ගම්පහ රෝහල් අධ්‍යක්ෂක සහ හෙද කාර්ය මණ්ඩලයේ ගැටුම උග්‍රවෙයි!!
ගම්පහ මහා රෝහලේ අධ්‍යක්ෂක වරයා විසින් කාර්ය මණ්ඩලය වෙත දිගින් දිගටම සිදුකරණ නොමනා ක්‍රියාකාරකම් නිසා රෝහලේ දෛනික කටයුතු සදහා දැඩි භාධාවක් එල්ල වී ඇත රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් කාර්ය මණ්ඩලය වෙනුවෙන් රෝහලේ කොටසක තිබු වාහන නවතන ස්ථානයේ වෛද්‍ය වරුන්ට පමණක් වාහන නැවතීමට අවස්ථාව ලබාදීමත් සමග ගම්පහ රෝහලේ වත්මන් අර්බුධය නිර්මාණය වී ඇත මේ වන විට දින දෙකක් පුරා හෙද කාර්ය මණ්ඩලය විරෝධතාවයන් පලකරන ලදී තම වෘතීය සමති ඇතුළු සියලු පාර්ශවයන් වෙතින් සිදුකරන කිසිම ඉල්ලීමක් කනකට නොගන්නා වත්මන් රෝහල් අධ්‍යක්ෂක වරයා සමස්ථ සේවකයින් පීඩාවට පත්කරමින් සිටින බව රෝහල් සේවකයන් චෝදනා කරයි ඉකමනි මේ සදහා විසදුම් නොලැබුණොත් දැඩි වෘතීය ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බැවින් වහාම අදාල බලධාරීන් මැදිහත්ව ගැටළුව විසදන ලෙස රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සදහන් කරයි