දෙවනගල පුදබිමේදී මාධ්‍යවේදියාට පහරදීම හෙළාදකිනවා!!

ගම්පහ දිස්ත්‍රික් ජනාමධ්‍ය එකමුතුව වැඩිදුරටත් සදහන් කරයි

දෙවනගල පුදබිම මෙරට බෞද්ධ ජනතාවට උරුම කරදීම වෙනුවෙන් නොනවතින අරගලයක නිරත අප සහෝදර මාධ්‍යවේදී සමන් විජය බණ්ඩාර මහතා වෙත එල්ලකළ නින්දිත මර ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ගම්පහ දිස්ත්‍රික් ජනමාධ්‍ය එකමුතුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි දෙවනගල පුදබිම කලක සිට එක්තරා අන්තවාදී පිරිසකගේ ග්‍රහණයට ලක්වන බව මෙම මාධ්‍යවේදියා විෂින් රටට කියන ලදී.

තම මධ්‍යයුතුකම සැමදා ඉටුකරන සමන් විජය බණ්ඩාර නොබියව තම යුතුකම ඉටුකරන වර්තමානයේ සිටින දක්ෂ මාධ්‍යවේදියෙකු වන අතර ඔහුට එල්ලකළ මර ප්‍රහාරය සමස්ථ මාධ්‍ය ශේස්ත්‍රයට එලලවූ තර්ජනයක් බවත් තර්ජන සහ පහරදීම් හමුවේ සෘජු මාධ්‍ය අවරනයක නියැලෙන සමන් වැනි මාධ්‍ය කරුවන් ආරක්ෂා කිරීම අප සැමගේ යුතු කමකි ඔහුට සිදුකල තර්ජනය සහ පහරදීම සම්බන්ධයෙන් වහාම නීතිය ක්‍රියාත්මක කරන ලෙසත් මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අදාල සියලු පාර්ශවයන් මැදිහත්ව කටයුතු කරන ලෙසත් ගම්පහ දිස්ත්‍රික් ජනාමධ්‍ය එකමුතුව වැඩිදුරටත් සදහන් කරයි.

මේ එම අදාල සිදුවීම සම්බන්ධයෙන් සිදුකරණ පැහැදිළි කිරීමකි

ඓතිහාසික දෙවනගල පුරා වස්තු සෙල්ලිපි මෙන්ම පුරා විද්‍යා වටිනාකම් රැුසක් පවතින පාදමේ නැවත වතාවක් අනවසර ලෙස ඉඩම් අක‍්‍රමණය කරමින් ඉදිකිරිමක් සම්බන්ධයෙන් මාධ්‍යවාර්තාකරණය කිරිමට ගිය මාවනැල්ල ප‍්‍රාදේශිය මාධ්‍යවේදියාගේ කැමරාවට හානි කොට ඔහුට පහර දි තර්ජනය කිරිමක් අද 30 සංවිධානාතක්මකව පැමිණි මුස්ලිම් ජාතික පිරිසෙන් එක් අයෙකු විසින් සිදු කරන ලදි.

මෙම පහර දිමෙන් මාවනැල්ල මාධ්‍යවේදි කෑගල්ල දිස්ත‍්‍රීක් ක‍්‍රීයාකාරි මාධ්‍ය එකමුතුවේ සභාපති සමන් විජය බණ්ඩාර මහතාගේ විඩියෝ කැමරාවටද හානි සිදු වි ඇති අතර ඔහුට බැන මරණ තර්ජනය කිරිම සම්බන්ධයෙන් දෙවනගල මොහොමඞ් මව්ජුඞ් මොහොමඞ් සිරාජ් යන අයට මාවනැල්ල පොලිසියේ මාධ්‍යවේදියා විසින් එම දිනයේ පැමිණිල්ලක්ද කරන ලද්දේ සිය ආත්ම ආරක්ෂාව උදෙසාය.

ඓතිහාසික උරුමය විනාශ කරමින් පුරා වස්තු හානි කිරිම වසර ගණනාවක් පුරාවටම ඓතිහාසික දෙවනගල පුදබිමේ සිදු වු අතර පැවැති කිසිදු රජයකින් මේ සම්බන්ධයෙන් අවදානය යොමු නොවු කාල වකවානුවක පත්වු රජය මෙන්ම ජනාධිපති ගෝඪාභය රාජපක්ෂ ,අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුලූ රජයේ වගකිව යුතු නිලධාරින්ගේ අවදානය දෙවනගල වෙනුවෙන් දිගෙන් දිගටම සිදු වු මාධ්‍ය වාර්තා අනුව සිදු විය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස දෙවනගල පුදබිමේ පළමු මැනුමට අයත් අක්කර 85 ක කොටසක් මැන මේ වන විට අවසන් කර ඇති අතර අක්කර 1800 කට වැඩි දෙවැනි මැනුමද ද රජය විසින් සිදු කරන බව බලධාරින් විසින් බොහෝ අවස්ථාවන් වලදි ජනතාවට රැුස්විම් සහ පොලිසිය ග‍්‍රාම නිලධාරින් හරහා සිදු කර තිබුණි. එම නිසා ඒ අවට පදිංචි කරුවන්ට කිසිදු ඉදිකිරිමක් සිදු නොකරන ලෙස අවවාද කර තිබුණි.

එසේ තිබියදි ඉදිකිරිම් මෙන්ම වගා කිරිම් ගස් කැපිම් ගණනාවක්ම පසුගිය කාලය පුරාවට වාර්තා වු අතර එම අවස්ථාද පොලිසිය දැනුවත් කිරිම් හරහා ඒ සියල්ල නැවතුණි. නමුත් හොර රහසේ විවිධ කටයුතු තවමත් එහි සිදු වෙයි. එවැනි පසුබිමක ඊයේ 29 ඉල් පසළොස්වක පොහෝ දින රාත‍්‍රී කාලයේ දෙවනගල පාදමේ නිවසක අනවසර ඉදිකිරිමක් සිදු කිරිමට පිරිසක් සුදානම් වන බව විහාරාධිපති හිමියන් දායක සභාව මගින් දැනුවත් කර අතර පසුව දෙවනගල විහාරස්ථානයේ භාරකාර ස්වාමින් වහන්සේ වන මැදිරිගිරියේ පුඤ්ඤසාර ස්වාමින් වහන්සේ සහ දායක සභාව විහාරස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් සිටින පොලිස් නිලධාරින් දෙදෙනා සමග ගොස් අදාල ඉදිකිරිම සියලූ මැනුම් කටයුතු අවසන් වන තෙක් නවත්වන ලෙස නිවෙස් හිමියා දැනුවත් කරන ලදි.

එවැනි පසුබිම අද උදෑසන එම ඉදිකිරිම ගැන සොයා බැලිමට පොලිසිය පැමිණෙන බව භාරකාර ස්වාමින් වහන්සේ මෙන්ම දායක සභාව දැනුවත් වි තිබු අතර පොලිසිය පැමිණෙන තෙක් එම ඉදිකිරිම වන ස්ථානය අසලට ගොස් සිටියදි දෙවනගල අවට පදිංචි මුස්ලිම් ජාතික තරුණයන් සහ වැඩිහිටියන් 20 කට වැඩි පිරිසක් පැමිණ එම ස්ථානයේදි දෙවනගල භාරකාර ස්වාමින් වහන්සේ සමග උණුසුම් තත්වයක් ඇති කර ගත් අතර එම උණුසුම් තත්වය ඇති විමෙන් පසුව එය විඩියෝ ගත කිරිම ප‍්‍රධාන මාර්ගයේ සිට සිදු කරමින් සිටි අතරවාරයේ මාධ්‍යවේදියා වෙත මැර ප‍්‍රහාරය මෙන්ම ඔහුගේ කැමරාවට අලාභානි සිදු කිරිම ඉහත නම් දරණ පුද්ගලයා විසින් සිදු කරන ලදි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වන මාධ්‍යවේදි සමන් විජය බණ්ඩාර මහතා.

දෙවනගල පුජා භූමිය ගැන පමණක් නොවෙයි මා වසර 10 කට ආසන්න කාලයක් විවිධ සිද්ධින් මාධ්‍ය හරහා වාර්තා කිරිම් සිදු කරලා ඒවා නිරාකරණය වන තැනටම කටයුතු සිදු කලා. ඓතිහාසික දෙවනගල පුදබිමේ ගැටලූවත් මට අවශ්‍ය වුනා රජය මැදිහත් විමකින් නිරාකරණය වන තැනකට පත් කරලා දෙන්න. එක කරන්න බැරි වුනොත් අනාගතයේ මේ නිසා ගැටලූ රාශියක් ඇති වෙනවා ජාතිවාදි ගැටලූ පවා නිර්මාණය වෙනවා. රජය විසින් සියලූ මැනුම් අවසන් වෙනකම් කිසිදු ඉදිකිරිමක් කරන්න එපා කියලා තියෙද්දි පසුගිය මාසයේ දෙවනගල අනවසර ඉදිකිරිම් රැුසක්ම සිදු වුනා. ඒ සියල්ල වාර්තා කලා. වගකිව යුත්තන්ගේ අවදානය යොමු වේලා ඒ ජනතාව දැනුවත් කරලා ඒවා නැවතුනා. අද වුනෙත් ඒ වාගේ සිද්ධියක් වාර්තා කරන්න ගියාට පස්සේ මට පහර දිලා හෝ පුළුවන් කමක් තිබෙනවා නම් මරණයට පත් කරලා හරි සුළු පිරිසකගේ උවමනාව ඉටු කරගන්න.

මේ විදිහට පහර දි අපරාධයක් වැනි දෙයක් කරලා හෝ රටට ඇත්ත හෙළි කිරිම වලක්වා ගැනිම අරමුණු වේලා තිබුණා. මේ සම්බන්ධයෙන් මා පැමිණිල්ලක් කලා මාවනැල්ල පොලිසියට මම හිතනවා නිතීය ක‍්‍රීයාත්මක වේලා ඉදිරි කටයුතු සිදු වෙයි කියලා.

මා සෑම විටම මෙම ස්ථානයේ පවතින ගැටලූව ඉදිරිපත් කරලා සෑම දෙනෙකුටම නිදහස් අදහස් පල කරන්න අවස්ථාව මාධ්‍යවේදියෙකු ලෙස උදා කර දුන්නා. වගකිව යුත්තන්ගේ අවදානය යොමු කලා. මම විවාහකයෙක් එක් දරු පියෙක් නිතර මම මෙම මාර්ගයෙන් ගමන් කරනවා ඉදිරියේදි මාගේ ජිවිතයට පවා ගැටලූවක් මෙම නිවැරදි වාර්තාකරණය නිසා සිදු විමට බැරි කමක් නැහැ. එතෙක් මාගේ වෘත්තිය මම හරියට කරනවා මේ වාගේ සිද්ධින් වලින් මා පලා යෑමටද සුදානමක් නැහැ. මා හිතනවා දෙවනගල සම්බන්ධයෙන් ඉදිරියෙදි යහපතක් වි සිංහල, මුස්ලිම්, ද්‍රවිඩ මෙහි සියලූ පදිංචි ජනතාව සාමයෙන් සමගියෙන් සිටියි කියලා. ඒ අයගේ සමගිය විනාශ කරන්න සුළු අන්තවාදී පිරිසට ඉඩ තියන්න මාගේ සුදානමක් නැහැ.

Dewanagala attack

Leave a Reply

Your email address will not be published. Required fields are marked *