එදා ගලිවර් ඇමතිලා මෙදා ලිලිපුට්ටන් වෙයි!! දේශපාලන අනාථයන් නොවේද??

එදා යහ පාලන කාලය තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එවකට සම්බන්ධ වූ ශ්‍රීලනිප සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සහෝදර පක්ෂයක් වශයෙන් මන්ත්‍රීවරුන් විසිපහකට අධික ප්‍රමාණයකට එවකට ජනාධිපතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සියලු බලතල යටතේ ජාතික ආණ්ඩු සංකල්පය තුළ ඔවුන් වෙත අමාත්‍ය ධුරය පිරිනැමීම සිදු කරන ලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වරයා වශයෙන් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර ජාතික ආණ්ඩුවක් සඳහා වූ වූ අවබෝධතා ගිවිසුම් ඇතිකර ගැනීමේ ප්‍රථිපලයක් වශයෙන් මෙම තනතුරු පිරිනැමීම සිදුකරන ලදී

2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී මන්ත්‍රී ආසන 96ක් පමණ ලබා ගන්නා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් කොටසක් මෙලෙස ජනාධිපතිවරයා සමඟ ජාතික ආණ්ඩුව ආණ්ඩුවට සම්බන්ධ වීම සිදු කළ ද තවත් මන්ත්‍රීවරුන් පනස් පස් දෙනෙකුට ආසන්න ප්‍රමාණයක් මහින්ද රාජපක්ෂ මහතා සමග විපක්ෂයේ සිටිමින් කටයුතු කරන බවට සදහන් කරමින් ඒකාබද්ධ විපක්ෂය ගොඩනගනවා.මෙලෙස එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ජාතික ආණ්ඩුවට එක් වුණු වුණු මන්ත්‍රීවරුන් රැසකට එවකට ප්‍රබල කැබිනට් අමාත්‍යංශයන් හිමිවෙනවා හිමි වෙනව රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය දුරයන්ද හිමි වෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ඔවුන් සියළු දෙනා වෙත තනතුරු ලබාදීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා මේ නිසා එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ආණ්ඩුවට එක් වුණු බොහෝ පිරිසකට ප්‍රබල කැබිනට් අමාත්‍ය ධූරය දැරීමේ මහඟු අවස්ථාව හිමිවෙනවා

නිදහස් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටිමින් මහින්ද අමරවීර මහින්ද සමරසිංහ චන්දිම වීරක්කොඩි දයාසිරි ජයසේකර විජිත් විජයමුණි සොයිසා එස් බී දිසානායක සිරිපාල ද සිල්වා සුසිල් ප්‍රේමජයන්ත .අනුර ප්‍රියදර්ශන යාපා .ලසන්ත අලගියවන්න ,සුදර්ශනී ප්‍රන්න්දු පුල්ලේ ,ලක්ෂ්මන් යාපා අබේවර්ධන ,දුමින්ද දිසානායක ,වීරකුමාර දිසානායක ,ඒ එච් එම් ෆවුසි මේ සියලු දෙනාටම ප්‍රබල අමාත්‍ය ධූරයක් දැරීමේ අවස්ථාව හිමි වෙනවා

වර්තමාන රජය බලයට පත්වීමෙන් අනතුරුව එදා යහපාලන ආණ්ඩුවේ ප්‍රබල කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ කිහිපදෙනෙකුටම මෙවර කැබිනට් අසුන් අහිමි කර තිබෙනවා එදා යහපාලන ආණ්ඩුව සමග සිටි නිමල් සිරිපාල සිල්වා සහ මහින්ද අමරවීර පමණක් අමාත්‍ය ධුරය දැරීමේ අවස්ථාව ලැබී තිබෙනවා .එහෙත් බොහොමයක් මන්ත්‍රීවරුන් හට කැබිනට් අමාත්‍ය ධූර හෝ රාජ්‍ය අමාත්‍ය ධුර හෝ කිසිවක් ලැබී නැහැ එදා යහපාලන ආණ්ඩුවට විවිධ චෝදනා එල්ල කරමින් විවිධ චෝදනා නගමින් විවිධ මාධ්‍ය සාකච්ඡා තබමින් ඔවුන් යහ පාලනය විවේචනය කරමින් එම ආණ්ඩුව තුළින් ම සියලු වරප්‍රසාද භුක්ති විඳිමින් ආණ්ඩුවටම පෙරළා පහර දෙමින් කටයුතු කළා

එදා යහපාලන ආණ්ඩුවේ ප්‍රධානතම කොටස්කරුවා වූ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම කියා සිටියේ ආණ්ඩුව විවේචනය කරනවා නම් ආණ්ඩුවෙන් ඉවත්වී අදාල විවේචනය සිදුකරන ලෙසයි එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තැන නොතැන නැතිව ආණ්ඩුව දැඩිව විවේචනය කිරීමේ කටයුතුවල නිරතව සිටියා ඒ සම්බන්ධයෙන් එවකට මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක් දෙමින් එම කටයුතු සඳහා හොඳ මාධ්‍ය ආවරණයක් ද ලබාදීමට කටයුතු කළා මේ නිසා රටේ ජනතාව තුළ දැඩි ආණ්ඩු විරෝධයක් ඇති කිරීමට එය බෙහෙවින් ඉවහල් වීම හරහා යහපාලනය 2015 බලය ලැබීමෙන් පසු පවත්වන පළමු මැතිවරණය වන පළාත් පාලන මැතිවරණයේදී දරුණු පරාජයකට එජාපය අද දමනවා එදා ආණ්ඩුව නියෝජනය කල ජනාධිපතිවරයා ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම බැදුම්කරය සම්බන්ධයෙන් එජාපය වෙත අත දිගුකරමින් චෝදනා කරනවා අවසානයේ යහපාලනය ජනතාවට වහ පාලනයක් බවට පත්කරනවා එම ආණ්ඩුවේ සිටිමින් සියලු වරදාන වරප්‍රසාද බුක්ති විදිමින් තමයි මේ සියලු දෙනා යහපාලනයට එරෙහි වන්නේ වීම විශේෂත්වයක්

විශේෂ්යෙන්ම එදා ආණ්ඩු ආණ්ඩු පක්ෂය නියෝජනය කළ එස් බී දිසානායක දයාසිරි ජයසේකර ඇතුළු මන්ත්‍රීවරුන් සිදුකළ සිදු කළ ඇතැම් ප්‍රකාශ යහපාලන ආණ්ඩුවේ පැවැත්මට දැඩි ලෙස බලපෑම් සිදු කළා මේ නිසා යහපාලන ආණ්ඩුව සහ ආණ්ඩුව තුළ එකිනෙකා අතර අවබෝධයක් සහ ඇති වෙන ආකාරයේ කටයුතු සිදු වෛරයක්බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් එවකට අග්‍රාමාත්‍ය ව සිටි රනිල් වික්‍රමසිංහ මහතා වෙත එදා කැබිනට් මණ්ඩලය නියෝජනය කරමින් එදා කැබිනට් මණ්ඩලයේ සිටි බොහෝ ඇමතිවරු ඔහුට එරෙහිව දැඩි චෝදනා එල්ල කළා එමෙන්ම මහ බැංකු බැදුම්කර සම්බන්ධයෙන් එම චෝදනාවන් කල ශ්‍රීලනිප යෙද බොහෝ දෙනෙකු බැදුම්කර වංචා කරුවන්ගෙන් මුදල් ලබාගත් බවට සදහන් වුනා

මේ සියලු කරනා තුලින් ජනතාවට තේරුම්ගැනීමට බොහෝ කරුණු ඉතිරි කළා බලය වෙනුවෙන් ඕනෑම කතවක් තළුමරා කියන්නට දිව නැමෙන මෙම අවස්ථාවාදී පාලකයන් අද තනතුරු අහේනියකින් පෙළෙනවා කැබිනට් අමාත්‍ය දුරයන් වෙනුවට වැඩක් කල නොහැකි තත්වයේ රාජ්‍ය අමාත්‍ය දුරයන් ලැබී තිබෙනවා එදා සිංහයන් සේ හඩ නැගු මෙම පාර්ශවයන් අද නිහඩ වෙලා පක්ෂය තුලින්ම දැඩි චෝදනා එනවා මේවා තමන් කල දිට්ට ධම්ම වේදනීය කරුම බවට අදහසක් තිබෙනවා

කෙසේ වෙතත් මෙවර කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමේදී ප්‍රධාන නිර්ණායකයක් වන්නේ 2015 දී මහින්ද රාජපක්ෂ මහතා තනි නොකළ කණ්ඩායමට අවස්ථාව දීඑම සිදුව තිබෙනවා එහි කිසිම වරදක් නොමැති බව දේශපාලන නිරීක්ෂකයන්ගේ අදහසක් වෙනවා එදා 2015 මෙම කණ්ඩායම් මහින්ද සමග නොසිටින්නට අද පොදුජන පෙරමුණට ආණ්ඩුවක් නැහැ අද ඇමතිකම් වලට සිත් අමනාපයක් තිබෙන කණ්ඩායම් එදා යහ පාලනයේ සිටිමින් මහින්ද රාජපක්ෂ මහතාට සහ ඒකාබද්ධ විපක්ෂයට නොයෙකුත් චෝදනා කරනවා පාර්ලිමේන්තුවේ උසුළු විසුළු කරනවා දේශපාලන සංවාද වලදී පැවති පාලනයේ රාජපක්ෂ කදවුර කල කී දේවල් වලින් පහර දෙනවා මේ සියල්ලෙන් පන්නරය ලබන ඒකාබද්ධය පෙරලා පහර දෙමින් ජනතා මතය ඔවුන් වෙත යොමු කරගන්නවා අවසන් මොහොතේ ආණ්ඩුවේ ගොඩට නැතිනම් මහින්ද රාජපක්ෂ මහතාගේ ගොඩට පනිමින් එහි වීරයන් වීමට උත්සහ කරනවා අද ඔවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වශයෙන් පිරිසක් කටයුතු කරනවා

මේක දේශපාලනයේ හැටි හරි පැත්තේ හිටගන්නේ නැතිව එහෙට මෙහෙට පනිමින් ජනතා මතය මංකොල්ල කමින් ජනතාවට කප්පරක් බොරු කියමි මෙම ශ්‍රීලනිප කණ්ඩායම් අද දේශපාලනයේ අනාථයන් බවට පත්වෙලා ඩාලි පාරේ ශ්‍රීලනිප පක්ෂ මුලස්ථානය පමණක් ආරක්ෂා කල මෙම කණ්ඩායම් අද තනතුරු පිලිබදව අදහස් පලකරනවා මෙය දේශපාලනයේ තවත් පිම්මක පෙරනිමිති පහල වීමක් ද යන්න ඉදිරියේදී කයන්න පුළුවන් කෙසේ වෙතත් ජනතාව මෙම පනින රිලවුන්ට හොද පිළිතුරක් ඉදිරියේදී ලබාදෙනු ඇති බවට විශවාසයක් ජනතාව තුල ගොඩනගීම ජනතා ජයග්‍රහණයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *