සති අන්තයේ කාලගුණය අයහපත් ප්‍රදේශ රැසකට තද වැසි අවධානමක්

ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව

එළඹෙන සති අන්තය තද වැසි සහිත කාලගුණයක් බවත් පවතින අයහපත් කාලගුණය සතියක පමණ කාලයක් පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි දිවයිනට බලප ඇති ඊසාන දිග මෝසමේ සහ පහළ වායුගෝලයෙහි පවතින කැළඹිලි ස්වභාවයක් හේතුවෙන් මෙම වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සදහන් කරයි උතුර, නැගෙනහිර, උතුරුමැද, ඌව සහ මධ්‍යමසහ පළාත්වලට තද වැසි ඇතිවන අතර දිවයින පුරා අහස වළාකුලින් බරව පවතින බව ද එම ප‍්‍රකාශකයා ස`දහන් කළේය. එමෙන්ම දකුණ සහ බස්නාහිර පළාත් වලද වැසි සහිත කාලගුණයක් දැකිය හැකි වනු ඇතයි සදහන්

මේ අනුව වැඩිම වර්ෂා පතනයක් යාපනය, කිලිනොච්චිය, මුලතිව්, මන්නාරම, වවුනියාව, අනුරාධපුරය, පොළොන්නරුව, ත‍්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, නුවරඑළිය, මහනුවර, බදුල්ල සහ මොණරාගල දිස්ත‍්‍රික්ක වලින් බලාපොරොත්තු වන අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවත් සබරගමුව, දකුණු සහ බස්නාහිර පළාත්වලත්, මාතලේ සහ මහනුවර දිස්ත‍්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75, 100ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවද .කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ප්‍රකාශකයා සදහන් කරයි ගිගුරුම් සහිත වැසි සඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බැවින් අනතුරු වළක්වා ගැනීමට ක‍්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

උතුරු, උතුරුමැද, වයඹ, මධ්‍යම, ඌව පළාත්වලත්, ත‍්‍රිකුණාමලය විටින් විට පැයට කිලෝමීටර 50 පමණ තරමක් තද සුළං ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා කීවේය.මේ නිසා ධීවර ජනතාව අවධානයෙන් පසුවන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සදහන් කරයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *