ලොවම නොදුටු ගාල්ලේ විශ්මිත ජල තටාකය… ටොපි කොළයක්වත් දමන්න එපා

ලොවම නොදුටු විශ්මිත ජල තටාක සොයා ගාල්ල තල්පේ වෙරළ තීරයට ගියෙමු.

උදයට එක පාටක්.දහවලට තවත් එක පාටක්.සැන්දෑවට අමුතුම හැඩයක් පාටක්.දවස පුරා විවිධ වු රූ රටා මවන විවිධ වූ හැඬ ගන්නා වු විවිධ වු පැහැයවල් වර්ණ ගන්නා වු සොඳුරු රුවැත්තිය තල්පේ ස්වභාවික ජල තටාක සමුහය සත්තකින්ම අගනේ ය.

ධීවර කර්මාන්තයට සමුදී සුන්දර තල්පේ ස්වභාවිත ජල තටාකවලින් ජීවත්වන අපේ කාලයේ ධීවරයන්ගේ කතාව සත්තකින්ම සුන්දරය.

මුහුදු වෙරළ තීරයේ පිහිටි ජල තටාක 22ක වරු ගණනාවක් ගතකරන්නට එන්න ලොව සුන්දර නිපැයුම් අතර ලොවම නොදුටු තවත් විශ්මිත පිහිටිමක් ගල්ල තල්පේ මුහුදු වෙරළේ පිහිටා ඇත.මේ ඒ කතාන්දරයයි.

එසේ නම්,අප ඹබව කැදවාගෙන යන්නේ ලංකාවේ තවත් සුන්දර මුහුදු තීරයක් වෙන දකුණු මුහුදු තීරයේ තල්පේ ප්‍රදේශය සත්තකින්ම සුන්දර වෙරළ තීරයක්කි.හිමිදිරියේද උදෑසනද සවසටද සුන්දර වු මෙම වෙරළ තිරය සත්තකින්ම මහා විශ්මිත නිර්මානයකි.ලොව ඇති පංචමාහ විල් මෙන් සුන්දර වුවකි. සංචාරක ව්‍යාපාරය හා ධීවර රස්සාව කණ කොකා හැඩූ නිසා මේ පාරම්පරික ධීවරයෝ මේ දිනවල තල්පේ ප්‍රදේශයේ සුන්දර වෙරළේ පිහිටි ස්වභාවික ජල තටාක 22ක් සහිත වෙරළ තීරයේ දෙස්විදෙස් සංචාරකයන්ට පහසුකම් සපයා ජීවත්වේ.

කෙසේ නමුත් තල්පේ ධීවරයෝ පවසන්නේ දැන් දැන් දෙස්විදෙස් සංචාරකයෝ යම් පිරිසක් මේ දිය පොකුණු නරඔන්නට පැමිනෙන් බවයි.නිවසක හෝ හෝටලයක නැති ආරක්ෂිත පිරිසිදු පරිසරයක් ඇති ස්වභාවික ජලාශ 22ක පැය ගණනාවක් නොව වරු ගණානවක් ගත කරන්නට කිසිදු මුදලක් වැය නොවේ ඒ මේ සුන්දර මුහුදු තීරයේ විස්මිත කතාන්දරයේ රස රහසයි.

ජී.ඩී අමරසේන මහතා (70) වන වියේ පසුවේ පාරම්පරික ධීවරයෙක් වු හෙතෙම මේවන විට තල්පේ මුහුදු තීරයේ පිහිටි ස්වභාවික ජල තටාක ආශ්‍රිතව රස්සාව කරන බව පවසයි.අපි සියලුම පහසුකම් ලබා දෙනවා. පවුල් පිටින් එන්න අපි ආරක්ෂාව සපයනවා.

කොරොනා වසංගතයෙන් රටම ව්‍යවසනයක් වි ඇති යුගයක යාත්තමින් හෝ සංචරක කර්මාන්තය දියුණු වෙමින් තිබිම තුළ මේ දිනවල මේ සුන්දර වෙරළ සොයා දෙස් විදෙස් සංචාරකයෝ බුරුතු පිටින් තල්පේ සුන්දර වෙරළට පියනගමින් සිටිනවා.

සංචාරක කර්මාන්තයේ ශීඝ්‍ර වර්ධනය සහ දියුණුව හේතු කොට ගෙනම දක්ෂිණ වෙරළ බඩ කලාපයේ බිහි වී ඇති හෝටල් සංඛ්‍යාව විශාල වේ.ගාල්ලට පැමිණෙන බොහෝ විදේශිකයෝ ගාලු කොටුවේ ප්‍රෞඪ සුන්දරත්වය විඳගත් පසු උණවටුන හෝ ආශ්‍රිත වෙරළ තීරයකට ගොස් තවත් අත්දැකීම් ලබා ගනිති. තල්පේ වෙරළ යනු එලෙස තවත් සංචාරක තෝතැන්නකි.සංචාරක පරාදීසයික.තල්පේ වෙරළ තීරයේ එක්තරා සීමිත ඉඩක පවතින ගල්වැටියක ස්වභාවිකව නිර්මාණය වන තටාක කිහිපය දෙස් විදෙස් දැඩි සංචාරක තෝතැන්නක් බවට පත්ව තිබේ.

කේ.ඒ අමිතා මහත්මිය (60) මෙසේ කීවාය.

විශේෂයෙන්ම උදය කාලයේ මෙම දිය පිරුණු තටාක ළා කොළ පැහැයෙන් අපූරුවට දැක ගත හැකි වෙනවා. මහා තටාකයක් හා කුඩා තටාක 22ක් පමණ මෙහි පිහිටා තියනවා. බොහෝ පිරිස් මෙහි පැමිණ එම කුඩා තටාක මතට බැස දිය ස්නානය කරන්න හැකියි. මීට වසර දහයකට පමණ පෙර භාවිතයෙන් අත්හැර දමන ලද සුදු කොහු වළවල් එකල භාවිත කර ඇත්තේ පොල්ලෙලි පල් කිරීම සඳහායි. සාමාන්‍ය මිනිසෙකුගේ කරවටක් ආසන්න වනතුරු මෙම වළේ බැස සිටිය හැකි අතර මෙලෙස විවිධ ප්‍රමාණයේ වළවල් රාශියක් මෙම ඉසව්වේ දැක ගත හැකි වෙනවා.කුඩා දරුවන්ට පවා ආරක්ෂිතව නාන්න හැකියි.නානවට අපි සල්ලි ගන්නේ නෑ.

එම්. එස් ප්‍රියන්ත මහතා (45) මෙසේ කීය.

වාහන නැවැත්වීම සඳහා පහසුකම් තියනවා.සියලුම පහසුකම් අපි දෙනවා.ආරක්ෂාවට වෙරලෙ තිරයේ මහා ආරක්ෂිත කොරල් පරයක් තියනවා. අපි කොයි හැටි වෙතත් මුහුදු ආරක්ෂක තරුණ පිරිසක් මෙම ස්ථානයේ රඳවා තිබෙනවා.ආරක්ෂාව තියනවා උපරිමයෙන්ම සමහරු කියන දේ අහන්නේ නැතිව ආරක්ෂිත කොරල් පරයට එහා ගිහින් අනතුරු කර ගන්නවා.එන්න ජල තටාකයක මිහිර විදින්න කියලා කියන්න කැමැතියි.

උදයට එක පාටක්.දහවලට තවත් එක පාටක්. සැන්දෑවට අමුතුම හැඩයක් පාටක්.දවස පුරා විවිධ වු රටා මවන විවිධ වූ හැඬ ගන්නාවු විවිධ වු පැහැයවල් වර්ණ ගන්නා වු සොදුරු රුවැත්තිය තල්පේ ස්වභාවික ජල තටාක සමුහය සත්තකින්ම අගනේ ය.

තල්පේ මුහුදු වෙරළ යනු වසර කිහිපයක් පුරාවට මුහුදේ දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් මෙම තටාක තුළ මුහුදු ජලය තුළ ස්නානය කිරීමේදී සංචාරකයන් නිතරම සුපරික්ෂාකාරී විය යුතුයි.

නමුත් මේවන විට ගම්වාසිහු මේ දෙස් විදෙස් සංචාරකයන්ට පුර්ණ ආරක්ෂාව සපයන්නට කටයුතු සකස් කර තිබෙනවා.වෙරළ තීරයේ ආරක්ෂක සීමා සටුහන් කර රතු පාටින් සංඥා සටහන් කර සලකුණු කර තිබෙනවා.තල්පේ මුහුදු වෙරළ තීරය වසර පුරාම දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලබන ස්ථානයක් වශයෙන් සඳහන් කරන්නට හැකියි.

