“ගෝඨාභය හොදයි මහින්ද නරකයි” මේක චිත්‍ර පටියක් එකම තැනින් නිෂ්පාදනය වෙන්නේ

ජාතික ජන බලවේගයේ හම්බන්තොට සමුළුවේදී අනුර කුමාර දිසානායක කියයි

සැප්තැම්බර් දෙක දක්වා වලංගු පාර්ලිමේන්තුව මාර්තු දෙක විසුරුවන්න තියෙන වුවමනාවෙන්ම පාර්ලිමේන්තුව විසුරුවන්නේ කියන තර්කය හරියට කියවන අයට තේරෙනවා ආණ්ඩුවේ අසාර්ථකත්වය ඒ මදිද තේරුම් ගන්න දැන් කියනවා මහින්ද මහත්තයා නම් අප්සට් ගෝඨාභය මහත්තයානම් ටොප් මොකද මහින්ද මහත්තයා අසාර්ථකයි කියන්න තරම් කොහොමද වෙනස් වන්නේ දැන් බොරු චිත්‍රයක් මවනවා ජනතාවට මේක චිත්‍ර පටයක්

එම චිත්‍ර පටයේ ප්‍රේම ජවනිකාවට එක අධ්‍යක්ෂක වරයෙක් දුෂ්ඨයාගේ චරිතයට තව අධක්ෂ වරයෙක් ඉන්නවද මේ චිත්‍ර පටය එකම තැනකින් අධක්‍ෂණය වෙන්නේ දැන් බලන්න ගෝඨාභය ජනාධිපතිවෙලා මාසයක් ඉක්ම යන තැන සහ මාස තුනක් ඉක්ම යන තැන ආණ්ඩුව සීග්‍රයෙන් ජනතාවගෙන් ඈත් වෙන්න පටන් අරගෙන කියන ඉගිය ආණ්ඩුවට තේරෙනවා මුලින් 2/3 ගැන කථාකරගෙන යනවා හොද අය පාර්ලිමේන්තුවට යවන්න කියනවා

ගෝඨාභය හොද වෙන්නත් මහින්ද මහත්තයා නරක් වෙන්නත් විදියක් තියෙනවද 2015 දී මහින්ද මහත්තයා පැරදුනු වෙලාවේ ජනතාව ගියේ මැද මුලනට නැතිව මිරිහානේ ගෝඨාභයගේ ගෙදරට ද මේක නාට්‍යක් මහ මැතිවරණයේදී කියන්න දෙයක් නැහැ එක නිසා හොද ටික ගෝඨාභය ලග තියාගෙන නරක ටික මහින්ද මහත්තයා පිට පටවන්න හදනවා පව් මහින්ද මහත්තයා මහින්ද නැත්නම් ගෝඨාභය කෙනෙක් ඉන්නවද කියල දන්නේ නැහැ මේක නාටකයක් මෙයාලා කථා වෙලා මේ එකම චිත්‍ර පටියේ දුෂ්ඨයා සහ ප්‍රේමවන්තයා චරිතය රගපෑමක් මේ දෙකම එකයි මේවට හසුවෙන්න එපා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *