ගම්පහ මනාප උණුසුම කරළියට // කතිරයේ වාසනාව කාටද ?

ලංකාවේ වැඩිම ඡන්ද දායකයන් පිරිසක් සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ මෙවර මැතිවරණ උණුසුම වෙන කවර දාටත් වැඩියෙන් වැඩිවෙමින් ඇත ඒ පක්ෂ විපක්ෂ දේශපාලකයන් දිස්ත්‍රික්කය පුරා මේ දිනවල සිදුකරන දේශපාලන වැඩසටහන් නිසාය විශේෂයෙන් මැතිවරණ සටන ආරම්භ වීමට අසන්න නිසා අපේක්ෂකත්වය ලැබෙතැයි අපේක්ෂිත පිරිස් තම දේශපාලන ක්‍රියාකාරීන් සමග සුහද හමු සහ කුඩා කණ්ඩායම් රැස්වීම් අමතමින් තම මැතිවරණ යාන්ත්‍රනය ගොඩනැගීම ආරම්භ කර ඇත

ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී දුර 18 අටක් වෙනුවෙන් එක් පක්ෂයකින් ඉදිරිපත්වන අපේක්ෂකයින් ලැයිස්තුවට ඇතුලත් කල හැකි වන්නේ අපේක්ෂකයන් 21 දෙනෙකු පමණක් වීම නිසා එම ලැයිස්තුවට ඇතුලත් වීම සදහා දැඩි තරගයක් ඇතිවී ඇත විශේෂයෙන් පාලක පොදුජන පෙරමුණ යටතේ අපේක්ෂිත ලැයිස්තුව සදහා ඇතුලත් වීමට දැඩි තරගයක් ඇතිවී ඇත පොදුජන පෙරමුණ හා සන්ධාන ගතව ඇති පක්ෂ සහ වියත් මග නියෝජනය වෙනුවෙන් ලැයිස්තුවේ ඉඩ ලබා දීමට සිදුවීම නිසා අපේක්ෂක ලැයිස්තුවට ඇතුලත් වීමට දැඩි තරගයක් දීමට සිදුව ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නියෝජනය වෙනුවෙන් ලයිස්තුවේ ඉඩ කොපමණ ලබාදෙනවාද යන්න තවමත් විවාධයට තුඩුදී ඇත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වෙනුවෙන් අපේක්ෂය ලයිස්තුවේ තිදෙනෙකු ලැබෙන බවට යෝජනා වීම නිසා මෙම තත්වය තවත් සංකීර්ණ වී ඇත එම නිසා පසුගිය කාලය පුරා පොහොට්ටුවේ ජයග්‍රහණය වෙනුවෙන් දරදිය ඇදී කිහිප දෙනෙකුට අපේක්ෂකත්වය නොලැබීමේ අවධානමක් ඇතිව ඇත.වියත් මග නියෝජනය කරන නාලක ගොඩහේවා ,ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරන ලලන්ත ගුණසේකර ,පිවිතුරු හෙළ උරුමය නියෝජනය කරන මධු මාධව අරවින්ද ගම්පහින් තරග කරන බැවින් අපේක්ෂකත්වය අපේක්ෂාවෙන් සිටින පිරිසට ගැටළුවක් වී ඇත.ඔවුන්ට හිමි එම කෝටා එක දීම කලයුතු නිසාය

ගම්පහ ආසනයේ තත්වය ඉතා සංකීර්ණ වී ඇත ඒ නගරාධිපති එරංග සේනාරත්න සහ හිටපු පළාත් සභා මන්ත්‍රී ලක්ෂමන් ගුණවර්ධන ගම්පහ ආසනය නියෝජනය කරමින් තරගයට ඉදිරිපත් වීමට සීතල යුද්ධයක් හටගෙන ඇත. මොවුන් දෙදෙනාම පොහොට්ටුව වෙනුවෙන් කැපවූ දෙදෙනෙකු නිසා තරගය තිවුරවී ඇත වාර්තා වන පරිදි මොවුන් දෙදෙනා අතර ගැටුමක් ඇති නොවීමට මැතකදී මහින්ද පාර්ශවයට එකතුවූ පණ්ඩු බණ්ඩාරනායක වෙත අපේක්ෂකත්වය ලැබීමට බොහෝ දුරට ඉඩ ඇතිබව වාර්තා වෙයි

බියගම ආසනයේ නියෝජනය සදහා දුලිප් විජේසේකර සහ ජයනාත් අතර තරගයක් ඇතිව ඇත කටන අසනයේද සුදර්ශනී ප්‍රනානඩු පුල්ලේ සහ ආනන්ද හරිශ්චන්ද්‍ර අතරද තරගයක් ඇතිවී ඇත. සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය යහපාලනය සමග ඇමතිකම් දරන සමයේ කටානේ පොහොට්ටුව වෙනුවෙන් කැපවූයේ ආනන්ද හරිශ්චන්ද්‍ර ය එහෙත් කටානේ වර්තමාන සංවිධායිකාව වශයෙන් කටයුතු කරන්නේ සුදර්ශනී නිසා දිගුකලක සිට පාර්ලිමේන්තු සිහිනය දකින ආනන්ද හරිශ්චන්ද්‍ර හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාට ගියවර සේම මෙවරත් සිහිනය කල් දැමීමට සිදු වේද???

2015 දී මහින්ද සුළග සමගින් ඉදිරියෙන්ම සිටි ආනන්ද හරිස්චන්ද්‍ර සුදර්ශනී ප්‍රබල තුරුම්පු අදින ලදී ඒ එවකට සම සමාජ පක්ෂය නියෝජනය කල උපුල් රාජිතව තරගයට දමා ආනන්ද හරිස්චන්ද්‍රගේ ගමනට වල කපන ලදී මෙවරද එවැනිම උපක්‍රමයක් යෙදීමට සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ කටයුතු කලේ දින 52 ආණ්ඩු වේදී යහපාලන රජයට එරෙහිව පාර්ලිමේන්තුවේ කථානායක පුටුව පෙරලමින් උගත් බුද්ධිමත් කම පැත්තකින් තබා එදා මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිකම අරක්ෂා කිරීමේ උපක්‍රමය නිසා ඉහල දේශපාලන ආශීර්වාදය ලබාගැනීමය එම සංදර්ශනය සහ කටානේ පසුපෙළ කණ්ඩායම් තවමත් ජෙරාජ් ප්‍රනාන්දු පුල්ලේ නමට ඇති ගෞරවය එයට හේතු වන ලදී මෙහි යටි ගේම සැදුවේ නිමල් ලන්සාය ඔහු කලක් සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ සමග අමනාපයක් තිබුණද අද දෙදෙනා එකම වේදිකාවේ මිතුරන් ලෙස කටයුතු කිරීම ආනන්ද හරිස්චන්ද්‍ර වෙත ඇති තවත් අභියෝගයකි

ආනන්ද හරිස්චන්ද්‍ර යනු ප්‍රසන්න රණතුංගගේ ප්‍රධාන භූමිකාව කටානේ දියත් කරන දේශපාලන නායකයාය ප්‍රසන්න රණතුංග ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප සටනේ ප්‍රමුඛයා වීම නිසා ආනන්ද හරිස්චන්ද්‍ර වෙත අපේක්ෂකත්වය ලැබීම යනු ඔහු පාර්ලිමේන්තුවට යාම වැලකිය නොහැකිය ගියවර ඉන්දික අනුරුද්ධ සහ ප්‍රසන්න රණවීර ප්‍රසන්නගේ කරමතින් පාර්ලිමේන්තු යන ලදී මෙවර ප්‍රසන්න රණතුංග ඔවුන් දෙදෙනා වෙනුවට වෙනත් දෙදෙනෙකු රැගෙන යාමේ අවධානම නිසා එහි ප්‍රමුඛ නමක් ලෙස අනන්ද හරිස්චන්ද්‍ර තේරීම නිසාත් කටානේ පොහොට්ටු මනාපය දරුණුය

දිවුලපිටියේ තරගය තනි අශ්වයාට ගිය තරගයක් වුවද ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා මෙවර ඔහුද මනාප සටනේ චරිතයකි ඔහුට ඇති බදකයන් නිසි පිළිතුරු දීම තුල ඔහු මීලග මනාප සටනේ සිටින ස්ථානය තහවරු කල හැකිය දැනට සක්‍රිය මට්ටමේ මැතිවරණ ව්‍යාපාරයකට හිමිකම් කියන ඉන්දික අනුරුද්ධ මන්ත්‍රී වරයාගේ ජයග්‍රහණය රැදෙන තැන තීරණය වන්නේ ප්‍රසන්න රණතුංග මහතාගේ පාර්ශවය දක්වන ප්‍රතිචාර මතය පිළිබද කීමට කල් වැඩිය ඒ සදහා විවිධ හේතු ඇති නිසා ඒ පිළිබද විවරණය පසුවට තබමි

මීරිගම පොහොට්ටුවේ තරගය සුවිශේෂී වී ඇත ඒ කාන්තාවන් දෙදෙනෙකු අපේක්ෂකයන් වීම නිසාය ඒ කලක සිට දේශපාලන වේදිකාවේ චරිතයක් වූ කෝකිලා සහ නවක දේශපාලන චරිතයකට පන පොවන සුනේත්‍රා සමරකෝන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායිකාව අතර සටනක් නිර්මාණය වෙමින් ඇත සුනේත්‍රා සමරකෝන් නවක ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරියක් වශයෙන් මීරිගම ආසනයේ ඉහල ජනතා විශ්වාශයක් ගොඩනගා ගනිමින් ඇත ඇයට යහමින් මිල මුදල් වියදම් කිරීමේ ඇති හැකියාව සහ මිනිසුන්ට උදවු කිරීම නිසා කෝකිලා වෙත මීරිගම තිබූ ජනතා විශ්වාශය සුනේත්‍රා වෙත ඇදෙමින් ඇත මේ නිසා මීරිගම ජනතා මනාපය බෙදී යාමේ තර්ජනයේ අවාසිය කෝකිලට අත්වනු ඇත

එජාපය තුලද මනාප අරගලය ප්‍රසිද්ධ නොවූවද යටින් යාන්ත්‍රණයන් ක්‍රියාත්මකව ඇත රන්ජන් රාමනායක නිතරග ජයග්‍රාහකයා වීම නැවතිය නොහැකිය හර්ෂණ රාජකරුණා හටද සටනක් නොමැත කාවින්ද වෙත පීඩනය ඇත ඒ හිටපු ඇමති ජෝෂොප් මයිකල් පෙරේරාගේ පුතු වන ශ්‍රීනාත් පෙරේරා ගෙනි ඔහු නවක අපේක්ෂකයෙක් නිසාත් ජ ඇල සහ මීගමුවේ මනාපය ඔහුට හිමිවීම වැළකිය නොහැකිය ජෝන් අමරතුංග මහතා ඉදිරිපත් නොවන්නේ නම් එහි වාසිය කාවින්දට වඩා ශ්‍රීනාත් වෙත ලැබෙනු ඇත ඒ කාවින්ද රනිල් හිතවාදියෙකු නිසාත් පසුගිය ජයග්‍රහණයෙන් පසුව සැලකිය යුතු වැඩක් එම ප්‍රදේශවලට කල නොමැති නිසා ශ්‍රීනාත් මෙවර ගොඩ යාමට ඇති ඉඩ වැඩිය

අර්ජුන රණතුංගට ගැටළුවක් නොමැත දිස්ත්‍රික්කය පුරා විසිරුණු මනාපයක් ඇති ඔහුට සටනක් නොමැත එඩ්වඩ් ගුණසේකර ඉන්නේ යහපත් තැනක නොවෙති ඔහු නියෝජනය කල මිනුවන්ගොඩ ආසනයේ ජනප්‍රියත්වය අඩුවීම එයට හේතුවයි එහෙත් එඩ්වඩ් ගුණසේකර වෙත මීරිගම එජාප සටන මෙහෙය වීමට දීමත් කථානායක කරු ජයසූරියගේ පුර්ණ ආශීර්වාදය ලැබීමත් නිසා ඔහු ජාමේ බේරාගැනීමට ඉඩ ඇත

සරත් ෆොන්සේකා මහතා තරගයට ඉදිරිපත්වීම තුල ඔහුට මනාප දිස්ත්‍රික්කය පුරා මනාප සොයා යායුතුය ඔහුට එජාප පාක්ෂිකයන්ගේ ආශිර්වාදය ලැබෙනු ඇත මොනරාගලින් කටානට පැමිණි විජයමුණි සොයිසා ද තරගයට වැටී ඇත ඔහුද තම සටන දියත් කර ඇත ගම්පහ අජිත් මාන්නප්පෙරුම හිතන තරම් පහසු තැනක නොමැත තවමත් මන්දගාමී මැතිවරණ යාන්ත්‍රණයක් කිරියාත්මක වීම නිසා ඔහුට ලොකු වැඩ කොටසක් කිරීමට සිදුවනු ඇත කෙසේ හෝ පසුගියවර පාර්ලිමේන්තු ලැබූ එජාපයේ ගම්පහ කිහිප දෙනෙකුටම තරගය අවැසි සහගත තැනක ඇත. ඒ පිළිබද සවිස්තර වාර්තා ඉදිරියේදී කීමට හැකිය

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුක ජාතික ජන බලවේගය ගම්පහ මනාප සටනේ නොමැති වුවද මන්ත්‍රී අසුන් දිනා ගැනීමේ සටනේ ප්‍රබල තරග කරුවෙකි පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණ ගම්පහින් චන්ද අසූ අටදහසක ප්‍රමාණයක් ලබාගනිමින් මන්ත්‍රී අසුනක් හිමිකර ගන්නා ලදී ඔවුන්ගේ මෙවර අපෙෂාව මන්ත්‍රී ආසන දෙකක් ගම්පහින් හිමි කර ගැනීමය ඒ වෙනුවෙන් ඔවුන් දිස්ත්‍රික්කය පුර ප්‍රබල සටනක් දෙමින් ඇත ඔවුන්ට මන්ත්‍රී ආසනය අතේ ඇති නමුත් එය දෙකක් වෙතයි අපේක්ෂා කලද එය කීමට කල් වැඩිය.

වෙනත් කිසිදු පක්ෂයකට කණ්ඩායමකට ගම්පහින් අසුන් වෙන් නොවීම නියතය පොදුජන පෙරමුණ මේ වනවිට ගම්පහ සටනේ ඉදිරියෙන් ඇත එහෙත් ආණ්ඩු බලය සහ ආණ්ඩුවට ලැබෙන ජනතා ප්‍රතිචාර දිනෙන් දින අවාසි වීම නිසා ඔවුන් ජයග්‍රහණය උපරිමයෙන් සිතුවද සජිත් ප්‍රේමදාස සමග එජාපය ප්‍රමුඛ සන්ධානය මැතිවරණයට එළඹීමත් සමග ඔවුන්ගේ ජයග්‍රහණය අවම සීමාවට පැමිණීමේ ඉඩකඩ නතුවද නොවෙති මේ සියලු කරනා අනුව ගම්පහ ජනතා මතය මැතිවරණ ප්‍රචාරක කටයුතු ඇරඹීමත් සමග සවිස්තරාත්මක සටහන් සමගින් ගම්පහ දේශපාල කේළමෙන් සමුගනිමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *