හෙට දිනයේත් රටපුරා තද වැසි

වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං

දිවයින වටා ඇති වායුගෝලයේ අඩුපීඩන තත්වය සහ බෙංගාල බොක්ක මුහුදු ප‍්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් පවතින වැසි තත්ත්වය හෙට දිනයේදි තවදුරටත් වැඩි වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, වයඹ, මධ්‍යම, ඌව සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

සෙසු ප‍්‍රදේශවල ද සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප‍්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දීමක් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *