හෙන ගහන්න ඕන ඕකුන්ට කියලා හිතෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි..

 

ඩිස්නිලන්තේ කියන්නේ හරි අමුතු රටක්…. සල්ලි හම්බෙනවා නම් තමාව ජාතක කළ කෙනා හරි බිල්ලට දෙන පවුකාරයො දැං වැහිවැහැලා… මේ කියන්න යන්නේ… අහිංසක මල් වගේ දරුවො මරාගත්ත තිරිසන් ක්‍රියාවක් ගැන ……

මේ දිනවල ඩිස්නිලන්තයේ  දකුණු පැත්පැතේ තිර යන වෛරස්‌ උණ රෝගය පිළිබඳව ඩිස්නිකන්තය පුරා  කතාබහක් ඇතිවෙලා………  එය දෙ රට පුරා පැතිර යාමේ අවධානමක්ද ඇති බවට අනතුරු ඇගවීමකුත් කළා……. වෛරස්‌ උණ රෝගය  හේතුවෙන් කුඩා දරුවන්ගේ වටිනා ජීවිත රැසක්ද අහිමි වුනා. ඔන්න දැන් ආරංචියක් යනවා…. වෛරස් රෝගයෙන්  දරුවන් මිය ගොස්‌ ඇත්තේ ඉන්හේලර් කිරීම සඳහා යොදාගන්නා දියරයක්‌ නිසා විය හැකියි කියලා… හෙන ගහන්න ඕන ඕකුන්ට කියලා හිතෙන්නේ මෙන්න මේ වෙලාවට තමයි…… කොහොම හරි …. එම දියරය භාවිත නොකරන ලෙසට ඩිස්නිලන්තයේ  සියලු රෝහල්වලට දැනුම් දී තිබෙනවාලු….

පසුගිය මාසයේදී  පකිස්‌ථානයෙන් ආනයනය කර ඇති ඉන් හේලර් කිරීම සඳහා ලබා දෙන ට්‍රොපියම් ඖෂධයේ කුඩු දිය කිරීම සඳහායොදා ගන්න  දියරයක් නිසා මේතත්වය ඇතිවෙලා කියලයි කියන්නෙ….බල්ලො මරලා හරි සල්ලි හොයන්න දගලන කාලකණ්ණි මේ බෙහෙත  රෝහල් වෙත යවා තියෙන්නේ කිසිඳු නිවැරදි පරීක්‍ෂාවකින් තොරවලු…… මෙම දියරයේ   සාම්පල කීපයක්‌ වෛද්‍ය පර්යේෂණ ආයතනයටත්  දකුණේ සහ අගනගරේ ප්‍රධාන  රෝහල් දෙකක ක්‍ෂුද්‍ර ජීවී විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමුකර තිබෙනවා…….එහිදී සිදුකරන ලද පරීක්ෂණ වලට අනුව අදාල දියරය තුළ ක්‍ෂුද්‍ර ජීවීන් සිටින බවට තහවුරු වෙලා…..ඔන්න දැන් …..ඒ දියරය භාවිතයට නොගන්නා ලෙස සියලු රෝහල් වෙත දැනුම් දීලා ලු…..අනේ අනිච්චං මෙහෙමත් තිරිසන් ජාතියක් පුංචි මල් කැකුළු මරා ගන්නේ මුන්ට මොනවා කලාටද….. කියලා..  ඩිස්නිලන්තයේ… මිනිස්සු දැං කල්පනා කරයි…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *