කොරෝනා භුමදානයට අවසර දෙන ගැසට්ටුව මුද්‍රණයට

මෙතෙක් කාලයක් මාධ්‍ය තුලත් සමාජ මාධ්‍ය තුලත් විවිධ අදහස් පළවූ කොරෝනා මරණ භූමදානය සම්බන්ධයෙන් ඇතිවූ කථාබහ නැවත කරලියට පැමිණියේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඒ සදහා අවසරය ලබාදෙන බව සදහන් කිරීමත් සමග ආණ්ඩුබලය හොබවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව තම පක්ෂ මුලස්ථානයේ මාධ්‍ය සාකච්චාවක් පවත්මින් සදහන් කලේ අගමැති වරයා කොරෝනා මරණ භුමදනයට අවසර දීමක් සිදු නොකළ බවත් මරණ භූමදානය කිරීමට අවසර ඇතිබවත් සදහන් කල බවයි

මෙම පරස්පර ආණ්ඩු පක්ෂයේ කඹ ඇදිල්ල අවසන් කරමින් මුස්ලිම් කොවිඩ් මරණ භූමදානය සඳහා අවසර දෙන ගැසට් පත්‍රය මුද්‍රණයට යොමු කර ඇති බව වාර්තා වෙයි.අමාත්‍ය එස් එම් චන්ද්‍රෙස්න මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ , සෞඛ්‍ය ඇමති අද ජනාධිපති කාර්යාලයේ පැවති රැස්වීමක් එය දැනුම් දුන් බවයි.

මානව හිමිකම් සැසියේදී මේ සම්බන්ධයෙන් ලංකාවට දැඩිව චෝදනා කල අතර කොරෝනා මරණ භුමදානයට අවසරදීම කලයුතු බවට අවධාරණය කරන ලදී මානව හිමිකම් සැසිය අවසන් වනවාත් සමග මෙරට සමාජය තුල විවිධ මත පතුරුවා අවසානයේ කොරෝනා මරණ භූමදානය සදහා අවසර ලබා දී ඇත මේ හේතුවෙන් මැද පෙරදිග ශ්‍රී ලාංකිකයන් කෙරෙහි දැඩිව බලපෑම් කල අතර ආණ්ඩුවේ තැවරුණු දේශප්‍රේමී කදවුරේ මතය වෙනුවට ජාත්‍යන්තරයේ හඩ ප්‍රබලව පැමිණීමත් සමග ආණ්ඩුව මෙම තීරණයට පැමිණ ඇති බව දේශපාලන විචාරකයන්ගේ අදහස වී ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *