වැඩිම ඡන්ද දායකයින් සිටින ගම්පහට ඇමති දුරයක් අහිමි කලා ද? අහිමි වුණා ද?

ලසන්ත සහ ප්‍රසන්න දේශපාලන බල අරගලයද?

ආණ්ඩුව විසුරුවා හැරීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අමාත්‍යංශ සදහා අමාත්‍ය වරුන් පත්කර දිවුරුන් දීම ඊයේ දිනයේදී අවසන් කරන ලදී.  අමාත්‍ය ලබාදීමේදී කැබිනට් හෝ රාජ්‍ය ,නියෝජ්‍ය අමාත්‍ය දුරයක් ලංකාවේ වැඩිම ඡන්ද දායකයින් පිරිසක් සිටින ගම්පහ දිස්ත්‍රික්කය සදහා ලබා නොදීම අතිවිශේෂ සිදුවීමකි.අවම වශයෙන් නියෝජ්‍ය අමාත්‍ය වරයෙකුව සිටි ගම්පහ දිස්ත්‍රික්කයේ පසුගිය කාලය පුරාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් පෙනීසිටි ලසන්ත අලගියවන්න මහතාට කිසිදු අමාත්‍ය තනතුරක් ලැබී නොමැත. එසේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රිකයේ නායකත්වය ලබාදෙන ප්‍රසන්න රණතුංග මහතාට ද කිසිදු අමාත්‍ය දුරයක් හිමි නොවුණි.පසුගිය රජය සමයේ ගම්පහ දිස්ත්‍රිකය නියෝජනය කරමින් කැබිනට් අමාත්‍යවරුන් තිදෙනෙකු රාජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු සහ නියෝජය අමාත්‍යවරුන් තිදෙනෙකු පත්කර තිබුණි.

මෙම කරණයෙන් පැහැදිලි වන්නේ ගම්පහ දිස්ත්‍රික්කය ජනාධිපති තුමාට අමතක වීමද ??? නැතිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අතර ඇතිවූ මත ගැටුමද ???? කරළියට වාර්තා වන පරිදි හිටපු නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ආණ්ඩු පෙරළිය සිදුවූ කාල සීමාවේදී ජර්මනියේ සංචාරය නිරත වන ලදී ඔහු සංචාරය අතරමග නවතා පෙරලා සිය රටට පැමිණියේ කැබිනට් අමාත්‍ය වරයෙකු ලෙසින් දිවුරුම් දීමටය එහෙත් ඔහුට කැබිනට් අමාත්‍ය දුරයක් නොලැබෙන බව සදහන් කිරීම නිසා නැවත ජර්මනිය බලා පිටත්ව ගිය ද නැතිනම් මෙරට සිටිනවා ද යන්න තහවරු වී නොමැත.

ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කර ඇත්තේ තමන් ප්‍රතිපත්තියක් වශයෙන් වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය දුරයක් ලබා නොගන්නා බව හිතවතුන්ට පැසු බවයි එහෙත් එවැනි අදහසක් ප්‍රසිද්ධ නොකිරීමට ප්‍රසන්න රණතුංග මහතා වග බලාගන්නා ලදී.තමන් මෙම රජයේ කිසිදු අමාත්‍ය දුරයක් නොගෙන ස්වාදීනව සිටින බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කලේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පමණි ප්‍රසන්න රණතුංග මහතා ප්‍රබල කැබිනට් දුරයක් බලාපොරොත්තු වූ බවට කරලියට වාර්තාවෙයි.

එහෙත් දේශපාලන අභන්තර තොරතුරු වාර්තා කරන පරිදි ගම්පහ දිස්ත්‍රික්කය සදහා නව ආණ්ඩුවේ එක් කැබිනට් අමාත්‍ය දුරයක් ලබාදීමට පොරොන්දු වී ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ශවය ප්‍රකාශ කර ඇත්තේ එම අමාත්‍ය දුරය ලසන්ත අලගියවන්න මහතාට හිමිවිය යුතු බවයි. කෙසේ හෝ අවසානයේ වැඩිම ඡන්ද දායකයන් පිරිසක් සිටින ගම්පහ දිස්ත්‍රික්කය සදහා කිසිදු කැබිනට් හෝ රාජ්‍ය අමාත්‍ය දුරයක් ලැබී නොමැත.

පසුගිය මහ මැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්ප්‍රසන්න රණතුංග මහතා ලක්ෂ තුනහමාරකට වැඩි මනාප සංඛ්‍යාවක් ලබාගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ පළමු වෙනියා වශයෙන් තේරී පත්වන අතර ලසන්ත අලගියවන්න මහතා එම ලැයිස්තුවේ තේරීපත්වූ මන්ත්‍රීවරුන් අතරින් මනාප පනස් හත්දහසක් ලබා අවසන් මන්ත්‍රීවරයා ලෙස තේරී පත්වන ලදී.ඉදිරියේදී දේශපාලන පොරපිටියේ සිදුවන පෙරලී රැසක් ගම්පහ දිස්ත්‍රික්කය තුළ ඇතිවනු නිසැකය පක්ෂ විපක්ෂ අතර සහ එකම පක්ෂයන් තුළ ඇතිවන බල අරගලය දැඩි වනු ඇත මේ සියලු පෙරලි ගම්පහ දිස්ත්‍රික්කයේ මිලියන දෙකකට අසන්න ඡන්ද දායකයන් ගන්නා තීරණය කුමක් විය හැකි ද ???

Leave a Reply

Your email address will not be published. Required fields are marked *