බිරිද ස්වාමි පුරුෂයා මැරුවා ද ? වළ දැමු මිනිය ගොඩ ගැනේ

සිය සැමියා බිරිද විසින් ඝාතනය කරන ලද බවට සැක

අහංගම පොලිස් කොට්ඨාසයේ ඉදුරන්නවිල ගම්මානයේ මෙයට මාස කිහිපයකට පෙර මිය ගිය පුද්ගලයෙකුගේ මරනය මීනි මැරුමක් යැයි නිර්නාමිකව පොලිසියට ලැබුණු තොරතුරක් මත වළ දැමු මිනිය ගොඩ ගැනිමට 21 දින ගාල්ල අධිකරණ නියෝගයක් මත කටයුතු සිදුකරන බව අහංගම පොලිසිය පවසයි.

ඒ අනුව, ගාල්ල කරාපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරි බී.ඩී සමරවීර මහතාගේ අධික්ෂණය යටතේ අද 26 දින මිනිය ගොඩ ගන්නා ලදුව පරික්ෂණ සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ගෙන යනු ලදි.

මෙහිදී සිය සැමියා බිරිද විසින් ඝාතනය කරන ලද බවට සැක කෙරේ.මේ අනුව අදාළ මිනිය ගොඩ දමන්ට පියවරගෙන තිබිණි.

මේ අනුව, ගාල්ල අධිකරණයෙන් තින්දු කර ඇත්තේ මේ මස 26 වන දින මිනිය ගොඩගෙන පරික්ෂණ සිදුකරන්නට  පියවර ගන්නා බැව් අහංගම පොලිසිය පවසයි. මේ අනුව මේවන විට අදාළ සොහොන අභියස දැඩි පොලිස් ආරක්ෂාව යටතේ,මිනිය ගොඩ ගැනිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *