අපිට අනාගතයක් දෙන්න අ””මුතුරාජවෙල කථාව””

මුතුරාජවෙලට වගුරු බිම අද රටේ කාගේත් කථාබහට ලක්වන ප්‍රදේශයක් මෙරට පරිසර පද්ධතියේ තවත් එක කොටසක් තමයි මුතුරාජවෙල කියන්නේ සංවර්ධනය කරන මුතුරාජවෙල ගැන දැන් වසර ගණනක සිට කථාකරන දෙයක් තියෙනව ලස්සන නමක් තිබුනට මේක අද මුතු නැති රජු නැති වෙල නැති අප ද්‍රව්‍ය පමණක් දිනෙන් දින ගොඩගැසෙන පරිසර පද්ධතියක් බවට පත්වෙලා මේ විනාශය බලන්න එතනට යන්නම ඕන එතන තියෙන පරිසරය ගැන කථාකරන්න සීත කාමර වල ඉදලා බැරි බව වටහා ගත යුතුමය

දැනට වසර 25 ක 30 ක ඉදලා ගම්පහ කුණු කන්ද යන්නේ මුතුරාජවෙල කියන මේ ලස්සන නම තියෙන තැනට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රධාන වෙළද කලාප දෙක වන කටුනායක සහ ඒකල අපද්‍රව්‍ය සහ පළාත්පාලන ආයතන වල අපද්‍රව්‍ය යන්නෙත් මුතුරාජවෙල කියන ඔය සුන්දර පරිසරයට තමයි මෙතන වෙන්නේ මොකද්ද ජා ඇල කියන්නේ මෙරට සත්ව ඝාතනයේ ප්‍රධන තැනක් මේ අපද්‍රවය යන්නෙත් මුතුරාජවෙලට අද මුතුරාජවෙල සුරකින්න කියලා කියන බොහෝ දෙනෙක් මේ අතීතයේ සිට එන කුණු කන්ද නොදැකීම නිසා අද මුතුරාජවෙල තත්වය සෝචනීයයි ජා ඇල බෝපිටිය පමුණුගම ඇතුළු මුතුරාජවෙල ආශ්‍රිත ජීවිත ගෙවන මිනිසුන්ගේ උප සංස්කෘතිය කියවන්න ඕන එතන තියෙන්නේ අමුතුම සමාජයක්

නීති විරෝධී මත්පැන් පෙරන ස්කාගාරයක් කප්පම් කරුවන්ගේ රාජධානික් මේ හැරෙන්නට කිසිවෙකුට මුතුරාජවෙල සුන්දරත්වයක් විදින්න නැහැ මේගැන ඒ පළාතේ මිනිස්සු කියන්නේ වෙනම කථාවක් ඒ කථාව තුල ඒ මිනිසුන්ගේ දැනීමේ හා වටහා ගැනීමේ හැකියාවට අභියෝග නොකර සවන්දෙන්න අවශ්‍ය බව කිව යුතුමයි

අපිට මේක අමුතුම ජීවිතයක් දැනට අවුරුදු 20 ක 25 ක ඉදලා අපි කරන්නේ මේ ජීවිතය සමග සෙල්ලමක් නොවෙයි අපේ දරුවෝ අපි සමාජයට යවන්න මේක හොද අවස්ථාවක් ලැබෙනකම් ඉන්නේ එකට අපි කියන්නේ මේ තත්වයෙන් මිදෙන්න ඕන කියන සරල වචනය සහ ගැඹුරු තේරුම ඇතුලට එන්න කියලා මේ සියලු දෙනාගෙන් ඉල්ලන බවයි මෙතන අපි නොකරපු ව්‍යාපාරය මොකද්ද අපේ දරුවන්ට මේ සියල්ල අමතක කරවන්න හොද අවස්ථාවක් ලැබෙයි කියලා අපි සුබවාදීව සිතන නිසා තමයි අපි මෙතනට ආවේ කිසිම අවධානයක් නොවැටුණු අපේ ජීවිත වලට අලුත් බලාපොරොත්තුවක් ලැබෙන මේ සංවර්ධනය අපිට හොදයි අපි මේකට කාලයක් බලා සිටියා අපි ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කරන්න අද බෝපිටිය පමුණුගම ජනතාවගේ ලගට ගිහිල්ලා කරුණු පැහැදිළි කරනවා මේක කාගෙවත් ප්‍රශ්නයක් නොවෙයි අපෙත් අපේ දරුවන්ගේත් අනාගත ප්‍රශ්නයක් මේකෙන් බැට කෑවේ අපි බට කන්නේ අපි එකේ වේදනාව දන්නේ අපි

මේ මුතුරාජවෙල ගැන කථාකරන්නේ අපි එක අපේ ජනතාව සමග අපි පොතක් මුද්‍රණය කරලා කරුණු පැහැදිලි කරනවා මේ දිහා බලාගෙන ඉන්න සියලු දෙනාට ඇත්ත තත්වය දකින්න මුතුරාජවෙල අවට ජනතාවගේ හඩට සවන්දෙන්න කියන පණිවුඩය රටේ ජනතාව හමුවේ තබනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *