ඉන්ධන මිළ සූත්‍රය ප්‍රෝඩාවක් හිටපු ඉන්ධන ඇමතිගේ විරෝධය

හිටපු ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍රී චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය.

රජය විසින් හදුන්වා දී ඇති ඉන්ධන මිල සූත්‍රය අනුව ත්‍රිකුණාමලය වරායෙන් ගොඩබාන ඉන්ධන, කොළඹ වරායෙන් ගොඩබාන ඉන්ධන වලට වඩා මිළෙන් අඩුවිය යුතු බව හිටපු ඛණිජ තෙල් සංවර්ධන අමාත්‍ය, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා අද (21) ප්‍රකාශ කළේය.

රජය විසින් ප්‍රකාශයට පත් කරන ලද ඉන්ධන මිළ සූත්‍රය සම්බන්ධයෙන් මාධ්‍ය කරුණු විමසූ අවස්ථාවේදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේය.මේ සම්බන්ධයෙන් තව දුරටත් කරුණු දැක්වූ චන්දිම වීරක්කොඩි මහතා මෙසේද කීය.

මේ ඉන්ධන මිළ සූත්‍රය කිසිසේත් පිළිගන්න බැහැ. රජය සෑම මසකම 10 වැනිදා ඉන්ධන මිළ වැඩි කළේ රජයේ වියදම් පියවා ගන්නයි. මිළ සූත්‍රයක් අනුව වැඩි කරන බව කිව්වේ වෙනත් කියන්න දෙයක් නැති නිසයි. කිසිදු මිළ සූත්‍රයක් ඇතුව නොවෙයි, ඉන්ධන මිළ වැඩි කළේ. ඒ බව දැන් වඩාත් හොදින් තහවුරු වෙනවා.

රජය දිගින් දිගටම ඉන්ධන මිළ වැඩි කරන්නේ මිළ සූත්‍රයක් අනුව බව කියන විට මිළ සූත්‍රය ඉදිරිපත් කරන්න කියල ජනතාව කිව්වා. ඇතැම් සංවිධාන මිළ සූත්‍රය එළියට ගැනීම සදහා නීත්‍යානුකූල ක්‍රියා මාර්ග පවා ගත්තා. එන්න එන්නම තත්ත්වය බැරෑරුම් වෙන බව රජය තේරුම් ගත්තා. මිළ සූත්තර  බොරුව තව දුරටත් හංගාගෙන ඉන්න බැරි නිසයි, බොරු මිළ සූත්‍රයක් එළියට දැම්. මේ බොරු මිළ සූත්‍රරය හරහා මංගල සමරවීර අමාත්‍යවරයා  රටේ ජනතාව අපහාසයට හා උපහාසයට ලක්කර තිබෙනවා. මේ මිළ සූත්‍රයෙන් වෙලා තිබෙන්නේ ඉන්ධන මිල වැඩි කිරීම පමණයි.

ඉන්ධන ගොඩබෑම සදහා සදහා කොළඹ වරායෙන් අය කරන ගාස්තුවට වඩා තරිමකුණාමල වරායෙන් අය කරන ගාස්තුව අඩුයි. ලංකා ඛනිජ තෙල් සංස්ථාව කොළඹ වරායෙන් වැඩි වශයෙන් තෙල් ගොඩ බාන්නේ. ඉන්දීය තෙල් සමාගම ත්‍රිකුණාමලයෙන් වැඩි වශයෙන් තෙල් ගොඩ බානවා. ඒ නිසා ඉන්දීය සමාගමට අඩු මිළට තෙල් ලබා දෙන්න පුළුවන්. නමුත් ත්‍රිකුණාමලයෙන් ගොඩබාන තෙල් ඉන්දීය තෙල් සමාගම විසින් විකුණන්නේ වැඩි මිලට. හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරයා හැටියට මේ ප්‍රකාශය කරන්නේ මම ඉතා වගකීමෙන් යැයිද චන්දිම වීරක්කොඩි මහතා ප්‍රකාශ කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *