යුධ හමුදා හිටපු සෙබලා අඩි 80ක ගහක   මරාන්තික උපවාසයක් අරබයි!

හිඟ වැටුප් ඉල්ලා ඌරගස්මංහන්දිය සොහොන හන්දිය ප්‍රදේශයේ

ශ්‍රි ලංකා යුධ හමුදාවේ, හිටපු යුධ හමුදා සෙබළෙකු හිඟ වැටුප් ඉල්ලා ඌරගස්මංහන්දිය සොහොන හන්දිය ප්‍රදේශයේ ගසක නැග උපවාසයක යෙදී සිටී. උපවාසයේ නිරතව සිටින්නේ ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ 10 වන බල ඇණියට අනුයුක්තව සේවයේ යෙදී සිටිය බැව් කියන, ඌරගස්මංහන්දිය කයිලත්ත පදිංචි ඩී.කේ. නන්දසේන (54) නැමති තිදරු පියෙකි.

සාමාන්‍ය සෙබළ අංක 91662 නන්දසේන ඩී.කේ. ලෙසින් යුධ හමුදා ලේඛන වල සටහන්ව ඇති ඔහුගේ වසර කිහිපයක වැටුප් එම රෙජිමේන්තු අංකයම යොදා රාජපක්ෂ ආර්.එම්.කේ. නැමති අයෙකුගේ නමක් භාවිතා කරමින් වැටුප් අංශයේ නිලධාරීන් වංචනික ලෙස ලබාගෙන ඇතැයි උපවාසකරු පවසයි.

මින් පෙර ද අවස්ථා කිහිපයකදී ඔහු ගස් මත නැඟ උපවාස කළද ප්‍රාදේශීය දේශපාලඥයින්ගේ ඉල්ලීම මත උපවාසය අත්හැරියේය.නමුත්, අද මේවන විට මේ සෙබලා මේ වන විට මරාන්තික උපවාසයක නිරත වෙමින් සිටිති.

අඩි 80ක් පමණ උසැති ඇකේෂියා ගසක නැග උපවාසයේ නිරත හිටපු යුධ හමුදා සෙබළා ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍ය වරයා මඟින් යුධ හමුදා වැටුප් හා ලේඛන අංශයෙන් ලිඛිත පොරොන්දුවක් ලැබෙනතුරු මාරාන්තික උපවාසය අත්නොහරින බව කියයි.

මේ ආකාරයට යම් සංවිධානගත පිරිසක්  මෙයට පෙර ද  කිහිප අවස්ථාවක දීම මේ ආකාරයට ව්‍යාජ නම් යොදා අසරණ අහිංසක සෙබලුන්ගේ වැටුප් කොල්ල කෑමේ සිද්ධි රැසක් වාර්තා වි ඇතිබව කියන නන්දසේන මහතා මේය සම්බන්ධයෙන් විදිමත් පරික්ෂණයක් ද ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *