හිටපු අමාත්‍ය රාජිත 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරයි

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය ලබාදුන් නියෝගය දෝෂ සහිත බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්ත මහතා එම නියෝගය ප‍්‍රතිශෝධනය කිරීමට අද (13) නියෝග කරන ලදී ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් විසින් අද සව රාජිත සේනාරත්න මහතා සිටින බත්තරමුල්ල නිවසට ගියද එහි හිටපු අමාත්‍යවරයා පොලිස් භාරයට ගැනීමට නොහැකි වන ලදී අද පස්වරුවේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නීති වේදීන් මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වන ලදී අද රාත්‍රී කාලයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස නියෝග කර ඇත

සුදුවෑන්වලින් පුද්ගලයින් පැහැරගෙන ගොස් කිඹුලන් ගහණ වැවකට දැමු බවට ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පවත්වා පැවසීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට ඇප ලබා දෙමින් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය 2019 දෙසැම්බර් මස 30 වැනිදා ලබාදුන් නියෝගය ප‍්‍රතිශෝධන කරන්නැයි ඉල්ලමින් නීතීපතිවරයා මෙම ප‍්‍රතිශෝධන ඇයැදුම්පත‍්‍රය ඉදිරිපත් කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *