ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර කප්පම් චෝදනාවෙන් නිදහස්

ගම්පහ පාතාලයට ඉඩ නොදීම නිසා ජීවිතයට තර්ජන රැසක්

ගම්පහ ප්‍රසිද්ධ ව්‍යපාරික ඔස්මන් ගුණසේකර මහතා කප්පම් ලබාගැනීමේ චෝදනා කරමින් යක්කල පොලීසිය මගින් ගම්පහ අධිකරණයේ පවරා තිබූ නඩුවෙන් නිදහස් කරන ලෙස ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා නියෝග කර ඇත 2018 වර්ෂයේදී අදාල නඩුව ගොනුකර තිබුණි .

2018 වර්ෂයේදී අදාල ව්‍යාපාරිකයා විදෙස් ගතවී සිටි අවස්ථාවේ එවකට ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරී මුදිත පුස්සැල්ල මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් නිවසට පැමිණ පරීක්ෂා කිරීමේදී නිවාස තුල තිබී ජීව උණ්ඩ 43ක්හමුවූ බව ට අධිකරණයට කරුණු වාර්තා කරමින් ඔහුගේ බිරිද අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී මෙම සිදුවීම ඇතුළු මිනීමැරුම් චෝදනාවක් ,කප්පම් ගැනීමේ චෝදනා දෙකක් ඇතුළු චෝදනා කිහිපයකට ඔස්මන් ගුණසේකර යන අය අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය බව පොලීසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කරන ලදී.

මෙම සිද්ධීන් වන අවස්ථාව වනවිට විදෙස් ගතව සිටි අදාල ව්‍යාපාරිකයා නැවත මෙරටට පැමිණෙන අවස්ථාවේ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන එදිනම ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කරන ලදී ඒ අනුව ඔස්මන් ගුණසේකර නමැති ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා මාසයකට අධික කාලයක් මහර බන්ධන්ගාරයේ රක්ෂිත බන්ධනාගාර ගතව සිටින ලදී අනතුරුව ඔහු සම්බන්ධයෙන් පවතී චෝදනා අනුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු විභාග කරන ලදී මෙහිදී ඔහුට එල්ලවූ ඝාතන සිද්ධිය සම්බන්ධ නඩුවෙන් නිදහස් වන ලදී

ඔහුට එරෙහිව පවරා තිබු දුරකථනය මගින් කප්පම් ලබාගැනීමේ චෝදනාව සහිත නඩුව ඊයේ දිනයේදී ගම්පහ අතිරේක මහේස්ත්‍රාත් මංජුල තිලකරත්න මහතා ඉදිරියේ කැදවන ලදී මෙම කප්පම් ගැනීමේ චෝදනාවට අදාල හඩ පටයන් කොළඹ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර එහි වාර්තාව ඊයේ දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

එම රස පරීක්ෂක වාර්තාව මගින් සදහන් කර තිබුනේ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර යන අය කරන ලද කප්පම් ගැනීමේ දුරකථන සංවාදය ඔහුගේ හඩ නොවන නිසා තව දුරටත් නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව මහේස්ත්‍රාත්වරයා සදහන් කරන ලදී අනතුරුව එම කප්පම් ගැනීමේ චෝදනාවෙන් නිදහස් කරන ලෙස අතිරේක මහේස්ත්‍රාත් වරයා නියෝග කරන ලදී

ව්‍යාපාරික ඔස්මන් ගුණසේකරට එරෙහිව එල්ලවූ චෝදනාවන් දෙකක් සම්බන්ධයෙන් වන නඩු දෙකක් අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේසහ ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවෙමින් ඇත ඒ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි ඒ කලගෙඩිහේන ප්‍රදේශයේ සත පහ බීඩි ව්‍යාපාරිකයාට තර්ජනය කිරීම සහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකරගේ නිවස පරීක්ෂා කිරීමේදී හමුවූ ජීව උණ්ඩ සම්බන්ධ නඩු දෙකය

ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර මහතා සම්බන්ධයෙන් අදහස් පලකල කිහිප දෙනෙකු සදහන් කලේ මෙවැන්නකි

දීර්ඝ කාලයක පටන් ගම්පහ ප්‍රදේශයේ ව්‍යාපාරික කටයුතු කරමින් ප්‍රදේශයේ කා අතරත් ප්‍රසිද්ධ චරිතයක් වූ ඔස්මන් ගුණසේකර වෙත අතීත සිදුවීම් ගණනාවකින් ජීවිත තර්ජන එල්ල වී තිබුණි. අතීත සිදුවීම් අතර 1989 වර්ෂයේදී සිදුවූ ප්‍රකට වවුල් කැලේ සමුහ ඝාතන නඩුවය. එම සිද්ධියෙන් ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර මහතාගේ සමීපතමයන් රැසකට ජීවිත අහිමි වන ලදී එම සිදුවීම හරහා සමාජයේ ඔස්මන් ගුණසේකර නම සෑම තැනකම ප්‍රසිද්ධ වන්නට විය සමාජ අසාධාරණය සහ යුක්තිය ඉදිරියේ තම ශක්තිය සහ හඩ අවදිකළ වවුල් කැලේ ඝාතන සිද්ධිය සම්බන්ධ නව කථාවක් පසුගිය සමයේ එළි දක්වන ලදී.

දැඩිව පරිසරයට ආදරය කරන ඔස්මන් ගුණසේකර පස් වැලි මැටි ඇතුළු නීති විරෝධී ක්‍රියාවන්ට එරෙහිව කටයුතු කල පුද්ගලයෙකි එපමණක් නොව ගම්පහ නගරය ඇතුළු අවට ප්‍රදේශ රැසක මත්ද්‍රව්‍ය ව්‍යාපාරය සිදුකරන පුද්ගලයන්ට සහ කප්පම් කරුවන්ට තම ව්‍යාපාරයන් කරගෙන යාමට ප්‍රධාන භාදාව වූයේ ඔස්මන් ගුණසේකර ව්‍යාපාරිකයා නිසාය

මේ නිසා ඔහුට අවස්ථා ගන්න කදී වෙඩි තබා ඝාතනය කිරීමට උත්සහ කලද ඔහුගේ ජීවිතය බේරාගැනීමට හැකිවිය ගම්පහ ඇතුළු ප්‍රදේශයේ බොහෝ නීති විරෝධී ව්‍යාපාරයන් කරන පුද්ගලයන්ට ඔහුගෙන් දැඩි බාධාවක් එල්ල වී තිබුණි. ගම්පහ නගරයේ කප්පම් සහ මත්ද්‍රව්‍ය වලට තිත තැබූ පුද්ගලයා ඔස්මන් ගුණසේකර බව සදහන් කරන ලදී.

අදාල සිදුවීම් සම්බන්ධයෙන් ගම්පහ ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර මහතාගෙන් අප සිදුකල විමසීමේදී ඔහු සදහන් කලේ

තම ජීවිතයට පාතාලය මෙන්ම ඇතැම් පොලිස් නිලධාරීන්ගේ මැදිහත්වීම මත ජීවිත තර්ජන එල්ලවූ බව සදහන් කරන ව්‍යාපාරික ඔස්මන් ගුණසේකර වැඩි දුරටත් කියා සිටියේ තමන් එදා මෙන්ම අදත් යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් කටයුතු කරන පුද්ගලයෙකු නිසා ඒ සියලු කුමන්ත්‍රණ වලින් බේරීමට අවස්ථාව ලැබුණු බවයි තමන් ගම්පහට පනමෙන් ආදරය කරන බවත් සුවහසක් සිසු දරුවන් රැදෙන ගම්පහ මත් උවදුර නැති කරන්නට තමන්නීති ගරුක පොලිස් නිළධාරීන්ට පුර්ණ සහය ලබාදෙන බවත් කරන බවත් සදහන් කරන ලදී එමෙන්ම තමන්ට සහ තම පවුලේ සියලු දෙනාට ඇතැම් මාධ්‍ය මගින් විවිධ අසත්‍ය චෝදනා කල බවත් තමන් සැම විටම නීතිය ඉදිරියේ නිවරදි වූ බවත් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් යෝජනා චෝදනා සහ අදහස් දැක්වීම් ඇත්නම් ඒ සදහා අප වෙබ් අඩවිය අවස්ථාව ලබාදෙන බව කාරුණිකව සලකන්න ඒ හැර කිසිම පුද්ගල නාමයක් ප්‍රවර්ධනය කිරීම හෝ කිසිම පුද්ගලයෙකු අපහසු තාවයකට පත්කර නොමත්ති බව සලකන්න ඔබගේ අදහස lankaabcnewslk@gmail.com යොමු කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *