අපොස සාපෙළ විභාගය මාර්තු දක්වා කල්යයි

මෙරට දෙවන කොරෝනා රැල්ල හමුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග 2021 ජනවාරි 18 සිට 27 දක්වා වන පෙර සැලසුම් කළ කාලයේදී සිදුනොකරන බවත් බොහෝ දුරට 2021 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සදහන් කරයි

අමාත්‍යවරයා අමේ බව සදහන් කලේ අද පැවති මාධ්‍ය හමුවකදීය වැඩි දුරටත් සදහන් කලේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේ පැවැත්වීමට කටයුතු කරමින් සිටින අතර එය තවදුරටත් කල් දැමීමට අවශ්‍ය නොවන බවයි. අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මාසයේදී පැවැත්වුවහොත් මාස 03ක කාලයක් තුලදී එනම් ජුනි මාසය වන විට විභාග ප්‍රථිපල නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට හැකි වනු ඇති බව අමාත්‍යවරයා එහිදී පවසා ඇත.

තවද අමාත්‍ය ජී. එල්. පීරිස් වැඩිදුරටත් කියා සිටියේ ජූලි මාසයේ සිට අ.පො.ස. උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිසුන්ට අවස්ථාව ලබා දීමේ අරමුණින් මෙම පියවර ගන්නා බවයි.
2021 මාර්තු මාසයේදී විභාග පැවැත්වීම සඳහා සුදුසු දින 09 ක කාලයක් පිළිබඳව තීරණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය බලධාරීන් සහ අනෙකුත් අදාළ නිලධාරීන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවද ඔහු පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *