ගම්පහ කෲඩියා සිලනිකා ගුවනින් මුතුරාජවෙලට යයිද ???

ගසක් ගුවනින් යයි!!! ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය අසල ඇති අති දුර්ලඹ ශාකයක් වන කෲඩියා සිලනිකා හෙවත් පණු කරද දුර්ලභ ශාකය සම්බන්ධයෙන් මෙරට ජන සමාජයේ දැඩි කථාබහකට ලක්ව ඇත ගම්පහ අඩවි වන නිලධාරී දෙවානි ජයතිලක මහත්මිය විසින් පසුගියදා ගම්පහ දාරළුව දුම්රිය ස්ථානය අසල ඇති මෙම ශාඛය සම්බන්ධයෙන් සිදුකල හෙළිදරව්ව හේතුවෙන් මෙරට ජන ජනතාව තුල පරිසරය සම්බන්ධයෙන් අලුත් මානයක් පෙන්වීමට සමත්වන ලදී රජය නිලධාරිණියක වශයෙන් සිය යුතුකම අකුරටම ඉටුකළ ඇය අපේ කාලයේ වීරවරියකි යට එරෙහිවර ආයතන මට්ටමෙන් විනය පරීක්ෂණයක් සිදුකිරීමේ උත්සහයක් පිළිබධව වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් ජනතාව තුලින් දැඩි විරෝධයක් මතුවෙමින් ඇත ඔක්සිජන් කථාව මෙන්ම දුර්ලඹ ශාඛය සම්බන්ධයෙන් දෙවානි සිදුකල මෙහෙය තුල සැබවින්ම ඇය අපේ කාලයේ සැබෑ පරිසර හිතකාමී රාජ්‍ය නිලධාරිනියක් බව නැවත සදහන් කරමි

මේසියලු කථා බහ අතරතුර එක්තරා පුද්ගලික ආයතනයක් මෙම ශාඛය එම ස්ථානයෙන් ඉවත්කර මුතුරාජවෙල වගුරු බිමෙහි ස්ථාපිත කිරීමට සුදානම් වීම හරහා ඇතිවන තත්වය කෙබදු වෙයිද ??? අදාල පුදලික ආයතනය මෙම කටයුත්ත වෙනුවෙන් මැදිහත් වන්නේ කුමන අරමුණකින්ද ??? මෙවැනි කටයුත්තක් වෙනුවෙන් විශාල මුදලක් වැය කිරීම කරන්නේ කෙසේද ?? ලෝකයේ මෙවැනි අත්දැකීම් ඇති නමුත් අපේ රටේ මෙවැනි ගුවනින් ශාක ගෙන ගොස් නැත එසේනම් මෙය සිදුවන්නේ කෙසේද

අදාල සමාගමේ සභාපති අජිත් පණ්ඩිතරත්න මහතා අප වෙත සදහන් කලේ මෙවැනි කථාවක් අපේ මේ කටයුත්ත සිදුකිරීමට අවසර ඉල්ලුවේ මීට මාස හයකට පෙර මහාමාර්ගය ඉදිවන අවස්ථාවේ මෙවැනි දුර්ලබ ගසක් ඇති බව සදහන් කළා අපි මේ සම්බන්ධයෙන් වනජීවී සහ වන සම්පත් අමාත්‍යංශයෙන් මෙම ශාඛය ඉවත් කිරීමට අවශ්‍ය අවසරය ඉල්ලා සිටියා අප සමාගමට මෙවැනි කටයුත්තක් කිරීමේ හැකියාව තිබෙනවා අපි මේක කරන්නේ අනාගත පරපුර වෙනුවෙන් මේ ශාඛය ආරක්ෂා කිරීමට

අපි මේක තනියම හිතුමතේ කරන්නේ නැහැ ලංකාවේ ඉන්න පරිසරය පිළිබද විශේෂ පරීක්ෂකයන් ගේ සහය සහ නිර්දේශ බලාපොරොත්තු වෙනවා අවශ්‍යනම් අපිට පිටරටින් සහය අවශ්‍ය නම එයත් ලබාගන්නට සුදානම් ඒ සියලු වියදම් අප සමාගම දරනවා මේක සංකීරණ කටයුත්තක් එකට කාලයක් අවශ්‍යයි අපිට විශ්වාශයක් තියෙනවා මේ ගස නිරුපද්දිතව ඉවත් කිරීමට හැකියි කියා

ඔබ ආයතනය එම කටයුත්ත ගැන මොනවා කීවත් ජනතාව තුල ලොකු සැකයක් ඇතිවෙලා තියෙනවා මේක කරන්න බැරි බවට ඒක වෙන්න පුළුවන් එකක් කියන්න අවශ්‍යයි එදා දුටු ගැමුණු රජ දවස රුවන්වැලි සෑය හදන කොට එතන රන් තෙලඹු ගසක් තිබුණා එම ගසට අරගත් දේවතාවියක් සිටියා ඒ ස්වර්ණමාලි දේවතාවිය එතුමියට මේ බව සැලකල අතර එදා එම දේවතාවිය ගස කපා රුවන්වැලි මහා සෑය නිර්මාණය කරන්න ඉඩ දුන්නා ඒ නිසා රුවන්වැලි මහා සෑය ස්වර්ණමාලී චෛත්‍ය රාජයා නමින් නම් කිරීමට දුටුගැමුණු මහා රජතුමා පියවර ගත් බව අපේ ඉතිහාසයේ තියෙනවා එදා රන් තෙලඹු ගස කපා චෛත්‍ය රාජයා හැදුවේ එහෙමයි

අද ලෝකයේ පටක රෝපණය වැනි දියුණු තාක්ෂනය තියෙනවා මේ ගසෙන් තවත් ගස් ලක්ෂ ගණනක් නිර්මාණය කරන්න පුළුවන් මෙතන තර්කය තියෙන්නේ මේ ගස ඉවත් කිරීමෙන් ගසට අනතුරක් සිදුවෙයි කියලා හිතලා නම් ඒ මතය අපි වෙනස් කර සත්‍යවශයෙන්ම මේ ගස සුරක්ෂිතව රැගෙන එන බව අපි කියනවා

ඔබ ඔය කියන කටයුත්ත හැර වෙනත් විකල්පයක් නැද්ද ??? අයි ගස එතන තියන්න පුළුවන් ඔය කියන තාක්ෂනය යොදලා ගස තියලා පාර හදන්න බැරිද ???
ඒක වැදගත් ප්‍රශ්නයක් අපි කරන්නේ මේ මොහොතේ සියලු පාර්ශව සතුටු කිරීමේ ලාබම ක්‍රමය එහෙම නැතිනම් රජයට පුළුවන් තීරණයක් ගන්න ගස තියලා පාර හදන්න ඒක රජයේ වැඩක් මේ මාර්ගය හදන්න සක්‍යතතා වාර්තා ගන්න වෙලාවේ මෙම ශාඛය සම්බන්ධයෙන් තීරණයක් ගෙන තිබෙනවා මේක ඉවත් කරන්න එතනදී ඇතිවූ ප්‍රශ්නයට තමයි අපි මැදිහත් වන්නේ රජය මේකේ තීරණය ගන්න අපේ විරෝධයක් නැහැ

මෙවැනි අධිවේගී මාර්ගයක් හදන්න අවශ්‍ය සියලු කටයුතු සිදුවෙලා සංවර්ධන කටයුතු සිදුවන මේ මොහොතේ නැවත මාර්ගය වෙනස් කිරීම අසීරු කටයුත්තක් බව රජය දන්නවා අපිට ඊට වඩා ඒ ගැන කියන්න බැහැ තීන්දුව රජය සතුයි අපි මැදිහත් වෙන්න විතරයි ඉල්ලන්නේ ගස ඉවත් කිරීමට අනෙක් කාරණය තමයි මේ මාර්ගය ඉදිවන ආසන්නයේ ප්‍රධා න දුම්රිය මාර්ගය යනවා මේ අධිවේගය යන්නේ එම ස්ථානයෙන් ගුවන් පාලමක් මතින් ඊට ආසන්නව ගම්පහ අධිවේගී දොරටුව ඉදිවෙනවා මේ සියල්ල දැන් සැලසුම් කරලා ඉදිකිරීම් ආරම්භ වෙලා තියෙන වෙලාවක මේ ගස නිසා අධිවේගී මාර්ග සංවර්ධන කටයුත්ත නතර වෙන්නේ නම් එකේ පාඩුව කෙතරම්ද අපේ රටට එය දරා ගැනීමට හැකිද කියා ප්‍රශ්නයක් එනවා

ඒ මෙම ශාකය ඉවත්කිරීමට සුදානම් වන සමාගමේ අදහස මේ සම්බන්ධයෙන් පරිසර වේදීන්ගෙන් එල්ල වන්නේ දැඩි විරෝධයක් මේ සම්බන්ධයෙන් පාහියංගල ආනන්ද සාගර හිමියන් කියන්නේ මෙවැනි කතාවක් මෙම ශාඛය ඉතාම දුර්ලබ ශාඛයක් මේක සංරක්ෂණය කිරීමට වෙනත් ස්ථානයකට ගෙනියනවා කියනවා මුතුරාජවෙල මෙම ශාඛයට අවශ්‍ය පරිසරය තිබෙනවද මේ ගස විනාශ වුවහොත් එකේ වගකීම මේ ගෙනියන පිරිස ගන්නවාද මේවා සාර්ථක වීමේ හැකියාව තිබෙනවද කියලා හොයන්න ඕනා ගස සංරක්ෂණය කිරීමේ හැකියාව වෙනත් ක්‍රමයන් නැද්ද ??? ගලවාගෙන යන්නේ කුමන අරමුණකින්ද ???

කරුණු මෙසේ දිග හැරෙන අතර වාරයේ කෲඩියා සිලනිකා හෙවත් පණු කරද දුර්ලභ ශාකය අද උදෑසන ජාතික භික්ෂු පෙරමුණේ මැදිහත්වීමෙන් සඝ සතු කිරීමට පියවර ගන්නා ලදී ඒ මෙම ශාකය වටා සිවුරක් ඇදීමෙන් තහවරු කරන ලදී

පවතින තත්වය සම්බන්ධයෙන් ගම්පහ ගොසිප් වෙත මේ සම්බන්ධයෙන් පිටුපා සිටිය නොහැකිය ගම්පහ දිස්ත්‍රික්කය සම්බන්ධයෙන් විශේෂ බැදියාවක් ඇති අප වෙත වාර්තාවන සියලු කරුණු වාර්තා කිරීමත් ඉතා විශ්වාස වන්තවත් සත්‍ය ප්‍රථමයෙන් ගම්පහ ජනතාවට කීමේ වගකීමේ පෙරමුණගත් අප සිද්ධිය වූ අවස්ථාවේම එම ස්ථානය වෙත ගොස් සියලු තොරතුරු නිවැරදිව වාර්තා කරන ලදී එයට ලැබුණු ප්‍රතිචාරයන් ඉතා ඉහල වන අතර අප පලකල මුල් පුවත ලක්ෂයකට ආසන්න පිරිසක් දින දෙකක් තුල නැරඹීම තුල එම විශ්වාස තව දුරටත් තහවරු කිරීම අපගේ යුතුකමකි ඒ වෙනුවෙන් පෙනී සිටින සුජාත අයිති කරුවන් බව සිහිපත් කරමි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *