උපාධිය හමස් පෙට්ටියට දමා පලා විකුණන දිරිය දියණිය

මෙතෙක් රට කරවු පාලකයෝ උගතාට බුද්ධිමතාට සලකා නැත

උපාධිය නැතිනම් උපාධි සහතිකය එසේ නැතිනම් උපාධි සහතික කොළය ඉවත දමා රස්සාවක් නැති නිසා කීර පළා කොළවලට ජීවය දෙමින් කීර පලා කොළ වෙළදාම් කරන යුවතිවක් ගාල්ල ඇල්පිටියේ පොදු වෙළෙඳ පොලේ දකිය හැකි වූවාය. සුන්දර අරුනැල්ලක් මෙන් ඇය සිනාසෙමින් තම යුතකම ඉටුකරන්නීය. ඇය සුන්දරය සුන්දර සිහනහව සමඟ මුව සරසාගෙන සිටින ඇය විවිධ වර්ගයේ පළාකොළ විකුනන්නේ උපාධි කොළයට රස්සාවක් නැති නිසාය.

රට කරවන හෝ මේ ලංකාව මෙතෙක් රට කරවු පාලකයෝ උගතාට බුද්ධිමතාට සරසවි සිසුන්ට අපේ වචනයෙන් කියනවා නම් අපේ සරසවි සඟයන්ට උවමනා ආකාරයට රැකි රස්සා සම්පාදනය කලේ නැත.

එදත් අදත් හෙටත් එසේමය. නිදිවරාගෙන පාඩම්කර වසර හතරක් හෝ පහක් වෙහෙස වී ගන්නා උපාධිය ට උපාධි කොළයට සහතිකයට තැනක් නැති නිසා මේ ආකාරයට අපා දුක් විදින උපාධිධාරින් අතරේගත් කළ මේ එක් යුවතියක් පමණි. ඇය නමින් පෙර කීවා සේ  නිලන්ති වික්‍රමසිංහ නම් වූවාය.මේ ආකාරයට මහා මඟ කීරපලා විකුනන්නේ රජවන්නට නම් නෙවෙයි.ජිවත් වන්නටය. අම්මා රකින්නටය. මේ දියණිය කීර පලා විකුණන්නීය.

ඇය සත්තකින්ම අපේ රටේ තරුණ තරුණියන් අතරේ ගත් කළ උපාධියක් අතේ තබාගෙන කීර පලා විකුනන්ණයකි .ඇයගේ කතාව සත්තකින්ම තවත් සුරගන කතාවක් නම් නොවේ කාගේ හෝ කොතනක හෝ සිදුවු වැරදි නිසාවෙන් මේ ආකරයට උපාධි කාරයද මහ මඟට වැටී ශෝක නීය තත්වයක් අද වන විට දැකිය හැකිය. අප ඇය හමුවන්නට ගියේ සුන්දර උදෑසන පිනි වැටෙන්නා වු අරුණුදෝදකය. ඇය එනම් නිලන්ති වික්‍රමසිංහ යුවතිය අපේ කතා නායයිකාව ගේ කතාව මෙසේය.

තරුණ අපට අරුණ ගෙන එන්නට නොව තරුණ යුවතිය මේ වෙහෙස දරන්නේ ජිවත් වන්නටය. ඇල්පිටියේ පොදු වෙළෙඳපොළ පාරේ කඩ මැස්සක කීර පලා කොළ තබාගෙන අලෙවි කරන සුන්දර යුවතිය කා අතරත් ප්‍ර සිද්ධියක් උසුලන්නීය. ඇය පැමිණෙන සෑම ගනුදෙනුකරුවකුටම පලා මිටියක් හෝ අලෙවි කර ගැනීමට උත්සාහ දරන්නීය. නිලන්ති වික්‍රමසිංහ නම් වූ ඇය කැලණිය විශ්වවිද්‍යාලයෙන් 2012 වසරේ විශේෂ උපාධියක් ලබා ගත් උපාධිධාරිනියක වන්ණිය.

සිඝිතිදියනියක් දුවක් තරැනියක් මවක් මිත්තනියක් ආදි වශයෙන් කාන්තා  ජිවන කුමවේදය දෙස බලද්දී ඇය තරුණු කනිසම පසුකරමින් සිටින්ණිය. එමෙන්ම ඇයගේ අතීත කතාවද හෝකි කතාවකි. ඇය ඉපදී මාස 6ක් වන විට භීෂණ සමයේ පියා අතුරුදන් විය. එදා සිට මේ දෙදෙනා තනි වූයේ සිහිනෙන්වත් නොසිතූ අයුරිනි. කෙසේ හෝ අසරණව තනි වූ මේ මව දහදුක් විඳිමින් නිලන්ති පාසල් යැව්වේ දහසක් අඩුපාඩු මධ්‍යයේය.නිලන්තිගේ අම්මා ද දිරිය අම්මා වකි.

අපේ කාතාවේ නායකිව නිලන්ති  ඇල්පිටිය ආනන්ද විද්‍යාලයෙන් අ.පො.ස. උසස් පෙළ ඉහළින් සමත් වී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වූයේ දහසකුත් එකක් බලාපොරොත්තු ඇතිවය. ඉන් ප්‍රධාන වූයේ හොඳ රැකියාවක් කර මේ දක්වා දහ දුක් විඳිමින් ඉගැන්වූ අම්මාට දුක් නොදී රැකබලා ගැනීමය. එය මල්ඵල ගන්වමින් උපාධි ලෝගුව පලඳවන අයුරු මේ මව කඳුළු පිරි දෙනෙතින් ඒ දෙස බලා සිටියේ ඇය රැජනක් කළා යන හැඟීමෙනි.

එහෙත් දැන් සියල්ල කණපිට පෙරළී ඇත. ඇයට රැකියාවක් මේ දක්වාම ලැබී නැත. කෙසේ වුවද එවකට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා කොළඹ ප්‍රදේශයේ රාජ්‍ය අනුබද්ධිත ආයතනයක තාවකාලික පත්වීමක් ලබා දී ඇති අතර මවගේ අසනීපය නිසා ඇය තනිකර යෑමට නොහැකි නිසාත් දුර බැහැර යෑමට තරම් එම රැකියාවෙන් ලැබෙන සොච්චම මඟටම වැය වන නිසාත් නිවෙසේ නතර වී පුරුදු රැකියාවම අරඹා මෙසේ මව රැකබලා ගන්නේ සියලු බලාපොරොත්තු සුන් වූ අයුරිනි. ගයන්ත ඇමතිවරයා රටේ ප්‍රධාන ඇමති වරයෙකි. ඇමති උපාධියක් ඇති යුවතියකට සුදුසු රැස්වාක් දෙන්නට කටයුතු කලේ ද යන්න සිතිය යුතුය. අට පාස් සා/පෙළ සමත් උසස් පෙළ සමත් පිරිස්වලට රස්සා තොග පිටින්  තම හිතවත් පිරිසට දේශපාලනය මත ලබා දෙ ද් දී උපාධියක් ඇති යුවතියකට දුන්නේ ඇයට සුදුසු රස්සාවක් නොවේ.එය ඇත්ත කතාවයි.

නිලන්තිගේ මව අසනීප වුවද කොහේ හෝ ගොස් පලා මිටි ටිකක්, ඇඹරැල්ලා ටිකක් ගෙනැවිත් කඩමැස්සේ තබන්නේ මහත් අපහසුවෙනි. ඒ දියණිය තැන් තැන්වල යැවීමට ඇති බිය නිසා විය යුතුය.අම්ම අම්මාට හැකි පරිදි ගමේ ගොඩේ ගිහිල්ලා තමයි කීරපලා ගෙන එන්නේ.

කෙසේ වුවද අද වන විට සියලුම උපාධිධාරීන්ට රජයේ රැකියාවක් ලබා දීමට රජය තීරණය කර ඇතත් මේ අසරණ තරුණිය දෙස කිසිදු බලධාරියකුගේ ඇස නොගැටීම නම් ජාතියේ අවාසනාවකි.රාජ්‍ය පුතිපත්තියක් මේ රටේ තිබෙන්නේ නම් උපාධිකාරයන්ට රස්සා දෙන්නටද රැකියා ප්‍රතිපත්තියක්ද තිබිය යුතුය නමුත් එහෙම එකක් නම් මේ ආණ්ඩු කරවන ඇත්තන්ගේ දැකිය හැකි නොවේ.

 යමක් කර කියා ගත හැකි අය බලවතුන් පසු පස ගොස් හොඳ රැකියාවල් ලබා ගනිද්දී ඇය ඔවුන් දෙස බලනුයේ කඳුළු පිරි දෙනෙතිනි.දෙන තරමක් දේශපාලන රස්සා දෙන අතරේගත් කළ උපාධිධාරියාට හිමිව ඇත්තේ මහමඟයි.කීරපලා කොළයි. පලා කොළ මෙන් උපාධි කොළයද අතටගෙන විකුන්නට ඇයට සිදුව ඇත. දුකකි. උගතාය සිදුව ඇත්තේ කුමක්ද කියා ය. උපාධියක් අතේ තබාගෙන කීර පලා විකුනනවාය කියන්නේ අඩුවක් හෝ හෑල්ලුවක් නොවේ. නමුත් ඇය අගයන්නට කිසිදු මැති ඇමතියෙක් කටයුත කර නැත.

නිලන්ති කියන්නේ ඇයට නිවසක්ද නොමැති බවයි.ඇය නිහතමානිව කියන්නීය.

එමෙන්ම ඇය සමඟ එකට සිටි යහළු යෙහෙළියන් අද විධායක අංශයේ රැකියාවලද සිටින බව ඇය පවසන්නේ සුසුමක්ද පිට කරමිනි. අද උපාධිධාරීන් රැකියාවට ගොස් එන විට ඔවුන්ට පලා මිටියක් විකුණා තම මව රැකබලා ගැනීමට තරම් ඇය අවාසනාවන්ත වූයේ ඇයගේ වරදින් නොව සමාජ ක්‍රමයේ කොහේ හෝ ඇති වරදක් නිසා බව නම් කිව යුතුයි. මේ වන විට ඇයට අසාධාරණයක් සිදු වී හමාරය. උපාදි ධාරින් සඳහා පසුගියදා ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ පැවැති සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වී ඇතත් එයටද මේ දක්වා කිසිදු පිළිතුරක් නැති බව ඇය පැවැසුවාය. කෙසේ වුවද ඇය තවදුරටත් පලා විකිණිය යුතු ද නැද්ද යන්න කියවන අපි සැමගෙන් අසන්නට කැමැතිය.

ඇය පිළිබඳ ජනාධිපතිවරයාගේ හෝ ගයන්ත කරුණාතිලක,රාජ්‍ය පරිපාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ හෝ අවධානය යොමු වන්නේ නම් අංක 15, පොදු වෙළෙඳපොළ පාර, ඇල්පිටිය ලිපිනයේ අපේ කතා නායිකාව ගැන සොයන්නට මේ වන විට රටෙත් එකෙක් නැත ගමෙත් එකෙත් නැත ඇල්පිටියෙත් අයෙක් නැත.

උගතා බුද්ධිමතාට ගරුකරන්නාවු සමාජයක් අද නැත. දන උගෙන ගත්කම තමයි කෙනෙකුගේ වත්කම දැන හැදින ගත්තම ඔබට සලකයි රටේ ඔක්කොම මෙහි දී අපේ කතාන්දරයේ නිලන්තිට එය ඉටුව ඇද්ද ? අප සමාජයේ සියලුලෝම දෙමාපියන්  ආරම්භයේ සිටම මහ පොළොවෙහි පෑගෙන්නාවූ ඇත්තත් සමඟ බලන විට වෑයම් කරනු ලබන්නේ දරුවන් උගතුන් කරන්නටද උගතුන් කරන්න උත්සාහ කිරීම සහ බුද්ධිමතුන් කරන්න උත්සාහ කිරීම යනු පැහැදිළිවම දෙකක් මිස එකක් නොවේ. උගතුන් කිරීම සහ බුද්ධිමතුන් කිරීම යන දෙක පටලවාගන්නේ නැතිව නිර්වචනය කරගන්නේ කෙසේද උගත් කිරීමයි බුද්ධිමත් කිරීමයි අතර විශාල වෙනසක් තිබේ. උගතා සහ බුද්ධිමතා යනු දෙදෙනෙක් මිස එක් අයකු නොවේ. උගත් කමින් කළ හැකි දේ බුද්ධ්යෙන් කළ නොහැකියි.මේ දෙදෙනාගෙන් රටක් සමාජයක් ප්‍ර යෝජන ගන්නේ නැති බවක් පෙනේ.

මේ අනුව ගත් කළ නිලන්ති වික්‍රමසිංහ අපේ කතාන්දරයේ දියණියට උගතෙක් හෝ බුද්ධිමතෙක් ලෙස සලකා ඇයට සුදුසු තැන නොදෙන්නේ ඇයි….ද ?  කතා අනුවේදණිය දෙවන කොටස මෙසේ ය.

අපේ කතාන්දරයේ වික්‍රමසිංහ විදානපතිරනලාගේ නිලන්තිගේ අම්මා කියන්නේ අනුවේදණිය කතාන්දරයකි. ඇය කියන්නේ නිලන්තිට වයස මාස අයක්වන විට නිලන්තිගේ පියා මියගොස් ඇති හෝ අතුරුදන්ව ඇති හෝ මේ වනවිටත් පැමිණ නැති බවයි. නිලන්තිගේ තාත්තා ලොරි රථවල රියදුරක් වශයෙන් විජේසේන සේවය කළේය.

නමුත් 1988,89 කාලයේ පවැති භිෂණ සමයේ දි විජේසිංහද අතුරුදන්වු යේ ය. ගෝනි බිල්ලාගේ නාමයෙන් විය හැකිය.

බදුල්ල ජිවත්වන වු ලිලාවති හා විජේසිංහ නිලන්තිගේ කැදැල්ල සුනුවිසුනි විය. මේ අනුව යළිත් නිලන්තිගේ මව ගාල්ල ඇලිපිටියට එන්නේ මහ ගෙදරයයි.

ඉන්සුව, ඇලිපිටය පාසලට පෙනෙන තෙක් මානයේ පෙට්ටිකඩයක් තබාගෙන ඇය දුව ජිවත් කරන්නේ ප්‍රංචි නිලන්තිද අත ඇතිවයි. ඒ නිලන්තගේ මව වන සෝමාවතිගේ මවට අයත් ඉඩමක ය. නමුත් මේ ඉඩමට ඇහැගහන්නට ඉන්න නපුරෙක් නිලන්තිලගේ ජිවිතයට බාධාවක් විය අහිංසකව ජිවත්වන ජීවිතවලට සරණක් වු එලවලු කීරා පෙට්ටි කඩය හදිසියේ මහ රෑ ගිනි තියා ඇති බව ඇයට දනගත හැකි විය. ඇය ඒ තුළින් පසුබට නොවී ඇලිපිටිය වෙළෙද පොලේ කඩකාබරයක් ගෙන කීර පලා විකුණන්නට වුවාය.

දියණිය ලොකු වී සා/පෙළ හා උසස් පෙළ සමත්ව සරසවි අධ්‍යාපනය ලබාදෙන්නට කීරපලා විකුණන මුදලින් යාන්තමට සෑසිමකට පත්වන්නට සිදු විය. තම සරසවියේ යහළුවන්ටද හෙයෙළියන්ටද මේ බව නිලන්ති කීවාය.

ඒ අනුව, සරසවි සහෝදරත්වය මත ඇයට සරසවි සඟයන්ගේ සහයෝගය නිරතුරුවම ලැබු අතර මහපොල ශිෂ්‍යත්ව අරමුදල යටතේ ලැබෙන දීමනාව ද ඇයට ශක්තියක් වුවාය. උපාධිය අරගෙන රස්සාවල් සොයන්ට නොගිය තැනක් නැත ලැබුනේ නැත.

රස්සාවක් දෙකක් කරන්ට කටයුතු කර ද නියමිත රස්සාවක් නිලන්තිගේ උපාධියට බලදරයෝ ලබා දී නැත.මේ නිසා උපාධි කොළය පසෙක දා ලැජ්ජාවක් නැතිව ඇල්පිටිය පොලේ මේ නිලන්ති කීර පලා විකුණන්ට වුවාය.

ඒ තම අම්මා ද මහළුවියේ පසුවන නිසා ඇයට අම්මාද රකගෙන මේ රස්සාව කරන්නේ ජිවත් වන්නටය. ජීවන අරගෙලය සඳහය.

දැනුම අයෝජනයකි. දුපතුන්ට එය වාසනාව ගෙන දේ. නමුත් වාසනාව කැදවු දැනුම නිලන්තියට තවම ලබාදෙන්නට කිසිවෙක් වගකිවයුතු අයෙක් කටයුතු කර නොමැත.

අවෝ උපාධිධාරියන්ට ගිය කල යැයි කියන්නට කාලය එළඹ ඇත. නිලන්තිගේ කතාවට අපි තිත තියමු. උගතුන්ට බුද්ධිමතුන්ට සලකන්නට රස්සා දෙන්නට මේ රටේ ආණ්ඩුවක් නැත. ඇල්පිටියේ ද ඇමතියෙක් ද නැත.පතොල වටකොළු,කරවිලි,බණ්ඩක්කා,කංකුණ් මැති ඇමතිවරු සිටිනා රටක මැතිවරණ කොට්ඨාසයක වැඩක් කරන්නට බැරි ඇමතිවරුන් සිටිනා රටක උගතුන්ට බුද්ධිමතුන්ට අඹ සරණය.නිලන්ති රස්සාවක් නැතුව ඇල්පිටිය පොලේ  කීර පලා විකුණන්නේ ජිවින අරගලය නිරතවන්නට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *