සියවස් බාගයකට පස්සෙ පස්සර ඉස්සුව මීගමුවේ ලාන්සා.

සියවස් බාගයකට පස්සෙ පස්සර ඉස්සුව මීගමුවේ ලාන්සා.

පක්ෂයට දිනා ගන්නට බැරි ආසන විශාල සංඛ්‍යාවක් මම දිනවලා දීලා තියෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ආසනයත් එයින් එකක්. පස්සර අපට දිනා ගන්නට පුළුවන් වුණේ අවුරුදු පනස් හයකට පස්සෙ. ඒ වගේම පක්ෂයට පුත්තලම දිනා ගන්නට බැරි වුණා. මම ගිහිල්ලා දිනවලා දුන්නා. යාපනයටත් මම ගියා. ඒ වගේම ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල සහ මීගමුව ආසන දෙකත් පක්ෂයට දිනන්නට බෑ. මම ගියාම තමයි දිනන්නේ. ඉතින් පක්ෂය දන්නවා දෙන ඕනැම ඉලක්කයක් මම අකුරටම ඉටු කරන බව.  සංවර්ධන ඉලක්ක දුන්නත් මම ඒවා නිසි ලෙස ඉටු කරනවා. ඒ ඕනෑම ඉලක්කයක් කඩිනමින් හඹා යාමේ හඹා යාමේ හැකියාව මට නොඅඩුවම තියෙනවා යනුවෙන් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ධුරාපේක්ෂක නිමල් ලාන්සා මහතා  ඇල්දෙණියේ පැවති ජන හමුවකදී පැවසීය.

ලාන්සා මහතා තවදුරටත් කතා කරමින් මෙසේ ද කියා සිටියේය. 

මම මහරට ලඟ ආසනයක නෙවෙයි පහුගිය කාලයේ දේශපාලනය කළේ. අර කෙලවරේ තියෙන මීගමුව ආසනයේ. මීගමුව හැමදාමත් එක්සත් ජාතික පක්ෂය විසින් දිනා ගන්නා ආසනයක්. මේ මහර වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ පොහොට්ටුවට යන එකක් නොවෙයි. මහර පසුගිය මැතිවරණයෙන් වැඩි ඡන්ද තිස්පන්දහකින් හතළිස් දහසකින් ආග්‍රහනය කරද්දි මම නායකත්වය දෙන ආසනය ඡන්ද දොළොස් දහසකින් පරාද වුණා. ඊළඟට මම බලන වත්තලත් ඡන්ද දාහකට වැඩියෙන් පරාදයි. 

මහින්ද ජනාධිපතිතුමා තිස් වසරක යුද්ධය අවසන් කළාට පස්සෙ මේ රටේ මාර්ග පද්ධතිය සහමුලින් ම සංවර්ධනය කරන්න පටන් ගන්නවා. යුද්ධයට පෙර මේ රටේ ගම් දනව්වල ඇතුළු පාරවල් කොන්ක්‍රීට් වෙලා තිබුණා ද? එතුමා මගනැගුම, ගමනැගුම, දැයට කිරුළ, සුන්දර ගම්පහ, නැගෙනහිර නවෝදය හා උතුරු වසන්තය  වගේ සංවර්ධන ව්‍යාපෘති පටන් ගත්තා.   

පහර හා සනය ඔබ අද පලමු වතාවට පළමු වතාවට මාව දකිනවා වෙන්න පුළුවන්. නමුත් මහර ආසනයේ සංවර්ධනයට මම විශාල දායකත්වයක් දුන්න කෙනෙක්.  2010 – 15 අතර කාලය තුළ මහර ආසනය ආසනය සංවිධායකතුමාට මහින්ද ජනාධිපතිතුමාගෙන් හෝ බැසිල් ඇමතිතුමාගෙන් වැඩක් කරන්න ඉල්ලුවා නම් ඒ වැඩ සියල්ල නිමා කලේ මමයි. ශරීර සුවතා මංතීරුවෙ යද්දි මාව මතක් වෙයි ඔබට. මහර මාතෘ සායන හදන කොට ඒවා අධීක්ෂණය කළෙත් මම. හර විතරක් පාර විතරක් නෙමෙයි දිස්ත්‍රික්ක එකොළහක මේ රටේ ජාතික මාර්ග පද්ධතියට කිලෝමීටර් 6000 ක් සංවර්ධන කරන්නටත් නායකත්වය දුන්නේ මම. වගේ නායකත්වය මට මාර දීපු හැම වැඩක්ම හරියටම කරපු නිසා තමයි මට තනතුරු වලිනුත් ඉහලටම යන්නට පුළුවන් වුණේ. 

දේශපාලනයේ දී ජනතාවට උදව් නොකළොත් කාට හරි දිනාගන්න පුළුවන් පුලුවන් උපරිම වාර එකයි. කරූ ජයසූරියටත් වඩා ඡන්ද ගත්තු අර පබා මතකයිනෙ. එයත් දෙවෙනි වතාවෙ එන්නෙ නෑ. අර ආච්චිලා වඩාගෙන හාටපු බබාලට ටොපි දීලා ඡන්දෙ ඉල්ලපු ගාල්ල පැත්තෙ නිළිය මතකයිනෙ. එයත් දෙවැනි වතාවේ එන්නෙ නෑ. අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙත් ජනතා විමුක්ති පෙරමුණෙත් පරිවාස කාලයේදි මේ දිස්ත්‍රික්කයේ වත් පදිංචි නැති අන්ජාන් උම්මාත් දිනුවා. අද ඒත් උඹලා ඉන්න තැනක්වත් ආරංචි නෑ. කාට හරි දේශපාලනයෙන් දිගින් දිගටම රැඳෙන්න ඕන නම් ජනතාවට වැඩ කරන්න ඕන. ජනතාව එක්ක ඉන්න ඕන. මම අට වතාවක් මැතිවරණවලට ඉදිරිපත් වෙලා හත් වතාවක් ජයග්‍රහණය කරලා තියෙනවා. ජනප්‍රසාදයක් නැත්නම් නැත්නම් අට වතාවක් මට ඡන්දය ඉල්ලන්න පුළුවන් වෙන්නේ නෑ.

මට අලුත් අලුත් අමාත්‍යාංශයක් දුන්නොත් මම අලුත් වැඩක් නිර්මාණය කරනවමයි. මම පළාත් සභාවේ මාර්ග සංවර්ධන ඇමැතිවරයා විදිහට පත් වුනාම ඒ පළාතේ විතරක් නෙමෙයි දිස්ත්‍රික්ක එකොළහක මාර්ග සංවර්ධනය කරල දුන්නා. මම රුපියල් ලක්ෂ 6000 ක ආධාර ජනතාවට බෙදා දීලා තියෙනවා. එහෙම දෙන්නට පුළුවන් අවස්ථාවන් හොයලා බලලා මම නිර්මාණය කර ගන්නවා. සමහර වෙනත් මන්ත්‍රීවරු තමන්ගේ විෂය ධාරාව තුළ වත් වැඩ කරන්න දන්නේ නෑ. ලංකාවේ පළමු වතාවට මම සෘජු ආධාර දීලා තියෙනවා. කිසි කෙනෙකුට එහෙම දෙන්න බෑ. මන්ත්‍රීවරයෙක් උපරිම ලක්ෂ විස්සක අාධාර බෙදලා ඇති. පළාත් සභාවක නම් ලක්ෂ 10 ක සෘජු ප්‍රදාන දෙන්න පුළුවන්. පුනරාවර්තන වැය ශීර්ෂය සල්ලිත් සල්ලි ප්‍රාග්ධන ගිණුමට මාරු කරලා දුප්පත් මිනිස්සු දහ දාහකට මම ණය හා ආධාර බෙදා දී තියෙනවා. එතකොට අනිත් මන්ත්‍රීවරු අහනවා නිමල් ලාන්සාට කොහෙන්ද මෙච්චර සල්ලි කියලා. අමාත්‍යාංශය ඔය සල්ලි ඉස්සර තිබුණත් මගේ කාලේ තිබුණ දැනුත් තියෙනවා. උවමනාවක් තියෙනවා නම් දෙන්න බැරි කමක් නෑ. මම හැමදාම උදේ 6:00 ට නැගිටලා නෑ දහනමයක් විතර එක දිගටම අවුරුදු විසි හතක් තිස්සේ ජනතාවට වැඩ කරනවා. මම අලුත් ක්‍රමවේද හොයා බලනවා. ඒවා බැරි අය මට මඩ ගහනවා. චෝදනා කරනවා.  මම සමුපකාර අමාත්‍යංශය භාර බාර ගත්තාම එතැන තියෙනවා සමුපකාර ග්‍රාමීය බැංකු සංගමය. ඒ සල්ලි ඔක්කොම එන්නේ ගම්පහ දිස්ත්‍රික් බැංකුවට. ඒ සල්ලි මේ රටේ දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි. එතැන බිලියන 12 ක් තියෙනවා.  මම තීරණය කලා ඒ මුදල් කන්දරාවෙන් සිහියට විස්සක් මේ රටේ ස්ව්‍යං රැකියාවක් කරන්නට බලාපොරොත්තු වෙන අහිංසක මිනිස්සුන්ට ඇප රහිතව ණයක් ලබා දීමට වෙන් කරන්න.

දුප්පත් මිනිස්සු ණයක් ගන්නට ගියාම ඇප ඉල්ලනවා. ඉඩම් ඔප්පු ඉල්ලනවා. මම ඒක මේ රටේ දුප්පත් මිනිස්සු වෙනුවෙන් ඉතිහාසයේ පළමු වතාවට වෙනස් කළා. 

ජනදිරිය යටතේ ලක්ෂ දෙක හමාර බැගින් 10000 කට ණය ලබා දුන්නා. කොළඹට මිලියන එක්දහස් පන්සියයක් දුන්නා. ගම්පහ ත් එහෙම බෙදාගෙන යනකොට අපේ පැත්තෙ සමහර දේශපාලනඥයෝ ඒකට විරුද්ධ වුණා. ඒක නිසා මේක නවත්තන්න කියලා මහින්ද මහත්තයා මට කිව්වා. ඊට පස්සේ මම මේක එතුමාට පැහැදිලි කරලා දුන්නා. එතුමා ආයෙත් මට අවසර දුන්නා. කොහොම ආයෙත් ටිකක් බෙදාගෙන යනකොට දවසක් දා පාන්දර මහින්ද ජනාධිපති තුමා මට කෝල් කරලා කිව්වා ඕක නවත්තන්න ලාන්සා, නැත්නම් අර හාදයො ටික යූඇන්පියට යන්න හදනවා කියලා.  මම මේක කිව්වේ මේ රටේ දේශපාලනය කරන  සමහර මිනිස්සු දුප්පත් මිනිසුන්ගේ උවමනාවන් වෙනුවෙන් සංවේදී නොවන බව පෙන්නන්නයි. එහෙම නිර්මාණශීලිව හිතන්න දන්නෙත් නැති බව පෙන්වන්නයි. එයාලා කරන්නෙත් නෑ. කරන මිනිහෙකුට ඉඩ දෙන්නෙත් නෑ. වැඩක් කරන්න ගියාම කකුලෙන් අදිනවා. චෝදනා කරනවා. ගහන්න පටන් ගන්නවා.

ඒ නිසා ජනතාවට වැඩක් කරන මිනිහෙක් විදිහට මම නියෝජනය කරන වත්තල මීගමුව ජාඇල කටාන වගේ ප්‍රදේශ වලින් මනාප ඡන්ද ලක්ෂයක් විතර මට ලැබෙනවා.

මේ දවස් වල රනිල් වික්‍රමසිංහ ටයිටැනික් නැව ගැනත් රුපියල් දහදාහ ගැනත් කියමින් යනවා. අපි පැහැදිලිව කියන්නේ අවුරුදු පහක යහපාලන ආණ්ඩුව මේ රටේ පුධාන ආර්ථික මර්මස්ථානය වන මහ බැංකුව මහ දවල් මංකොල්ල කාලා ආර්ථිකය ඝාතනය කළා. එහෙම කරපු රනිල් රටේ ආර්ථිකය ටයිටැනික් නැව වගේ ගිලෙමින් තිබෙන බව කීම තරම් විහිළුවක් තවත් තියෙනවද?  ඔය නැව ගිල්ලුවේ තමන් ඇතුළු එක්සත් ජාතික පක්ෂ නඩය බව දැන් එතුමාට අමතක වෙලා. ඒ නිසා මේ රටේ ජනතාව තවදුරටත් ඔවුන්ගේ බොරු බේගල්වලට රැවැටෙන්නේ නෑ.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *