ගීතා කුමාරසිංහ අනතුරක් සිදු කර පලා යයි! රියදුර සමග බේරා ගන්නයි කියලා

ගාල්ල දිස්ත්‍රික්කයේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර 2020 පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින හිටපු ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනී ප්‍රවින සිනමා නිළි ගීතා කුමාරසිංහ අපේක්ෂිකාවගේ වාහනයේ ගැටී හබරාදුව පුද්ගලයෙක් අනතුරකට පත්ව ඇත. අනතුරු සිදුවන විට ක්ෂිණිකවම තම යතුරු පදියෙන් පැන මෙම පුද්ගලයා දිවි ගලවාගෙන ඇත.නමුත් ගිතාගේ වාහනයේ ගැටුණු යතුරු පැදියට දැඩි අලාභ හානි සිදුව තිබේ.

මෙම සිද්ධිය සිදුවන්නේ පසුගිය 13 වන දින දීය. එදින දික්කුඹුර කොටිගලට පැමිනෙන ගිතා තම හිතවත් පාක්ෂිකයන් හමුවෙමින් යන අතර තුර ගිතා වාහනයේ සිටිය දීම මෙම අනතුර සිදුව තිබේ.

කොටිගල ගම්මානයේ ජීවත්වන චමින්ද ප්‍රදීප් (45) මහතාගේ යතුරු පැදිය හා  ගීතාගේ වාහනය එකට ගැටීම නිසා සිදු වු අනතුරෙන් යතුරු පැදියට සිදු වු අලාභය වුයේ රුපියල් 12 000 කට අධික මුදලකි.

එවිට ගිතා පවසා ඇත්තේ අලාභය දෙන බව පවසමින් ගම්මානයේ සියලුම ජනතාව ඉදිරියේ පොරොන්දු වි දුරකතන අංකයද ලබා දී පිටව යෑමයි. දින කිහිපයක් ගිතාගේ දුරකතන අංකයට කතා කළ ද ගිතාගෙන් ඇමතුමක් පුදීප්ට ලැබි නැත.

ගිතා පවසා ඇත්තේ අනතුරු සම්බන්ධයෙන් පොලිසියට පැමිනි නොකරන ලෙසත් තමා මුදල් දෙන නිසා පොලිසියට ගොස් පැමිණිලි කරන්න එපාය කියාය. ඒ නිසා යතුරු පැදිය හිමි පුද්ගලයා වු චම්න්ද ප්‍රදිප් පොලිසියට පැමිණිකර නැත.

නමුත් දින කිහිපයක් ගත වුවද වාහනයට සිදුවු අලාභය ගිතා ගෙවන්නේ නැති බවත් එය තම රියදුරු සමග බේරා ගන්නා මෙන් පවසා සිටින්නීය.

මේ සම්බන්ධයෙන් ඉමදුව පොලියටද පැමිණිලි කරන්නට චමින්ද ප්‍රදීප් ගොස් ඇත.මෙම අවස්ථාවේ දි සිදු ඇත්තේ අමුතුම කතාවකි. යතුරු පැදිය අනතුරට පත් කළ ගීතාට විරුද්ධව පැමිනිල්ලක් කරන්නට ගිය අවස්ථාවේ පැමිනිල්ල ඉමදුව පොලිසිය භාරගෙන   නැත.අනතුරක් සිදුව දින කිහිපයක්  පසුව සිදු කරන පැමිණිලි බාර ගන්නා බෑ කියා ඉමදුව පොලිසයේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක උපුල් කුමාර මහතා පවසා ඇත.

නමුත් ස්ථානාධිපතිවරයා ගිතාගේ දුකතනයට ( 07777 60177) කතා කර මේ සිද්ධිය සම්බන්ධයෙන් කතා කරන විට ගිතා මම මේ සම්බන්ධයෙන් වගකීමක් දරන්නේ නැති බව පවසන්නීය. එය තම රියදුර සමග බේරා ගන්න යැයි පවසමින් දුකතනය විසන්දි කර ඇත.

ජනතාවගේ ජන්දය මනාපය ඉල්ලන ගිතා මේ ආකාරයට දෙවනවරටත් පාර්ලිමේන්තුවට යන්නට පෙර සිටම පොරොන්දු කඩ කරන්නේ නම් ගීතාගේ සිනමා රංගනයට වඩා ජන ජීවිතයේ දී සිදු කරන රංගනයද බොරු රංගනක් බව චමින්ද ප්‍රදීප් හා කොටිගල ගම්වාසිහු පවසති.

කෙසේ නමුත්, අගතියට පත් චිමින්ද ප්‍රදිප් මහතාට සාධාරණනයක් ඉටු විය යුතුව තිබේ. වගකීම දරන්නට කිසිවෙක් නැත. එක රටක නීති එක නම්, මේ වැරදි වැඩයට නීතිය යට ගහන්නේ ඇයි ද යන්න ප්‍රණ්යකි. ජනපති තුමාගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරන මෙන් චමින්ද ප්‍රදීප් ඇතුලු දික්කුඹුර කොටිගල ගම්වාසිහු ඉල්ලා සිටිති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *