හිටපු ආරක්ෂාව භාර හේමසිරි සහ පූජිත CID කැදවයි!!! තමන් රෝහල් ගත්කල බව හේමසිරි කියයි!!

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා

මෙරට ජනතාවගේ අදුරුතම දවසක් ලෙසින් ඉතිහාසයට එක්වන 4/21 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි අද (02) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා තිබූ හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහතාට සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස දැනුම්දී ඇත සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන සැකකරුවන් ලෙස නම්කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි නීතිපතිවරයා, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා වෙත පසුගිය දා ලිඛිතව දැනුම් දී තිබිණි. මෙම දැනුම් දීම අනුව අද දින CIDට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණද හදිසියේ ඇති වූ හෘද්‍යාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.තමන් රෝහල් ගතවීම නිසා අද දින පැමිණිය නොහැකි බවත් 2019/07/08 වන දින පැමිණෙන බව දැනුම්දී ඇත

අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර

පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරය වළක්වා ගැනීමට හෝ එම ප‍්‍රහාරයේ බලපෑම අඩුකර ගැනීමට ක‍්‍රියා නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන මහත්වරු වහාම සැකකරුවන් වශයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට නියම කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඊයේ (01) දිනය වන තෙක් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නීතිපතිවරයා විසින් කරුණු විමසීම සදහා යළිත් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඊයේ යළි ලිපියක් යොමුකර තිබිණි.

හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු ගන්වා සිටින පොලිස්පති පුජිත් ජයසුන්දර යන දෙදෙනාට, පාස්කු ඉරු දින ප්‍රහාරවලින් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානී සම්බන්ධයෙන් සාපරාදී වගකීමක් ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවත් ඒ අනුව ඔවුන්ට අද දින පරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ බවත් වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *