ගම්පහ දිස්ත්‍රික් බලමණ්ඩලයෙන් ජනපතිට යෝජනා දෙකක්

මිනුවන්ගොඩ පැවති දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමේදී

ගම්පහ දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන ශක්තිමත් කිරීම වෙනුවෙන් මේ දිනවල සෑම දිස්ත්‍රික්කයකම දිස්ත්‍රික් බලමණ්ඩල කැදවනවා ජනාධිපතිතුමන් විසින් පක්ෂයේ සභාපති ලෙස මෙම තීන්දුව ගෙන තිබෙන බවත් මේ මස 23 වන දින ජාතික ආණ්ඩුවේ සහ ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජනාධිපතිතුමා තීන්දුව ලබා දීමට නියමිත බැවින් පක්ෂයක් ලෙස එතුමන්ට ගම්පහ දිස්ත්‍රික්කයේ ශක්තිය ලබාදීමට ගම්පහ ආසන සියල්ලෙහිම සංවිධායක වරුන් සහ නවක මන්ත්‍රීවරුන් පෙළ ගැසී සිටින බවද දිස්ත්‍රික් බලමණ්ඩල රැස්වීමේදී තීරණය කරන ලදී.පක්ෂයේ උන්නතිය උදෙසා තම සහයෝගය ලබාදීමේදී කරුණු දෙකක් කෙරෙහි පක්ෂ නායකත්වයේ අවධානය යොමු කරවීමට මෙහිදී යෝජනා කරන ලදී.

මෙහිදී මාධ්‍යට අදහස් ප්‍රකාශකළ මිනුවන්ගොඩ අසන සංවිධායක රුවන් රණතුංග මහතා ප්‍රකාශ කලේ ඉදිරියෙදී ශ්‍රී ලනිප පක්ෂය ගම්පහින් ශක්තිමත් කිරීමේ ගමන ආරම්භ කිරීමේ සටන අරඹා ඇති බවත් ජනතාවට සහ රට හිතකර තීන්දු ගැනීමට පක්ෂයක් ලෙස කටයුතු කරන බවත්ය. අර්ජුන රණතුංග මහතා කිසිදිනක හොරුන්ට එකතු නොවන බවත් ඔහු ප්‍රතිපත්ති ගරුක දේශපාලකයෙකු බවද සහෝදරයෙකු ලෙස අර්ජුන රණතුංග මහතා සිටින මතය තමන් හොදින්ම දන්නා බවද එතුමා පියාගේ පිංකමට සහභාගී වීම වෙනත් දේශපාලන පිලකට යාමක් නොවන බවත් එය දේශපාලන වාසි තකා කරණ ප්‍රකාශයක් බවද කියා සිටින ලදී

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මිනුවන්ගොඩ සංවිධායක රුවන් රණතුංග මහතාගේ මිනුවන්ගොඩ පක්ෂ කාර්යාලයේදී මෙම රැස්වීම කැදවා තිබිණි නි අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පහ ආසන සංවිධායක වරුන් සහ පළාත්සභා මන්ත්‍රීවරු හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් මෙම හමුව සදහා සහභාගී වන ලදී. කියා සිටියේ පක්ෂ අභ්‍යන්තර සාකච්චාවක් නිසා මාධ්‍ය ආවරණය කිරීම සිදු නොකරන ලෙසයි. මෙහිදී පැමිණි ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් පසුගිය අවුරුදු දෙකක කාලයතුළ තමන් මුහුණදුන් ගැටළු සම්බන්ධයෙන් අවේගයෙන් කරුණු ඉදිරිපත් කිරීමක් සිදුකරණ ලදී.

ඔවුන් සියළු දෙනා කියා සිටියේ ආණ්ඩුවේ සිටිනවානම් තමන්ට ලැබිය යුතු පිළිගැනීම ලබාදිය යුතු බවයි. තමන් ගෙදර සිටියත් පොහොට්ටු පක්ෂයට එක් නොවන බවද මන්ත්‍රීවරුන් ප්‍රකාශ කරණ ලදී.මෙම අවස්ථාවට මීගමුව සහ කටාන ආසනය නියෝජනය කරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් නොපැමිණි අතර එයට හේතු වුයේ මීගමුව මහ නගර සභාවේ බලය පිහිටු වීමට ශ්‍රී ලනිප මන්ත්‍රීවරුන් පොදුජන පෙරමුණට සහයෝගය ලබාදීමත් මෑතකදී ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම නියෝජනය කරන සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය කටාන ආසනය නියෝජනය කිරීමත් නිසා එම මන්ත්‍රීවරුන් මෙම හමුවට නොපැමිණීමට හේතුවන්නට ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *