සාලිස් වසරක කලා ජීවිතයේ රත්න ශ්‍රී සලකුණ

අප වෙබ් අඩවිය තබන කෙටි සටහන

ගාල්ල දිස්ත්‍රික්කයේ හද්දා පිටිසර ගම්දනව් වක ඉපිද මෙරට කලා කාමී රසික හදවත් තුළ සාහිත්‍ය ධරයෙකු ලෙසත් ගීපද රචකයෙකු ලෙසත් රත්න ශ්‍රී විජේසිංහ ශුරීන් සිය සලකුණ තබා අවසන්ය. ගා /තෙල්ලඹුර දුටුගැමුණු විදු පියසින් අධ්‍යාපනය හදාරා පසුව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් සිය පාසල් ජීවිතය හමාර කරන රත්න ශ්‍රී විජේසිංහ ශුරීන් පසුව පේරාදෙණිය සරසවියෙන් උපාධිය ලබා නැවත ගම් දනව්වට ගොඩ බසින  ලදී. රත්න ශ්‍රී විජේසිංහ ශුරීන් ගුරුවරයෙකු ලෙස පත්වීම ලබා නැවුන්ගල කනිෂ්ඨ විද්‍යාලයේ සිසු දරුවන් සදහා සිප් සතර ලබා දෙන ලදී. දේශපාලන වශයෙන් නව ලිබරල්වාදී ප්‍රගතිශීලී කදවුර නියෝජනය කිරීමේ ප්‍රථිපලයක් ලෙස 1977 වර්ෂයේදී බලයට පත්වන එක්සත් ජාතික පක්ෂ රජය සමයේ දී එතුමාට මොණරාගල ප්‍රදේශයට ස්ථාන මාරුවක් හිමිවන අතර එම ස්ථාන මාරුව තුළින් සිදුවන්නේ වඩාත් තීවුර පනරයක් සහිත සාහිත්‍ය ධරයෙකු රටට දායාද වීමක් ය.

පසුව 1994 දී පොදුජන එකසත් පෙරමුණ ප්‍රමුඛ ප්‍රගතිශීලී කදවුර ජයග්‍රහණය කිරීමෙන් පසු දකුණේ ප්‍රගතිශීලී නායකත්වය වූ අමරසිරි දොඩංගොඩ මැතිතුමන් සමග එකතුව කටයුතු කිරීමේ ප්‍රතිපලයක් ලෙසින් එදා ඔහුට අමාත්‍ය තුමන්ගේ මාධ්‍ය ලේකම් දූරය හිමිවන ලදී. එතුමා මාධ්‍ය ලේකම් දුරයකට කොටුවීමක් තුළන් සාහිත්‍ය කලාව වෙනුවෙන් කරන කැපකිරීම අල්ප විය පසුව එතුමා දේශපාලන කටයුතු වලින් ඈත්ව සාහිත්‍ය නිරමාණ සදහා සිය කාලය කැප කරණ ලදී. කෙසේ හෝ එතුමාගේ ඒ තෝරාගැනීම හුදෙක් සාහිත්‍ය රසයට ආදරය කරන මිනිසුට මහත් අස්වැසිල්ලක් වන ලදී.

එදා සිට 65 වසරක ජීවන ගමනේ මෙන්ම සාලිස් වසරක කලා ජීවිතයේ බැසීම් නැගිටීම් මතින් ඉදිරියට යන රත්න ශ්‍රී විජේසිංහ ශුරීන් මෙරට සාහිත්‍ය ශේස්ත්‍රයට සිදුකල සේවය අති මහත්ය. කෙතරම් බාධක මැද සිටියද තම තෙලිතුඩින් ලියැවෙන් මියුරු පදවැල් එකට මුසුකර රටක් ජාතියක් සමවදින ගීත සමුචියක් ජනගත කරන්ට රත්න ශ්‍රී විජේසිංහ ශුරීන් සමත්ව ඇත. අවසන් වශයෙන් කිය යුතු දෙයක් ඇත. ඒ දකුණට ,ගාල්ලට ,යක්කලමුල්ලට ,තෙල්ලඹුරයට ,උඩුමලගලට  මහත් ආඩම්බරයෙන් කිව හැකි මිනිසා ඔබයි.  දිවියේ 65 වන දිවියට පා තබන ඔබට චිරං ජයතු ගුරු පියාණෙනි.

ප්‍රවීන ගීත රචක රත්න ශ්‍රී විජේසිංහ ශූරින්ගේ 65 වන ජන්ම දිනය හා නිර්මාණ දිවියට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ගාල්ල, සංහිද පර්ෂදය විසින් සංවිධානය කරන ලද ‘සුදු නෙළුම‘ සාහිත්‍ය කලා මංගල්‍යය 2018 ජුනි 02 දා ගාල්ල හෝල් ඩී. ගෝල් ශාලාවේ දී මහත් හරසරින් පැවැත්විනි.

දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා සමගින් නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු මහජන නියෝජිතයන් ද මහාචාර්ය සුනිල් ආරියරත්න, ආචාර්ය ඩබ්.ඒ. අබේසිංහ, මහින්ද චන්ද්‍රසේකර මහත්වරු ඇතුළු සම්භාවනීය විශාල පිරිසක් එක්වූහ. ආචාර්ය නන්දා මාලනී, විශාරද සුනිල් එදිරිසිංහ, කරුණාරත්න දිවුල්ගනේ, ජානක වික්‍රමසිංහ, චන්දන ලියනාරච්චි ප්‍රසාංගික ගායනා ඉදිරිපත් කළ හ. රත්න ශ්‍රී විජේසිංහයන්ගේ නිර්මාණ ඇගයීම හා සාහිත්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින්ට තිළිණ ප්‍රදානය ද මෙදින සිදු කෙරිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *