවා මම දැන්නුවා. එතුමා අපේ මාවනැල්ල කලාපයේ ප්‍රධාන සංවිධායක නිසා. ඒ පොරොන්දුව මත අපි දේශපානය කරලා මම මාස දෙකකින් ලියුමක් සිරිකොත අපේ පක්ෂ කාර්යාලයට යැව්වා මෙ තරුණ මන්ත්‍රීවරයාට නිතීයානුකූලව අවස්ථාව ලබා දෙන්න මම විශ්‍රාම ගන්නම් කියලා නමුත් සිරිකොතින් මෙ සඳහා කිසිදු ලියුමක් හෝ දැනුම් දිමක් මෙ ගැටලූවට ලැබුණේ නැහැ. ඊට පස්සේ මම ඒ තරුණ මහත්මයා සමග සිරිකොතට ගිහින් ලියුම ගහගෙන ඇවිත් එම ලිපිය මැතිවරණ කාර්යාලයට ලබා දුන්නා.

මැතිවරණ කාර්යාලය මගින් එය මාසයකට පසුව ගැසට් කරලා තිබුණා. ඒ ගැසට් එකෙන් තරුණ මන්සූර් මහත්මාට ලිපිය ඇවිත් තිබුණා. එම මන්ත්‍රීතුමා සභාවේ දිවුරුම් දුන්නේ නැති නිසා ලේකම්තුමිය මට අද සභාවට සහභාගි වෙන්න කියාල කිවා නමුත් මම අද සභාවට මෙ ආවේ අවසන් වතාවටයි. මම අද මෙ සභාවෙන් පිටව යන්නේ පිරිසිදු දේශපාලනඥයෙකු හැටියට සියලූ මන්ත්‍රීවරුන්ගේ සුභ පැතුම් සමගින්. මා වෙනුවෙන් දැන් සභාව නියෝජනය කරන අපේ පක්ෂයේ තරුණ මන්ත්‍රී මන්සූර් මහත්තයා ඉදිරියේදි ජනතාවගේ සුභ සිද්ධිය වෙනුවෙන් සේවය කරයි මම එතුමාට සහ මෙ සියලූ මන්ත්‍රීවරුන්ට සුභ පතමින් අද සමුගන්නේ නැවත සභාවට නොයන මන්ත්‍රීවරයෙකු ලෙසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *