මුගටියන් සමගින් ලෝව පළමු වරට යුද හමුදාව මත්ද්‍රව්‍ය මැඩීමට එක්වෙයි

ලෝකයේ වෙනත් ස්ථානයක මෙවැනි ව්‍යාපෘතියක් කළ බවට සාක්ෂියක් හමුවී නැත

මුගටියන් – ශ්‍රී ලංකා යුද හමුදාවේ නව ව්‍යාපෘතියක් යටතේ මත්ද්‍රව්‍ය සොයන්නට

අළු මුගටියෙක් විද්‍යාත්මක වර්ගීකරණය

රාජධානිය:  Animalia

වංශය:        Chordata

වර්ගය:       Mammalia

ගෝත්‍රය:     Carnivora

කුලය:         Herpestidae

ගණය:        ”Herpestes”

අළු මුගටියා, Herpestes edwardsi

බොර මුගටියා, Herpestes fuscus

Egyptian mongoose, Herpestes ichneumon

වෙඩි ද්‍රව්‍ය සෙවීම සඳහා මුගටියන් – ශ්‍රී ලංකා යුද හමුදාවේ නව ව්‍යාපෘතියක්

ශ්‍රී ලාංකීය ජන සමාජය තුළ මුගටියා හඳුන්වනු ලබන්නේ විශ්වසනීය හා සටන්කාමී සතෙකු ලෙසය.

එසේම සත්ව ලෝකයේ ඉව වැඩිම සත්ව විශේෂ අතර මුගටියා ද ඉදිරියෙන් සිටී.මේ අතර වෙඩි ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ආරම්භ කරන ලද මුගටියන් පුහුණු කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ කරුණු වාර්තා වේ.

සුනඛයන්ට වඩා මුගටියන්ගේ විශේෂ දක්ෂතාවක් අපි නිරීක්ෂණය කළා. පොළොවේ ඉව කරන මට්ටමට වඩා ඉහළින් අඩි හතරක් පමණ උසින් වෙඩි ද්‍රව්‍ය හඳුනා ගන්න මුගටියන්ට පුළුවන්

වෙඩි ද්‍රව්‍ය හඳුනා ගැනීම සහ හැසිරවීම පිළිබඳ යුද හමුදාව තුළ ක්‍රියාත්මක විශේෂ බලකායකි ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය.

නියමු ව්‍යාපෘතියක් ලෙස 2017 වසරේදී ආරම්භ කරන ලද ඉහත කී ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව නිම කරන ලද බව ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය පවසයි.

සාමාන්‍යයෙන් වෙඩි ද්‍රව්‍ය සහ බිම් බෝම්බ හඳුනා ගැනීම සඳහා යොදා ගනු ලබන්නේ පුහුණු කළ සුනඛයන් ය.

එවැනි සුනඛයෙකු විදෙස් රටකින් මිලට ගැනීම සහ නඩත්තු කිරීම සඳහා අධික මුදලක් වැයවීම සහ ඒ සඳහා සුනඛයන් යොදා ගැනීමේදී මතුවන අවහිරතාවලට විකල්පයක් වශයෙන් මුගටියන් යොදා ගැනීම පිළිබඳ අවධානය යොමු වූ බව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකාය පවසයි.

“සුනඛයන්ට වඩා මුගටියන්ගේ විශේෂ දක්ෂතාවක් අපි නිරීක්ෂණය කළා. පොළොවේ ඉව කරන මට්ටමට වඩා ඉහළින් අඩි හතරක් පමණ උසින් වෙඩි ද්‍රව්‍ය හඳුනා ගන්න මුගටියන්ට පුළුවන්, ඒ වගේම පොළොව මට්ටමේ සිට සෙන්ටිමීටර තිහක් පමණ යටින් තිබෙන වෙඩි ද්‍රව්‍ය ඔවුන්ට ඉව කළ හැකි බවත් පෙනී ගියා,”යනුවෙන් නව ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් මේජර් සුපුන් හේරත් පැවසීය.

යුද හමුදාවේ නව සොයා ගැනීම්, පර්යේෂණ සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ක්‍රියාකිරීමට පිහිටුවා ඇති පර්යේෂණ විශ්ලේෂණ යෝජනා සහ සංවර්ධන ශාඛාවේ අනුමැතිය යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය සඳහා යුද හමුදා නිලධාරියෙකු සහ සෙබළුන් නව දෙනෙකු යොදවා තිබේ.

වෙඩි ද්‍රව්‍ය හඳුනා ගැනීම සඳහා මුගටින් යොදා ගන්නා පළමු රට ශ්‍රී ලංකාව විය හැකි බවට ද මේජර් සුපුන් හේරත් විශ්වාසය පළ කළේය.

“ලෝකයේ වෙනත් ස්ථානයක මෙවැනි ව්‍යාපෘතියක් කළ බවට මේ වනතෙක් ලිඛිත සාක්ෂියක් හමුවී නැහැ,”

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යාපන ඒකකය පවසන පරිදි ශ්‍රී ලංකාව තුළ මුගටි විශේෂ හතරක් දැකිය හැක.

රතු මුගටියා (හෝතම්බුවා)

අළු මුගටියා

බොර මුගටියා (දුඹුරු මුගටියා)

මහ මුගටියා

වෙඩි ද්‍රව්‍ය හඳුනා ගැනීමේ ව්‍යාපෘතිය සඳහා යොදා ගෙන ඇත්තේ රතු මුගටියන් සහ අළු මුගටියන්ය.

වෙඩි ද්‍රව්‍ය සොයා ගැනීමේදී වියලි කලාපයට අවේනික දුඹුරු මුගටියන් “විශේෂ දක්ෂතාවක්” දක්වන බවක් නිරීක්ෂණය වූයේ යයි අදාළ ව්‍යාපෘතිය භාරව කටයුතු කරන කණ්ඩායම පවසයි.

One thought on “මුගටියන් සමගින් ලෝව පළමු වරට යුද හමුදාව මත්ද්‍රව්‍ය මැඩීමට එක්වෙයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *