ආබාධිතව සිටින මාධ්‍ය මිතුරාට පිහිට වෙන්න

සරත් සිරිවර්ධන අපේ ආදරණීය මාධ්‍ය මිතුරා කලක පටන් අපේ මිත්‍රයා අද ඔබ අබාධිතයෙක් ඔබ වෙනුවෙන් රටේම මාධ්‍යවේදීන් ඉදිරියට එන්න ඕන වෙලාවක් මට ඔබව මතක් වන්නේ මීට වසර තුනකට පෙර හලාවත වැඩ මුළුවේදී ඔබත් මමත් සිටියේ එකම කාමරයේ එදා ඔඅබේ බයේ තිබුණු බෙහෙත් පොදිය මට පෙන්වා කියා සිටියේ මේ බෙහෙත් ටික නැතිනම් මට ජීවත් වෙන්න බැහැ කියලා එදා රෑ ඔබට අත්‍යවශ්‍ය බෙහෙතක් සොයා අපි හලාවත නගරය පීරලා ගෙනත් දුන්නා සරත් ඔයා මාධ්‍ය තුල තවත් කාලයක් ඉන්න ඕන ඔබ වෙනුවෙන් රටේම මාධ්‍යවේදීන් පෙරට එන්න ඕන ඔබ අද අසරණව සිටිනු දැකීම මාධ්‍යවේදියෙකු ලෙස ලොකු කම්පාවක් දැනෙනවා ඔබ එදා ජවයෙන් වැඩකළ යුගය ඔබට සිහි වෙනවා ඇත සරත්ගේ ජවයෙන් ප්‍රාණය ලැබූ මාධ්‍ය ආයතන සරත්ට නැවත ජවය දෙන්න පෙරට එන්න කියලා අපි කියනවා ආදරණීය මිතුර ඔබට ඉක්මන් සුවය ගෙනෙන්න ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය එකමුතුව වශයෙන් අපෙන් ඉටුවිය යුතු වගකීම ඉටුකරන බව කියන්න කැමතියි ඒ වෙනුවෙන් කැමති මිතුරණි ඔබගේ නොමසුරු ආධාරය කරන්න

මේ පින්තූර වල ඉන්නේ කළුතර අළුත්ගම සරත් සිරිවර්ධන මහතා. වසර 21ක් මාධ්‍ය වෘත්තියේ නියැලී අදවන විට ස්නායු රෝගාබාධයකින් එක්තැන්ව සිටින ඒ මහතායි.
මාධ්‍යෙව්දී සරත් සිරිවර්ධන මහතා – 0775577661
ගිණුම් අංකය – 2912368 අලුත්ගම ලංකා බැංකුව
වසර 21ක් දිණමිණ කලුතර දිස්ත්‍රික් සංචාරක වාර්ථාකරු, ලංකාදිප පුවත් පතේ අලුත් ගම වාර්ථාකරු වසර 18ක්, ස්වර්ණවාහින වසර 09ක්, හිරු නාලිකාවේ ආරම්භයේ සිට මාධ්‍ය වෘත්තියේ නියැලි සරත් මහතා අළුත්ගම ඇති වු ජාතිවාදී අරගලයේදී ප්‍රහාරයට ලක්ව තුවාල ලබා මාසකිහිපයක් අසරණව එක්තැන්ව සිට ඇත.
එහිදී ලංකාදිප පුවත්පත හා හිරු නාලිකාවෙන් එක් අවස්ථාවකදී පමණක් ඔහුවෙනුවෙන් මුදල් ආධාරයක් සිදු කර ඇත. ඉන්පසු සාමාන්‍ය තත්වයට පත්වීමත් සමග සුපුරුදු මාධ්‍ය දිවියේ කටයුතු කරගෙන යමින් සිටියදී අදින් මාස 05කට පෙර හදිසියේ කොදු ඇට පෙළෙහි ඇති වු ස්නායු ආබාධයක් හේතුවෙන් ඇවිදිමේ අපහසුතාවය සමග එක්තැන් විමට සිදුව ඇත. ( එදා සිදු වු ප්‍රහාරයේ බලපෑමෙන් මෙම තත්වය උදා වුයේද යන්න සැකකෙරේ )
බිරිඳ ද නොමැතිව සිය දරුවන් රැකබලාගනිමින් සිටි සරත් මහතා හට 07 ශේ්‍රණියේ අධ්‍යාපනය හදාරන දියණියක්ද, උසස් පෙළ හැදැරීමට සුදානමින් සිටින (O/L-පාස්) පුතෙකුද සිටියි.
සරත් මහතා පත්ව ඇති රෝගී තත්වය හේතුවෙන් ආර්ථික අපහසුතාවයන් රැසකට මුහුණ පා සිටින අතර, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන්ද අවැසි බර දැරිම, ප්‍රතිකාර සදහා වියහියදම් දැරිමට නොහැකිව ජිවත් විම සදහා විශාල අරගලයක නිරතවිමට සිදුව ඇත.
පුදුමේ කියන්නේ සරත් මහතා මේ මොහොතේ පත්ව ඇති තත්වය පිළිබද වැඩ කරපු කිසිදු මාධ්‍ය ආයතනයකින් මෙතෙක් බලලා නැති එකයි. ඔන්න අද රටේ මාධ්‍ය ආයතන වල තත්වය…. මෙය අද ඔහුට සිදු වුවා සේම ඔබටද මටද සිදුවිය හැක. ඔුහු හා දරුවන් පත්ව ඇති තත්වය සැලකිල්ලට ගනිමින් කාරුණිකව හැකි පමණින් මුදලින් ඔහුට සහය වන ලෙස ඉල්ලා සිටිති. කිසිදු බලපෑමක් නෑ – කාරුණික ඉල්ලිමක් පමණි.
මාධ්‍යෙව්දී සරත් සිරිවර්ධන මහතා – 0775577661
ගිණුම් අංකය 2912368 අලුත්ගම ලංකා බැංකුව

Leave a Reply

Your email address will not be published. Required fields are marked *