කොරොනා වෛරසයෙන් හබරාදූව සභාව උණුසුම් කරයි!!

පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අතර ඇතිවු බහින් බස් විමකින් හබරාදුව ප්‍රාදේශිය සභා මාසික රැස්වීම දැඩි උනුසුම්

කොරොනා වෛරසය පාලනයට රජය ප්‍රමාද වු බවට විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් විසින් සිදුකරන ලද ප්‍රකාශයක් නිසා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරුන් අතර ඇතිවු බහින් බස් විමකින් අද (26) පැවැති හබරාදුව ප්‍රාදේශිය සභා මාසික රැස්වීම දැඩි උනුසුම් තත්ත්වයට පත්විය.

මෙම රැස්වීම  ඊයේ (26) හබරාදුව ප්‍රාදේශිය සභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සභාපති බන්දුපාල අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සභා ශ්‍රවනාගාරයේ දී පැවැත්විණි.

මෙහි දී කල්වේලා ඇතිව, රජයමගින් ගුවන් තොටුපොළ වැසීමට කටයුතු නොකිරිම නිසා කොරොනා වසංගතය පැතිරීමට හේතුවු බව හබරාදුව සභාවේ එජාප මන්ත්‍රී රෝහණ ප්‍රියන්ත මහතා  යෝජනාවක් ඉදිරිපත් කරමින් කළ ප්‍රකාශයක් නිසා සභාවේ මේ තත්ත්වය ඇති විය.

කොරොනා වසනංගතය මාස තුනකට ආසන්න කාලයක් තුළ ලංකාවේ  ඉතා සාර්ථකව නිමාවට පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ඝෝඨාභය රාජපක්ෂ මැතිතුමා,අගමැති මහින්ද රාජපක්ෂ මැතුතුමා, ආරක්ෂක සෞඛ්‍ය අංශ හා පොලිසියට ස්තූතිය පුදකරන බව අද  (26) පැවැති හබරාදුව ප්‍රාදේශිය සභාවේ මාසික රැස්වීමේ දී ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හබරාදුව සභා මන්ත්‍රි අමිල නානායක්කාර ඒ ආකාරයට කතා කිරිමේදී සභාවේ ඇති වුයේ මහා ගාලගෝට්ටියකි.

මෙහි දී කොරොනා සම්බන්ධයෙන් යෝජනාව ගෙන එන ලද එජාප හබරාදුව ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රී රෝහණ ප්‍රියන්ත මහතා මේ සම්බන්ධයෙන් දිගින් දිගටම සභාවේදි බාධා කළේය.ගුවන් තොටුපොළ කල්තියා වැසුවේ නම් මේ මේ ආකාරයට කොරොනා වසන්ංගය රටතුළ පැතිරෙන්නේ නෑ.

මෙහි දී මෙම සිද්ධිය තම ජංගම දුරකතනයෙන් වීඩියෝ ගත කළ එජාප ප්‍රා දේශිය සභාවේ නිවිටන් පුංචිහේවා සිදුකළ බව කියමින් පක්ෂ විපක්ෂ මන්ත්‍රවරු සභාවේ අසුන්වලින් නැගිට කෑ කෝ ගැසීම නිසා පක්ෂ විපක්ෂ මන්ත්‍රිවරු පිරිසක් අතර ඇතිවුයේ නොසන්සුන් තාවයකි.සමහරු තම සහෝදර මන්ත්‍රිවරුන්ට පහර දෙන්ට අසභ්‍ය වචන කියමින් කටයුතු කළහ. මේ නිසා සභාව එකම පොර පිටියක් වශයෙන් සභාවේ මන්ත්‍රිවරු     කලහකාරි ආකාරයට හැසිරීම නිසා තව තවත් සභාව නොසන්සුන්තාවයකට හා ගාලගෝට්ටියක් බවට පත්වුහ.

මෙහිදී හබරාදුව ප්‍රාදේශිය සභාවේ  සභාපති බන්දුපාල අබේකොන් මහතාට පාලක පක්ෂයේ එනම් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හා එජනිස, ජවිපෙ මන්ත්‍රිවරු කියා සිටියේ තත්ත්වය පාලනය කර මෙම ගැටුම කාලගෝටිටිය නතරකරන්නට පියවර ගන්නා ලෙසයි.මෙහිදී ද ඇති වුයේ සභාවේම තවත් පැත්කින් මහා ගැලගෝට්ටියකි.පසුව දිගින් දිගටම සභාවේ ඇතිවු උනුසුම් තත්ත්වය පාලය කරගෙන සුපුරුදු පරිදි සභාව ගෙන යන්නට හැකි වුහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *