ගම්පහ මැතිවරණ සටනේ කොඩිය එසවෙයි!!

මැතිවරණය සිව් කොන් සටනක සටනක් බවට පත්වෙලා

ගම්පහ දිස්ත්‍රික්කයේ මැතිවරණ සටන තුල කොඩිය ලකුණින් තරග වදින අපේ ජන බල පක්ෂය හොද ස්ථාවරයක් ලබාගනිමින් සිටින බවට ගම්පහ ගොස්සිප් වෙත වාර්තා වෙමින් ඇත ඔවුන්ට හිමිවන අසුන හෝ දෙක පිලිබදව ස්ථිර යමක් ඉදිරි සතියේ විග්‍රහයට කල් තබමින් වර්තමානය වන විට අපේ ජන බල පක්ෂය ගම්පහ ශක්තිමත් මැතිවරණ යාන්ත්‍රණයක් සිදුකරමින් ඇත විශේෂයෙන් පුජ්‍ය ගබොඩඅත්තේ හිමියන්ගේ විශේෂ මැදිහත්වීම සහ පාහියංගල ආනන්ද සාගර හිමියන් ලබාදෙන ශක්තිය තුල අතුරලියේ රතන හිමියන් හොද නායකත්වයක් ලබා දෙමින් මැතිවරණ කටයුතු මෙහෙයවන අතර මීරිගම දිවුලපිටිය අත්තනගල්ල ආසන තුන නියෝජනය වන පරිදි මීරිගම ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායිකා සුනේත්‍රා සමරකෝන් මහත්මිය සිදුකරන ප්‍රබල මැතිවරණ ව්‍යාපාරය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ අපේ ජන බල පක්ෂය වෙත ඉහල ජනතා ප්‍රසාදයක් ලැබෙමින් ඇත. ඇය ශ්‍රීලනිපයේ සංවිධායිකාව වශයෙන් සහ ප්‍රකට සමාජ සේවිකාවක වශයෙන් මෙම ආසන තුනේ ජනතාව අතර ඉහල ප්‍රසාදයක් ලබා ඇති බවට නිරීක්ෂණය වෙයි

විශේෂයෙන් අපේ ජනබල පක්ෂය සිය මැතිවරණ ප්‍රචාරණය තුලදී මුලින් ආණ්ඩුවට හිතකර සහ වාසි සහගත ප්‍රචාරණ ක්‍රියාවලියක නිරතව සිටියද අද වනවිට ආණ්ඩු විරෝධී සටන් පාඨ එම වේදිකාවේ උත්සන්න වීම තුල ගම්පහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සටනට අභියෝගයක් වෙමින් ඇත. ස්වාමීන් වහන්සේලා පෙරටු කරගත් මැතිවරණ යාන්ත්‍රනය තුල ජන බල පක්ෂය ගම තුලට තම පණිවුඩය ගෙනයාමට සමත්ව ඇත ගිහි අපේක්ෂකයන් අතරින් සුනේත්‍රා සමරකෝන් මහත්මිය සිදුකරන ප්‍රචාරණ ජාලය ප්‍රබල මට්ටමක ඇත අනෙකුත් අපේක්ෂකයන් සියලු දෙනාම මනාප සටන වෙනුවට පක්ෂය වටා ජනතාව ගොනුකර ගනිමින් ගම්පහ දිස්ත්‍රික්කයේ කොඩිය ඔසවා තබමින් සිටින බවනිරීක්ෂණය වෙයි

ගමපහ දිස්ත්‍රික්කයේ වැඩි සිංහල බෞද්ධ පදනමක් සහිත ආසන වන මීරිගම, දිවුලපිටිය ,මිනුවන්ගොඩ,අත්තනගල්ල, ගම්පහ ,දොම්පේ,බියගම ,මහර ,සහ කැලණිය ආසන තුල ඉහළ ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමේ ඉඩ වෙන්කරගෙන ඇත. මෙම බෞද්ධ කලාපයෙන් එසවෙන කොඩිය ගම්පහ අවසන් ප්‍රථිපලය තීරණාත්මක තැනකට තල්ලු වීමේ අවස්ථාව වැඩිය විශේෂයෙන් මෙහි අවාසිය ඇත්තේ කාටද ?? ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එකතුව පසුගිය ජනාධිපතිවරණයේදී මේ සියලු දෙනා පොහොට්ටුව ලකුණින් තරග කල වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන ලදී ඔවුන් වෙන්ව තරග කිරීමේ අවාසිය පොහොට්ටුව වෙත පැමිණ ඇත ගම්පහ දිස්ත්‍රික්කයේ අවසන් ප්‍රතිපලයේදී එහි බලපෑම පළමු සහ දෙවන ස්ථාන ලබාගන්නා කණ්ඩායම් වලින් මන්ත්‍රී අසුනක් ගැලවී එය අපේ ජනබල පක්ෂය වෙත තල්ලු වීමේ අවස්ථාව ඇත පොදුවේ මෙවර මැතිවරණයේ ඡන්ද භාවිතා වීමේ අඩු ප්‍රතිශතය තුල පළමු ස්ථානය සහ දෙවන ස්ථානය ලබාගන්නා පක්ෂ දෙක වෙත එහි අවාසිය ගොනු වනු ඇත

සමානුපාතික නියෝජනය හමුවේ 5% ප්‍රතිශතය ඉක්මවා යාම මන්ත්‍රී අසුනකට සුදුසු කමකි ඒ අනුව මෙවර මැතිවරණයේදී දිස්ත්‍රික්කයෙන් ඡන්ද පනස් දහසක් ලබාගැනීම මන්ත්‍රී අසුනකට ප්‍රමාණවත් වෙයි එම නිසා අපේ ජන බල පක්ෂය ගම්පහ දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන තුනක් හෝ හතරක් බලාපොරොත්තු වන අතර එම ගණන කෙසේ වෙතත් ඡන්ද ලක්ෂයක් පමණ ලබාගැනීමේ ප්‍රවනතාවයක ඔවුන් ස්ථාන ගතව ඇත.එසේනම් ඔවුන් මන්ත්‍රී ආසන දෙකේ සීමාවේ සිටීද ??

ගම්පහ මැතිවරණ ඉතිහාසයේ මෙවැනි ප්‍රථිපලයක් ලැබී නොතිබුණද 2004 වර්ෂයේදී ස්වාමීන් වහන්සේලා නායකත්වය ලබාදුන් ජාතික හෙළ උරුමය ගම්පහින් මන්ත්‍රී ආසන දෙකක් ලබාගන්නා ලදී එහිදී ජවිපෙ සහ ශ්‍රීලනිපය ප්‍රමුක සන්ධානය එක්ව තරග කල අතර එජාපය වෙනම තරග කරන ලදී ඉන් පසු පැවති සෑම මහ මැතිවරණයකදීම තුන් කොන් සටනක් තිබුණද මෙවර ගම්පහ දිස්ත්‍රික්කයේ සිව් කොන් සටනක් බවට පත්ව ඇත

Leave a Reply

Your email address will not be published. Required fields are marked *