කෑගල්ලේ මාරක රිය අනතුරු දෙකක් හමුදා සෙබළුන් හතරක් මරුට

අද උදැසන කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොල සහ හෙම්මාවත ගම ප්‍රදේශයේ මාරක රිය අනතුරු දෙකක් නිසා හමුදා සෙබලුන් හතර දෙනෙකු මියගොස් තවත් 8 දෙනෙකු රෝහල් ගතකර ඇත වරක පොළ ප්‍රදේශයේදී සිදුවූ අනතුරින් හමුදා සාමජිකයින් හතරදෙනා මියගොස් ඇත හෙම්මාවත ගම ප්‍රදේශයේ බස්රථය පෙරලීමේ අනතුරින් පුද්ගලයන් 8 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇත සිධීන් දෙක සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ සිදු

අද මාවනැල්ල හෙම්මාතගම මාර්ගයේ ගමන් කර මගී බස් රථය අද 31 උදෑසන කුඹල්ගම ප්‍රදේශයේ බැම්මක් පහතට පෙරළි ගොස් 8 දෙනෙකු රෝහල් ගත කර ඇති බව හෙම්මාතගම පොලිසිය පවසයි.

මෙම පෞද්ගලික මගී බස් රථය මාවනැල්ලේ සිට හෙම්මාතගම නගරය දෙසට ධාවනය වන අවස්ථාවේ බස් රථ රියදුරාට වේගය පාලනය කර ගැනිමට නොහැකි විමෙන් සිදු වු අනතුරක් බව හෙම්මාතගම පොලිසිය පවසයි.

මෙම අනතුර වන අවස්ථාවේ බස් රථයේ මගීන් 15 කට ආසන්න පිරිසක් ගමන් කර ඇති අතර අනතුරෙන් පසුව කාන්තාවන් 4 ක් සහ පිරිමි පුද්ගලයන් 4 දෙනෙක් රෝහල් ගත කර ඇති අතර වයස අවුරුදු 9 ක දරුවෙකගේ එක් අතකට හානි සිදු ඇති බව ද පවසයි. රෝගීන් සියලු දෙනා මාවනැල්ල මහ රෝහල වෙත කඩිනමින් ප්‍රදේශවාසින්ගේද උදව් ඇතිව ඇතුලත් කර තිබුණි.

රෝහල් ගත කරන ලද වයවෘද්ධ මවකගේ හකු ඇටයට හානි සිදු වි ඇති බවත් රොහල් ගත කරන ලද රෝගීන්ගේ තත්වය එතරම්ර බරපතල නොවන බව හෙම්මාතගම පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපති එදිරිසිංහ මහතා අප කරන ලද විමසිමකදි පැවැසිය.

මෙම අනතුර සිදු වු අවස්ථාවේ රියදුරා පවසා ඇත්තේ සුක්කානම සිර වි බසය පාලනයට නතු කර ගැනිමට නොහැකි විමෙන් බැම්මෙන් පහතට පෙරළි ගිය බවයි. පොලිසිය මේ වන සිදු කර පරික්ෂණ වලින් මෙය නෙසැලිකිලිමත් බවකින් සිදු වු අනතුරක් බව පෙනි යන බව පොලිසය සදහන් කරයි. කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරික්ෂණ සිදු කරන අතර හෙම්මාතගම පොලිසියේ වැඩ බලන පොලිස් ස්ථානාධිපතිවරයා⁣ගේ උපදෙස් මත පරික්ෂණ සිදු කරයි.

කෙසේ හෝ මාවනැල්ල සිට හෙම්මාතගම හරහා ගම්පොල දක්වා මාර්ගය මං තීරු දෙකක් ලෙස සංවර්ධනය වු පසු මේ වන විට අනතුරු කිහිපයක්ම සිදු වෙන අතර මෑතක වාර්තා වු විශාල අනතුර මෙය වෙයි.

වරකාපොළ නගරය ආසන්නයේ ත්‍රිරෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් ගුවන් හමුදාවේ සෙබළුන් සිව් දෙනකු මිය ගොස් ඇතැයි වරකාපොළ පොලිසිය කියයි.මෙසේ මිය ගොස් ඇත්තේ ත්‍රිරෝද රියේ ගමන්ගත් ගුවන් හමුදාවේ තරුණයන් සිව්දෙනෙකි.ඔවුන් කහටගස්දිගිලිය, බල්ලපාන, කොස්ගම හා වරංකහව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව තොරතුරු අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි

අනතුර සම්බන්ධව ලොරි රථයේ රියදුරු වරකාපොල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර මිය ගිය සෙබළුන්ගේ මෘත දේහයන් මේ වනවිට වරකාපොළ රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *