16 දෙනාගේ කණ්ඩායම කාදිනල් තුමා හමුවේ.
ඉදිරි දේශපාලන කටයුතු වලට අශිර්වාද ලාභාගනීම සඳහා.
පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වී විපක්ෂයට එකතු වුනු පාර්ලිමේන්තු මන්ත්රීවරු 16 දෙනා අද පෙරවරුවේ අති උතුම් කාදිනල් මැල්කම් රන්ජිත් හිමිපාණන් හමුවීමට නියමිතයි.අගමැති වරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්ෂව චන්දය ලබා දීමෙන් පසු තනතුරු වලින් ඉවත් වූ මොවුන් පසුගිය 8 වෙනිදා පාර්ලිමේන්තුව ආරම්භ කිරීමත් සමග විපක්ෂයේ අසුන් ගත්තා.මෙම පිරිස මීට පෙර මහ නාහිමිවරුන් හමුවී ද තමන්ගේ ඉදිරි කටයුතු වලට අශිර්වාද ලබා ගත්තා.අද පෙරවරුවේ බොරැල්ල පිහිටා ඇති අගරදගුරු මැදුරේ දී කාදිනල් තුමා හමුවී ඉදිරි දේශපාලන කටයුතු සඳහා උපදෙස් හා ආශීර්වාද ලබා ගන්නා බව 16 දෙනාගේ කණ්ඩායමේ ප්රකාශකයෙකු lankaabcnews වෙත ප්රකාශ කලා.