අජිත් චන්දන මහතා (40)

තල්පේ කියද්දී හැමෝටම මතක් වෙන්නේ මෑත කාලීනව දැඩි සංචාරක ආකර්ෂණයට ලක්වූ,වෙරළ තීරයේ සීමිත ඉඩකඩ තිබෙන ගල් වැටිය ආශ්‍රීතව නිර්මාණය වු ස්වභාවික තටාඟ කිහිපයක් වෙනවා. මුහුදු රළ ගල් වැටියේ වැදී සුදු පෙණ පිඩු නංවමින් කුඩා තටාඟ පුරා විසිරෙන අපූර්වත්වය ගතද සිතද කුල්මත් කරවනවා. නමුත් වසර දහයකට පෙරාතුව මේ ස්ථානය පොල් ලෙලි පල් කිරීමට සකස් කරගත් වළවල් බව ප්‍රදේශයේ ජනතාව පවසනවා. වඩා නොගැ­ඹුරු මේ වළවල් අද වන විට සංචාරකයන් ස්නානය කර විනෝදවන නාන තටාඟයක් බවට පත් වී තිබේ. ඉකිරියන් බහුලව ගැවසෙන ස්ථානයක් වන නිසාම මෙහි ස්නානය කිරීම වගේම විනෝද වීම ඉතාමත් ප‍රෙස්ස‍මෙන් කළ යුත්තක් බව තල්පේ සංචාරක මග පෙන්වන්නෝ පෙන්වා දෙති.

පෙණපිඩු නගමින් වෙරළේ හැපෙන්නට එන රළ කඳ මෙම ගල් පරයේ හැපී විසිරෙන්නේ එහි වූ හතරැස්කොටු වැනි තටාක තුළටද දිය කඳ හළමිනි. විශේෂයෙන්ම උදය කාලයේ මෙම දිය පිරුණු තටාක ළා කොළ පැහැයෙන් අපූරුවට දැක ගත හැකි වේ. බොහෝ පිරිස් මෙහි පැමිණ එම කුඩා තටාක මතට බැස දිය ස්නානය සිදු කරති. බැලූ බැල්මට එම පිහිටීම ස්වභාවික වුවද හතරැස් ලෙස තිබීමේ රහස සත්තකින්ම අගනේය.විස්මිතය. පුදුම සහගතය.කව්ද මේ නිය අගල් සකස් කලේ ඒ පරිසරයයි. මුහුදු වෙරළයි. ස්වභාවික අපුරුතම නිපැයුමකි.   

සත්තකින්ම මීට වසර දහයකට පමණ පෙර භාවිතයෙන් අත්හැර දමන ලද මෙම වළවල් එකල භාවිත කර ඇත්තේ පොල්ලෙලි පල් කිරීම සඳහාය. මන්ද ලංකාවේ සුදු පොල් කොහු පල් කරපු එකම ස්ථානය මෙය වන අතර මෙම ප්‍රදේශයේ එම කර්තව්‍යය සිදු කරන ලද ජනතාව මුහුදේ තිබූ මෙම ගල්පරය හතරැස් කොටු ලෙසට හාරා තිබේ. අද වන විට මෙම වළවල් සුන්දර තඩාග ලෙස දැකිය හැකි අතර ජනතාව මෙම වළවල් තුළ බැස විනෝද වීම සහ ජල ස්නානය සිදු කරයි. සාමාන්‍ය මිනිසෙකුගේ කරවටක් ආසන්න වනතුරු මෙම වළේ බැස සිටිය හැකි අතර මෙලෙස විවිධ ප්‍රමාණයේ වළවල් රාශියක් මෙම ඉසව්වේ දැක ගත හැකිය. 

විශේෂයෙන්ම උදෑසන කාලය තුළ මෙම වළවල් නිසිලෙස දැකගත හැකි අතර ඇතැම් විට වඩදිය බාදිය හේතුකොට ගෙන මෙවා වසාගෙන මුහුදු ජල කඳ වෙරළට පැමිණිය හැකිය. සුන්දර වෙරළක පිහිටි ජල තටාක 22ක් මිහිරියාව රසය විද ගන්නට හැකිය.

ධීවර කර්මාන්තයට සමු දී තල්පේ වෙරළ තීරයේ ධීවරයෝ අද මුහුදු වෙරළේ පිහිටි ස්වභාවික ජල තටාක නිසා ජිවත්වේ. සුන්දර වෙරළ තීරයක රසය විදින්නට ඔබත් තල්පේ රුවැති මුහුදු තිරයට එන්න යැයි අපි ඔබටද පවසන්නෙමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *