ජෝශප් මයිකල් පෙරේරා මහතා ඒ.ජා.ප.කෘත්යදිකරී මණ්ඩලයෙන් ඉල්ලා අස්වෙයි.
උප නායක තනතුර පිළිබඳව විරෝධය පළකරමින්
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ .කෘත්යදිකරී මණ්ඩල රැස්වීමක් අද දිනයේ පැවැත්වෙනවා.ඒ ඊයේ එම පක්ෂයේ තනතුරු සඳහා නම්කළ නිලධාරීන්ගේ පත්වීම් පිළිබඳව වැඩිදුරටත් සාකච්චා කර අවසන් තීරණය ගැනීම සදහායි.මෙහිදී රවී කරුණානායක මහතා පක්ෂයේ උප නායක තනතුරට පත්වීමට විරෝදය පළකර පක්ෂයේ ජේෂ්ඨ සාමාජිකයෙකු මෙන්ම හිටපු කථානායක වරයෙකුද වන ජෝශප් මයිකල් පෙරේරා මහතා .කෘත්යදිකරී මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.පසුව ඒ මහතා රස්වීමෙන්ද පිටවී ගිය බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් යෝජිත නව නිලධාරී මණ්ඩලය කෘත්යදිකරී මණ්ඩල සාමාජිකයන් විසින් අනුමත කර තිබෙනවා.
සම්බන්ද පෙර පුවත්