ගම්පහ සෙලනිකාට ජීවත් වීමේ වරම ලැබෙයි

ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය අසල පිහිටා ඇති කෲඩියා සිලනිකා මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරන වැඩබිමේ ශාඛය ඉවත් නොකර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට තීරණය කර ඇතැයි වනජීවී හා වනසම්පත් අමාත්‍ය සී. බී. රත්නායක මහතා සදහන් කරයි

පසුගිය සති කිහිපය පුරාම මෙරට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය තුල වැඩිපුරම කථාබහට ලක්වූ කෲඩියා සිලනිකා ශාඛය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කථා බහක් ඇතිවීමත් සමග සමාජ පාරිසරික ගැටළුවක් බවට පත්වන ලදී එම ශාඛය කපා දැමීම, ඉවත් කර වෙනත් තැනක සිටුවීම හෝ එවැනි වෙනත් කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා ලෙසත්, ශාඛය ආරක්ෂිතව මගහැර එය දෙපසින් මාර්ගය ඉදිකිරීමට කටයුතු කරන ලෙසත් උපදෙස් දෙමින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත ලිපියක් යැවූ බව ද රත්නායක මහතා කීය.

පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ද මෙම අදහසට එකඟ වී ඇති අතර ඒ පිළිබඳව පසුගිය කැබිනට් මණ්ඩලයට කරුණු වාර්තා කළ බවත්, මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යැවූ ලිපියට ලැබෙන පිළිතුර ඉදිරි කැබිනට් රැස්වීමකට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වන බවත් රත්නායක මහතා ප්‍රකාශ කළේය.

හොඳින් වැඩුණු ශාකයක් වන එම කෲඩියා සිලනිකා ශාකය ඉවත්කිරීමට එරෙහිව පරිසරවේදීන් ඇතුළු විශාල පිරිසක් විරෝධය දැක්වූ අතර විද්වතුන්ගේ මත ඇතුළු සියලු විරෝධතා ගැන ද සලකා මෙම තීරණය ගත් බව ද හෙතෙම සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *