ගාල්ලේ වාහන ආලෝක සංඥා පද්ධතිය අතර මග නැවතිලා
නගර මධ්‍ය යේ වාහන තද බදය අඩු කිරීමේ පියවරක් ලෙස
ගාල්ල නගර මධ්‍ය යේ වාහන තද බදය අඩු කිරීමේ පියවරක් ලෙස සහ මගීන් ගේ පහසුව සදහා ඉදිකරන ලද විදුලි අලෝක සංඥා පද්ධතිය මේ වන විටත් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ගාල්ලේ ජනතාව ප්‍රශ්න කරමින් සිටී. දැනට මාස තුනකට පමණ පෙර ඉදිකරණ ලද මෙම විදුලි අලෝක සංගඥා පද්දතිය ගාල්ල නගරයට පැමිණෙන බොහෝ දෙනෙකු ගේ පහසුව සදහා ඉදිකරණ බව මෙය ඉදිකරණ අවස්ථාවේ පැවසුව ද එය මෙතෙක් ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් ජනතාව දැඩි කණස්සල්ලට පත්ව ඇත.
කෙසේ නමුත් අප මේ සම්බන්ධයෙන් විමසීමේ දී ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති විජේපාල හෙට්ටිආරච්චි මහතා කියා සිටියේ තව සති තුනක් ඇතුලත අදාල සංඥා පද්දතිය ක්‍රියාත්මක කිරීම සදහා සියළු කටයුතු සුදානම් කරන බවයි