ජනපති තීරණ ගන්නේ රට ගැන හිතලයි–එ ජා ප ය තීරණ ගන්නේ බඩ ගැන හිතලා —” ගම්පහ ආසන සංවිධායක අජිත් බස්නායක

පක්ෂය ශක්තිමත් කර ගෙන ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලේ අපි සිටින බව

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලය තුළ ගනු ලැබූ තීන්දු තීරණ සෑම දෙයක්ම ගත්තේ රට ගැන සිතලයි. එතුමා හැමදාමත් රට ගැන හිතුවා. දැන් මේ ඊනියා බෙදුම්වාදී කණ්ඩායම් එක්ක එකතුවෙලා එක්සත් ජාතික පක්ෂය ගන්නා තීරණ රට ගැන සිතා නොව බඩ ගැන හිතලා යැයි” ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගම්පහ පළාත් පාලන නියෝජිත මාධ්‍ය හමුවේදී ගම්පහ ආසන සංවිධායක අජිත් බස්නායක මහතා පැවසීය.

අජිත් බස්නායක මහතාගේ යක්කල කාර්යාලයේ පැවති මෙම රැස්වීමේදී ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

“පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකී‍මේ යැයි කියා ගත් කණ්ඩායමක් විසින් කොළඹ මහජන පුස්තකාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වූ දහ අට දෙනා කවුරුන්ද යන්න පාක්ෂිකයන්ට ප්‍රශ්නයක්. අපි මේ අයට කියන්නේ මේ දහඅට දෙනාගේ නම් හෙළිකරන්න කියලයි. මෙහිදී කියවුණා රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පැවැති බව. මේ අනුව එතුමාගේ බෙල්ලට තොණ්ඩුවක් වැටුණා. ඒක නිසා විශේෂයෙන්ම මේ ගැන දුටු අය කල්පනා කළා මේ දහඅට දෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරකින්නට යනවා නම් තමන්ගේ අනන්‍යතාවයත් තහවුරු කරන්නේ නැති මේ වගේ කණ්ඩායමක් වටා පාක්ෂිකයන් පිරිසක් ඒකරාශී වෙයි ද යන වග.

ඇතැමුන් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාටත් අභියෝග කරනවා මේ නායකත්වය වෙනත් අයට භාරදෙන්න කියා. කුමක් සඳහා ද නායකත්වය තවත් අයෙකුට භාරදෙන්න කියන්නේ. අපි මතක තියා ගන්න ඕනේ ශ්‍රී.ලං.නි.ප. මීට වඩා වැටුණු අවස්ථා තිබුණා. ඔබ දන්නවා 1977 මැතිවරණයෙන් පස්සේ අපි මොනතරම් පසුබෑමට ලක්වුණාද කියලා. ඒ පසුබෑමට ලක්වුණු සෑම අවස්ථාවේදීම අපි පරාජය වී ඇත්තේ බිඳුණු අවස්ථාවලයි. අපි 60දී ජයග්‍රහණය කොට 65දී පැරදුණේ මොකද? අපි බිඳුණු නිසා. අපි 77 පරදින්නේ මොකද? අපි බෙඳුණු නිසා. ශ්‍රී ලං.නි.ප. සමඟ සිටි පක්ෂ බෙදුණු නිසා මොකද වුණේ. එක්සත් ජාතික පක්ෂයට හයෙන් පහක බලයක් ලබා දුන්නා. ඇතැම් ආසන පැරදුණේ ඡන්ද තුන්සීයෙන් හාරසීයෙන්. මොකක්ද අපට දීල තියෙන පණිවිඩය. බෙදුණහම ලැබෙන ප්‍රතිඵලයයි.

ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය කාලය තුළ ගනු ලැබූ තීන්දු තීරණ සෑම දෙයක්ම ගත්තේ රට ගැන සිතලයි. එතුමා හැමදාමත් රට ගැන හිතුවා. දැන් මේ ඊනියා බෙදුම්වාදී කණ්ඩායම් එක්ක එකතුවෙලා එක්සත් ජාතික පක්ෂය ගන්නා තීරණ රට ගැන සිතා නොව බඩ ගැන සිතලයි. දැන් බඩ පුරවා ගැනීමේ න්‍යායට ගිහිල්ලා අද ටී.එන්.ඒ. එකත් එක්ක එකතු වෙලා මේ කරන ලද ක්‍රියාදාමයේ සැබෑ කාරණා ටික එළියට එනවා. වෙස් බැන්දට ඇතුළට වෙලා ඉදලා නටන්න ඕනේ එළියේ. නමුත් අද එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ගැටලුව ඉහවහා ගිහිල්ල තියෙනවා. ඒ වගේම ටී.එන්.ඒ. එකේ සුමන්තිරන් මහත්තයලා ඉල්ලන ඉල්ලීම් ටික දෙන්නට බැරිවෙලා තියෙනවා. ඒවා දුන්න ගමන්ම මොකද වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට එයාට යන එන මං නැති වෙනවා.

ඒ නිසා කියන්නට කැමතියි විශේෂයෙන්ම ගම්පහ ආසනයේ සංවිධායකයා විදිහට කියන්නට කැමතියි, මේ වෙලාවේ අපි කළ යුත්තේ ජනාධිපති, පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට ශක්තියක් ලබා දෙන්නට. මීට හේතුව කුමක්ද? දැන් සමහරු කියනවා වෙනමම ගිහිල්ලා අපි ඉල්ලමුලු යූ.එන්.පියට අපෙන් ගණනක් යන්න ඉන්නවලු. මම නම් විශ්වාස කරන විදිහට මේ රටට ආදරය කරන කිසිම දේශපාලඥයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් යන්නේ නම් නැහැ.

අපි දකිනවා සමහර තැන්වල චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ නම පාවිච්චි කරනවා. අපි විශ්වාස කරන දේ තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය පක්ෂය කඩන කර්මවලට එතුමිය සහයෝගය දක්වන්නේ නැහැ. එතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසිකාවක්. එතුමිය පක්ෂයත් සමඟ සිටින බව අපි දන්නවා. පසුගිය පළාත් පාලන මැතිවරණයට අපි අවධානය යොමු කරමුකෝ. එහි ප්‍රතිඵලයට අපි අවධානය යොමු කළා නම් මේ බෙදීමේ පළවිපාලක තමා ජනතාව අපට දුන්නේ. පොහොට්ටුවේ සිටින්නේ අපේ පාක්ෂිකයෝ. ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෝයි එතන ඉන්නේ. එයාල මොකද කිවුවේ. බෙදී සිටින තාක් අපි නුඹලාත් සමඟ නැහැයි කියන පණ්විඩයයි. එහෙම නම් අද සිදු වී ඇත්තේ කුමක්ද්ද?

අද මේ රට කඳවුරු දෙකක් සෑදී තියෙනවා. රටට ආදරය කරන කඳවුර හා රටට වින කරන කඳවුර. ඒ නිසා මේ කියන දහ අට දෙනාගේ කණ්ඩායම තෝරා ගත යුත්තේ රටට ආදරය කරන කඳවුරද? නැතිනම් රට විනාශ කරන රටේ සම්පත් ටික විනාශ කරන කඳවුරටද? කියලා. මේ නිසා ඉතා පැහැදිලියි, අපි ඉල්ලීමක් කරන්න කැමතියි රට පුරා ශ්‍රී.ලං.නි.ප. සංවිධායකයින් හැටියට අපි තීන්දුවක් ගෙන තියෙනවා ඉදිරියටත් සිටිය යුත්තේ අප නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා බවට. පක්ෂය ශක්තිමත් කරන්න එතුමාට ශක්තිය තියෙනවා. ඒ නිසා අපි සියලුදෙනාම එකතුවෙලා ඉදිරියට පක්ෂය ශක්තිමත් කර ගෙන ඉදිරියට ගෙන යන වැඩපිළිවෙලේ අපි සිටින බව පැහැදිලිව සිටිනවා.

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *