ඇදිරි නීතිය දිනයේ අයිස් මත් පැකට් සමග සිව්දෙනෙකු අත්අඩංගුවට

කෑගල්ල සමන් විජය බණ්ඩාර
ඇදිරි නිතීය උල්ලංඝණය කරන ලද සිව් දෙනෙක් හෙම්මාතගම පොලිසිය විසින් මිට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගත් අතර ඉන් එක් අයෙකු ලග අයිස් මත්ද්‍රව්‍යද තිබි පොලිසියට සොයා ගැනිමට හැකි වු බව හෙම්මාතගම පොලිසිය පවසයි.
සැකකරුවන් සිව් දෙනා සමග යතුරු පැදි දෙකක්ද පොලිසිය සොයා ගෙන තිබුණේ පොලිසිය ජංගම මුර සංචාරයේ යෙදි සිටියදි ලැබුණු තොරතුරකට අනුවයි. සියලූ දෙනා වයස අවුරුදු 25 ට අඩු සැකකරුවන් වන අතර මෙම සිව් දෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ස්ථාන දෙකකදිය.
ඒ අනුව පළමු සැකකරුවන් ලග තිබු අත්අඩංගුවට පත් වු හෙරොයින් ප්‍රමාණය මිලි ග්‍රෑම් 2310 ක් වන අතර ඔවුන් අත තිබි සොයා ගත් අයිස් නැමැති විෂ මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 7 ක් වන බවද පොලිසිය පවසයි.
ඔවුන් දෙදෙනා මත්ද්‍රව්‍ය ඉන ප්‍රදේශයේ සහ රහස් ප්‍රදේශයේ පොලිතින් කවරය දමාගෙන ඉනේ සගවා ගෙන තිබියදි පොලිසිය සොයා ගෙන ඇත. අවුරුදු 20 ක් වන එක් සැකකරුවෙක් තඹවිට හෙම්මාතගම සහ අනික් සැකකරුවා අවුරුදු 19 ක් වන අතර ඔහු හෙම්මාතගම වඩුවාවල ප්‍රදේශයේ අයෙකි.
එමෙන්ම හෙම්මාතගම පොලිසියේ තවත් පොලිස් කණ්ඩායමක් ඉතිරි සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබුණෙA බලවත්ගම හන්දියේදි සහ මාගම හන්දියේදිය. ඔවුන් අත තිබි හෙරොයින් මිලි ග්‍රෑම් 3100 ක් සහ අනිත් පුද්ගලයා සතුව තිබි හෙරොයින් මිලි ග්‍රෑම් 3 යි මිලිග්‍රෑම් 940 ක් සෙයා ගෙන ඇත.
හෙම්මාතගම පොලිසියේ පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුකද සිල්වා මහතාගේ උපදෙස් පරිදි හෙම්මාතගම පොලිසියේ දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපති රංජිත් උප පොලිස් පරික්ෂක බි නිමල් සහ පොලිස් සැරයන්වරුන් වන 21388 කෙහෙල්වත්ත, 36052 , 47872 සමන් යන මහත්වරුන් වැටලිමට එක් විය.
මේ කිසිම පුද්ගලයෙකුට ඇදිරිනිතී බලපත්‍ර හෝ වෙනයම් කිසිදු බලපත්‍රයක් ඇත්තේද නැති බව පොලිසිය කියති.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *