GPV ආයතනය දළුපොත අසරණ ජනතාවට පිහිටවෙයි!!!

කොරෝනා වසංගතය ඇතැම් පුද්ගලයන් සහ ව්‍යාපාරිකයන් වසන්තයක් කරගත් සමයක තම ආයතනයේ සේවකයන් සහ ආයතනය එක්ව ප්‍රදේශයේ අසරණ ජනතාව වෙනුවෙන් වියලි සලාක බෙදාදීමේ මහගු කටයුත්තක් මීගමුව දළුවපොත ප්‍රදේශයේ ව්‍යාපාරික ආයතනයක් විසින් සිදුකරණ ලදී ප්‍රදේශයේ අසරණ පවුල් සොයා ඔවුන් තම ආයතනය වෙත කැදවා ඔවුනට වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ සහිත මල්ල බැගින් ලබාදීමට කටයුතු කරන ලදී

ඩෙන්මාර්කයේ schow & co ආයතනයට අනුබද්ධ GPV ලංකා පුද්ගලික සමගම විසින් මෙම භාණ්ඩ බෙදාදීම සිදුකරණ ලදී ආයතනයේ සහ සේවකයන්ගේ මුල්‍ය දායකත්වය මත අදාල භාණ්ඩ බෙදා දීම සිදුකරන ලදී කොරෝනා වසංගතය හමුවේ ආයතනය පිහිටි දළුවපොත ප්‍රදේශයේ අඩු අදායම් සහිත පවුල් සහ අබාධිත පුගලයන් 70 දෙනෙකු සදහා මෙම ආධාර ලබාදෙන ලදී

GPV ආයතනයේ කලමනාකර අධ්‍යක්ෂ උපාලි ලියනගේ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය සහ මීගමුව ප්‍රාදේශීය ලේකම් අයේෂා පතිරණ මහත්මිය සහ දළුවපොත ග්‍රාමනිලධාරී තුමන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සම්බන්ධ වන ලදී.

මෙහිදී අදහස් පලකල GPV ආයතනයේ කලමනාකර අධ්‍යක්ෂ උපාලි ලියනගේ මහතා අදහස් පළකරමින් කියා සිටියේ

කොවිඩ් දෙවැනි රැල්ල සමග මේ ප්‍රදේශයේ ජනතාව දැඩි අසීරු තාවයකට පත්ව ඇතිබව අප දුටුවා ග්‍රාමසේවක මහතාගේ මැදිහත්වීම මත අපි තෝරාගත් පිරිසක් සදහා තමයි ලබා දුන්නේ ඉදිරියේදී මෙවැනි අසරණ පවුල් තෝරා භාණ්ඩ බෙදාදීම සිදුකිරීමට අප ආයතනය සහ සේවක පිරිස කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා

මෙම කොට්ඨාශය හුදකලා කරපු කොට්ඨාශයක් මෙම කොට්ඨාශයේ අසරණ පවුල් වෙනුවෙන් මේ ලබාදුන් සහන මලු එම ජනතාවට විශාල ශක්තියක් මෙම කාර්ය ඉතාමත් අගය කලයුතු කටයුත්තක් තව තවත් මෙවැනි කටයුතු ඉටුකිරීමට GPV ආයතනයට හැකිවේවායි මම ප්‍රාර්ථනය කරනවා එම ජනතාවට ලබාදුන් මෙම සහනය වෙනුවෙන් මීගමුවේ ප්‍රාදේශීය ලේකම් වශයෙන් අගය කරනවා එම ආයතනයට සුභාසිංශන කරන්න කැමතියි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *