ගෝඨාභයගේ නඩුව දෙසැම්බර් සිට දිනපතා විභාගයට

නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබේ

ඩී.ඒ රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා රජයේ මුදල් අවභාවිතා කළ බවටහිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුලු 07 දෙනෙකුට එරෙහි විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබේ.ඒ අනුව අද (09) උදෑසන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය වෙත හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැමිණි ලදී එසේම එම නඩුව පසුගිය සැප්තැම්බර් 10 වැනිදා කැඳවු අතර එහිදි ඔවුන්ට ඇප ලබා දිමට නියෝග කර වැඩිදුර නඩු විභාගය අද (09) දිනය දක්වා කල් තැබුණි .

මෙම නඩුව අද(09) පෙරවරුවේ සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.
එහිදී පළමුවන විත්තිකරු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ සාධාරණ නඩු විභාගයක් සඳහා විත්තිය වෙත ලැබිය යුතු ලේඛණ මෝසමක් මාර්ගයෙන් අධිකරණය වෙත දැනුම් දී ඇති බව කියා සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටීයෙ අධිචෝදනා පත්‍රය සමඟ භාරදිය යුතු ලේඛන ගණනාවක් දැනටමත් විත්තිය වෙත ලබාදී ඇති බවත් ඊට පරිබාහිරව යම් ලේඛන අවශ්‍ය නම් ඒවා ද ලබාදීමට පැමිණිල්ල කටයුතු කරන බවයි.
මෙහිදී විනිසුරු සම්පත් අබේකෝන් මහතා විවෘත අධිකරණයේ සඳහන් කළ සිටීම පැමිණිල්ල විසින් ඉල්ලා සිටින ඇතැම් ලේඛන ලබාදීම සඳහා අධිකරණයට කළ හැක්කේ සහාය වීමක් පමණක් බව සදහන් කළේය.
අධිකරණය විසින් ලබා දෙන නියෝග ලබාගෙන තමන්ට අවශ්‍ය කරන ලේඛණ අදාල පාර්ශ්වයන් වෙතින් කඩිනමින් ලබා ගැනීමට විත්ති පාර්ශවය කටයුතු කළයුතු බවද මෙහිදී සභාපති විනිසුරු සම්පත් අබේකෝන් මහතා පෙන්වා දුන්නේය.
මෙහිදී විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් මතු කිරීමට තමන් අපේක්ෂා කරන බව කියා සිටියේය.
කෙසේ වෙතත් මෙහිදී ැැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටීයෙ විත්තිය මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් එහි සාරාංශයක් තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බවයි.
ප්‍රමාදයකින් තොරව නඩු විභාගය පවත්වාගෙන යාමට ඒ තුළින් හැකියාව සැලසෙන බවද එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.
අනතුරුව විත්ති විසින් ඉල්ලා සිටින ලේඛන නිසි පරිදි ලැබී තිබේද පරික්ෂා කිරීම සඳහා නඩුව ලබන 19 වනදා කැඳවීමට නියම කළ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය නඩුව දෙසැම්බර් මස 04 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බවට නියම කරන ලදි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *